IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රනිල් කජු කෑවා වගේ මිනිස්සු ලුණු කන්නේ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රනිල් කජු කෑවා වගේ මිනිස්සු ලුණු කන්නේ නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව  සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අද කතා කරන්නේ වාහන ආනයනය ගැන.නමුත් විපක්ෂය ලුණු ආනයනය ගැන කතා කරන්න පටන් අරගෙන.හොයලා බලනකොට පවතින දේට වැඩි දෙයක් විපක්ෂය සහ මාධ්‍ය කීපයක් විසින් මතු කර පෙන්වනවා.අප ඉදිරිපත් කර තිබෙන වාහන ආනයන ගැසට් නිවේදන ගැන විපක්ෂයට කිසිම විරෝධයක් නෑ . 

ලුණු ප්‍රශ්නය පැන නැගුණේ දෙසැම්බර් මාසයේ සිට .ලුණු හදනවා කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක්.එහෙම නැතුව මාලිමා ආණ්ඩුව ආපු නිසා ලුණු නැති වුනා නෙමෙයි.අව්ව සුළඟ යන දෙකම හරියට තියෙන්න ඕන.සාමාන්‍යයෙන් ලුණු හැ⁣දෙන්න මාස හතක් යනවා.ඒ වගේම ස්වභාවික තත්වයන්ද යහපත් විය යුතුයි.දෙසැම්බර් මාසෙදිම ලුණු ගේන්න තීරණය කළේ ඒක නිසා තමයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (13)

රනිල් කජු කෑවා වගේ මිනිස්සු ලුණු කන්නේ නෑ

Cham Thursday, 22 May 2025 03:22 PM

ලුණු නැති එකම රට ලංකාව වෙන්න ඇති. akd වෙල්ඩන්...

:       3       17

vernon Thursday, 22 May 2025 03:25 PM

දැන් මෙතන කියනවානේ... දෙසැම්බර් මාසේ ලුණු ගේන්න තීරණය කරා කියලා. එතකොට ඒ ගෙනාපු ලුණු කොහේ හරි තියෙන්න ඕනෑනේ. ඉතින් ඒ ලුණු තොග හොයාගන්න බැරිද?

:       0       15

සමන් - ඕමානයFriday, 23 May 2025 02:38 PM

හඳුන් කියනවා ලුණු හැදෙන්න මාස හතක් යනවා කියලා. ඒක ඇත්ත නම්, ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවෙයි කියලා පුරෝකථනයක් කරගන්න බැරිවුනේ ඇයි? අපිට මතකයි මෙයා ලොකු කයියක් දෙනවා. ආයේ පිටරටින් ලුණු ගෙන්වන්නේ නෑ කියලා. ජනතාවට ඒ බවට සහතිකයකුත් දුන්නා. දෙසැම්බරේ දී දැනගත්තා නම්, ඔය ලොකු කයිය දුන්නේ, කෙබර ඇද බෑම ජෙප්පන්ගේ ඇඟේම තියන දෙයක් නිසා නේද? අනේ නොදකින්, බැරි නම් දාලා යන එකයි ඇත්තේ, තව තව පීචං වෙන්නේ නැතිව...

:       0       3

ගමේ එකාලා Thursday, 22 May 2025 03:29 PM

කජු කෑවා විතරක් නොවෙයි, මහ බැන්කුවත් හොරා කෑවා.

:       16       10

pjFriday, 23 May 2025 05:17 AM

හොරා කෑවා නම් නීතිමය පියවර ගන්නෙ නැත්තෙ ඒ ගැනවත් දැනුමක් නැති නිසා ද.. මේ වගේ අය උපදින්නෙ වැරදිල බලු තාත්තලගෙන්...

:       0       5

Kamal Koyrala Thursday, 22 May 2025 03:47 PM

උපන් දා ඉඩම්" කියන කතාව තමා මාධ්‍ය භාවිතය. දැන් 5/6ක් සමඟ රාජ්‍ය මාධ්‍ය මොකද කරන්නේ? මාෆියා හදාගෙන පාලකයන් එලවනවා.

:       3       6

So Sad Thursday, 22 May 2025 03:48 PM

මුන්ට බිත්තර දාන්නත් කාලයක් යනවා, ලුණු හදන්නත් කාලයක් යනවා. තව හරියට ඊට කලින් ඒවා හදන එක නැවතිලා තිබිලා , මුන් ඇවිත් පටන් ගත්ත වගේ. ආපු දවසේ ඉඳන්ම කියවන්නේ රනිල්ගේ කජ්ජ ගැන. දැන්වත් කයිය නවත්තලා වැඩක් කරන්න . නැත්නම් පච වලටම තමුසේලාගේ අවුරුදු පහ ඉවර වෙලා යයි.

:       6       30

Nandana Thursday, 22 May 2025 06:21 PM

යන්න සුනිලෝ යන්න... කජුයි, ලුණුයි... අතරේ තියන සම්බන්ධය කියන්නකෝ... පච මරුවෝ...

:       3       12

ගුණරත්න Thursday, 22 May 2025 07:09 PM

එහෙම නොකෑවා වුනත් ලුණු හිඟයක් තියෙනවා කියන්නේ අර්බුදයක් නොවෙයිද? මේ ඇමතිලා මොක්කුද ඇත්තටම? බලය ලැබුනම මොලේ ක්ෂීණ වෙලා ගිහින් වගේ.

:       0       6

රුවන් Thursday, 22 May 2025 07:39 PM

මහින්ද රාජපක්ෂ ලුණු ගෙන්වා ආ, මතක නෑ. චන්ද්‍රිකා ලුණු ගෙන්වා ආ, මතක නෑ, මෛත්‍රී ලුණු ගෙන්වා ආ මතක නෑ, අඩුම ලංකාවේ අයට කිසිම මතයක් නෑ.

:       3       1

Saman Thursday, 22 May 2025 11:29 PM

ඇයි සීයා ඔච්චර කජු කෑවා නම් විමර්ශනයක් කරන්නකෝ .කරලා බිල් ටික එහෙම එලියට දාන්නකෝ .ඔයාලාගේනේ ආණ්ඩුව .නිකන් පච දොඩවන්නේ

:       0       6

NASAR Friday, 23 May 2025 05:24 AM

මෝඩ හදුනෝ, කජු වලයි ලුණු වලයි වෙනස තේරුම් ගන්න බෑරි මෝඩ මූසලයෙක්!

:       0       6

Dayasena Friday, 23 May 2025 12:59 PM

මම රනිල්ට කැමතිම නැහැ. ඒත් රනිල්ට කජු කෑවා වගේ කියමින් අපහාස කිරීම ජාති ජාතීත් විපාක ලැබෙන්න පුලුවන් වේවි මොකද ඔය කජු ඔහුම කෑවේ නැහැනේ ඊළගට 2025.02.04 නිදහස් දිනයේ උමා ඔයෙන් ආපු ඇත්තා කජු කනවා ලෝකයම බලා හිටියා ඒවා අමතක කර ඔහොම කියන්න එපා සදුන්.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site