අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රීලංකා අගමැති ලබන 6-9 දිනයන් හි චීනයේ නිල සංචාරයක යෙදෙන බව චීන විදේශ අමාත්‍යංශය කියයි.
චීන අග්‍රාමාත්‍ය ලී කොං චාන් ගේ ආරාධනයක් අනුව ශ්‍රීලංකා අග්‍රාමාත්‍යවරයා චීනයට යයි. දෙරට අතර ද්වීපාර්ශවික සාකච්ඡා සහ පොදුවේ අවධානය යොමු කළ යුතු කරුණු රැසක් පිළිබඳ නායකයින් අතර සාකච්ඡා කෙරෙනු ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක හොං ලෙයි මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
චීනය සම්බන්ධයෙන් ශ්‍රීලංකා රජයේ ප්‍රතිපත්තිය යළි ධනාත්මක ස්භාවයක් ගෙන ඇති අතර අතීතයේ සිට පවතින මිත්‍රත්වය වර්ධනය කර ගැනිම සඳහා මෙම සංචාරය වැදගත් වනු ඇති බව ඔහු කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණයක් ගන්න වෙන්න ඇති.(හේ)
චීනෙට බැනලා ආයෙත් චිනේටම වඳින්න වුණා නේද? (නි)
චීනෙට පාර්ට් දැම්මට අන්තිමට චීනා තමයි අපිට කියක් හරි දෙන්න ඉන්නේ. ෂුවර් එකට සමාවගන්න යනවා ඇති. ඡන්දෙට කලින් බයිලා කියනවා ,ඊට පස්සේ පස්සෙන් යනවා (බ)
එතකොට දැන් චීනය හොඳයිද? (නි)
කෝ ඔබතුමා මවනවා කී යුරෝපය? බොරු කියලා තවත් අපිව රවට්ටන්න එපා. (නි)
නැහැ නීල්, එයාලට රැකියා දසලක්ෂයක් දෙන හැටි කියලා දෙන්න වෙන්න ඇති (නි)