හල්දුම්මුල්ල,කොස්ලන්ද,මීරියබැද්දේ ඛේදවාචකයෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (31) ඒ ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.
හල්දුම්මුල්ල කොස්ලන්ද මහා විද්‍යාලයයේ අවතැන් කදවුරේ නේවාසිකයින් සිකුරාදා (31)පෙරවරු 9 ට හමුවන විපක්ෂ නායක අනතුරුව මහ විපත සිදුවු මීරීයබැද්දේ සංචාරය කිරීමට ද නියමිතය.
එජාප නියෝජ්‍ය ජාතික සංවිධායක සහ ඌව පළාතේ විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු,එක්සත් නායකත්ව මණ්ඩල නායක සභික රුවන් විජයවර්ධන යන මහත්වරුන් ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයෝ රැසක් එක් වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බට ලන්දේ මොන තරම් බැරල්වල හැංගුනාද? දෙයියෝ සාක්කි. (නදී)
ඔබතුමා හැමදාම ප්‍රමාදයිනේ! (නි)
බොහොම හොඳයි (නි)
ඔබ නියම නායකයෙක්. (නි)
සොයාබලා කරන්න පුලුවන් උපරිමයෙන් උදවු කරන්න (නි)
අපි එයාලා කරන දේවලුත් බලමුකෝ! (නි)
හරිම පරක්කුයි නේ. ජනපති යනතුරු විපක්ෂය බුදිද? (නදී)
තමන්ගේ වාසියට තමා(අ)
සජිත් මහත්තයා එන්නේ නැද්ද අපිව බලන්න. හපුතලේ ජනතාව අසරණයි. ජනතාවට රැකවරණය අවශ්‍ය වෙලාවක් මේක. (ර)
ඇයි පරක්කු? (ර)
සංචාරය කිරීමට නියමිතය... ජනවාරි විතර වෙයි යනකොට. (ර)
බන්දු,හරේන් ඊට කලින් ගිය බව එසැන පුවත් වල තිබෙන වීඩියෝවෙන් බලාගන්න පුළුවන්. එතුමා නායකතුමාත් එක්ක යන්නේ දෙවන වතාවට. හැබැයි ඊයේ පෙරේද පත්වෙච්ච මහා ඇමතිතුමා ගිය බවක් නම් ආරංචි නැහැ.(අ)
දැන් කව්රු බැලුවත් ඒ මිනිස්සුන්ට වෙන සෙතක් නැහැ. පව් අසරණ මිනිස්සු. (ර)
රනිල් බටලන්දට යයි. (ර)
නිශාන්ත, ඔයා බටලන්ද තියන තැනවත් දන්නවද දන්නෙ නැහැ. විපක්ෂ නායකතුමාට එතනට යන්න බැරිද? (ර)
මේ පක්ෂ බේද හෝ තම තමන්ගේ ලකුණු ගැන හිතන්න වෙලාවක් නෙමෙයි. අපිට පුළුවන් විදියට ඒ අසරණ අයට පිහිටවීමයි විය යුත්තේ (නි)
එතුමා ගියා කියලා කොරන දෙයක් නැහැ. අනික හරින් වැඩි ඡන්ද ගානක් අරගෙනත් නායකතුමාත් එක්ක යන්නම බලං හිටිය වගේනේ. පළාතේ ජනතාවගේ දුක බලන්න යන්න තිබුණනේ. (ර)
පරිසරය සුරකිමු. රනිල් මහත්තයා මේ මිනිසුන් බලන්න යන එක හොඳයි. (ර)
බන්දු,ඔයා කියන්න කලින් හරීන් මහත්තයා සිද්ධිය වුණ දවසේ ඉඳලම එතන තමයි සහන වැඩ වලට උදව් කර කර හිටියේ (නි)
ප්‍රවේශමෙන් මහත්තයෝ, ඔය පැති බොහොම අවදානම් (නි)
මෙහෙ නායකයෙක් සිටින එකත් අපිට ලොකු හයියක් (නි)