අනුරාග් බාසු විසින් අධ්‍යක්ෂණය කරන 'ජග්ගා ජාසස්' චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් කටයුතු පසුගිය මැයි 13 වැනිදා මොරොක්කෝවේදී සිදුකෙරිණි. මෙහි අවසන් වරට රූපගත කරනු ලැබුවේ මෙම චිත්‍රපටයේ එන එක්තරා ගීතයක් බව සඳහන් වන අතර, එම ගීතයේ රූපගත කිරීමත් සමග මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු සියල්ලම නිමාවූ බව චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අනුරාග් 'කෝයි මෝයි' වෙබ් අඩවියට පවසා ඇත.
අනුරාග් මෙසේ තොරතුරු මාධ්‍යයට පැවසීමත් සමග බොහෝදෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වූයේ රන්බීර් මෙන්ම කත්‍රිනාගේද අවසන් හමුව මෙයද යන්නය. කෙසේ වෙතත්, චිත්‍රපට අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ මේ වසරේ අගෝස්තු අවසන් සතියේදී 'ජග්ගා ජාසස්' චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති හෙයින් බොහෝ දුරට ඔවුන් දෙදෙනා ඉදිරියේදී මෙහි ප්‍රචාරක කටයුතු සඳහාද එක්වනු ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd