නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් වරියට දුරකථනයෙන් බැන වැදුණු බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සේවක සේවිකාවෝ සේවයෙන් බැහැර වී ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (30) විරෝධතාවක නිරත වුහ.
මෙම විරෝධතාවයට ගම්පහ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්,ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි රන්ජන් ඉවත් කරලා මර්වින් නැවත පත්කළොත් නරකද? එහෙම නැත්නම් වෙන හොඳ කෙනෙක් යෝජනා කරන්න. (නි)
යහපාලනය නිසා කට්ටියට නිදහස ලැබිලා විරෝධතා දක්වන්න. පසුගිය රජයෙන් වතුර ඉල්ලලා ලැබුන දේ දැක්කනේ! (නි)
අපි නොදන්නා ශ්‍රි ලංකාවේ ප්‍රාදේශීය ලේකම්ලා! (නි)
බැන වැදීමට විරෝධතා දක්වන, ගස් බඳිනවිට සද්දනැති කාර්යකෂම රාජ්‍ය සේවකයෝ (ම)
මට වුණ දෙයක් කියන්නම් උදාහරණයක් විදියට. මම ගියා ආණ්ඩුවේ කාර්යාලයකට වැඩක් කරගන්න. මට එළියට වෙලා ඉන්න කියලා ඒ නෝනා සාරි වගයක් බල බලා හිටියා තව කීප දෙනෙක් එක්ක එකතුවෙලා. මම එළියේ පැයකටත් වඩා බලා ඉඳලා බැරිම තැන ගිහින් ඇහුවම කිව්වා මේවා හදිස්සියේ කරන්න පුළුවන් දේවල් නොවෙයි, ටිකක් ඉන්න බැරි නම් ගිහින් හෙට එන්න කියලා. (නි)
මෙතන දෙපැත්තක් තියෙනවා. රාජ්‍ය සේවය කාර්යක්ෂම නැති නිසා තමා ප්‍රාදේශීය ලේකම්වරිය ඇමතිට කිව්වේ, ප්‍රශ්නයක් තියෙනවා නම් ලිපියකින් එය දන්වන්න කියලා. ප්‍රායෝගිකව වර්තමානයට ඒ ක්‍රමය ටිකක් මදි. බැනවැදුණු සිද්ධිය අනුමත කරන්නත් අපහසුයි. දැන් මෙතන වෙලා තියෙන්නේ අඬන්න ඉන්න මිනිහගේ ඇහැට ඇඟිල්ලෙන් අැන්නා වගේ වැඩක්. (නි)
සමහර උදවිය රන්ජන් මහතාගේ සිද්ධිය සාධාරනිකරණය කරන්න උත්සාහ කරනවා. හරි කණගාටුයි. රාජ්‍ය නිලධාරියෙක් කියන්නේ ඡන්දෙන් පත්වෙච්ච තාවකාලික පාලකයෙක් නෙමෙයි. නමුත් අපේ රටේ අවාසනාවකට නූගත් දේශපාලුවෝ උසස් නිලධාරින්ව හෑල්ලුවට ලක්කරනවා. අනික මමත් මේ සිද්ධිය රූපවාහිනියෙන් දැක්කා. බොහොම නින්දිතයි (නි)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිපුරම මනාප ගත්ත පුද්ගලයට ගම්පහින්ම ලැබෙන ප්‍රතිචාරය (ම)
රජයේ සේවකයන්ට නිකරුනේ කාලය කන්න තියෙනවනම් වෙන වැඩක් නැහැ. කාර්යකෂම රාජ්‍ය සේවයක් පිහිට වීම වර්තමාන රජයේ වගකීමක්. එහෙම නැතනම් ඒ ආයතන පුද්ගලීකරණය කරන්න.(ම)
රන්ජන්ගේ කතාකිරීමේ විලාශයේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒත් ඔහුට එහෙම කතාකරන්න වුණේ ඔය කියන රාජ්‍ය නිලධාරිනිය තමන්ගේ රාජකාරිය සහ වගකීම ඉටුනොකළ නිසා නේද? ඇමතිවරයෙකුගේ ටෙලිෆෝන් එකට උත්තර දීපු විලාශයෙන්ම තේරෙනවා මේ නිලධාරිනිය සාමාන්‍ය ජනයාගේ ප්‍රශ්නවලට සළකන විදිය. රන්ජන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පෙර මේ නිලධාරිනිය තමන්ගේ රාජකාරිය හරියට නොකිරීම ගැන නේද පරීක්ෂණයක් පැවැත්විය යුත්තේ? (නි)
කෝල් එකක් නිසා රටේ දහස් ගානක් ජනතාව රස්තියාදුවේ! (නි)
සිසිර පැරිස්, ඔබතුමා මේ සිද්ධිය රූපවාහිනියෙන් දැක්කනේ. අපි එය සැබවින්ම දැක්ක. ඒ නිසා නින්දිතයි, කුජීතයි කියන්න කලින් පැරීසියේ ඉඩමක පස් කපල බලන්නකෝ මොකද වෙන්නේ කියල. (බ)
රාජ්‍ය නිලධාරීන් හිතන් ඉන්නේ ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා. 90% ක් රාජ්‍ය නිලධාරීන් මහජනයාට සේවය කරන්නේ අල්ලස් අරගෙන මිසක් නිකම් නම් නෙවෙයි . ඉතින් රජයත් එයාලට තමය් පඩි වැඩි කරන්නේ . ඔය හැම රාජ්‍ය ආයතනයක්ම පෞද්ගලීකරණය කරන්න ඕනේ හැම එකාම පත් වෙන්නෙත් දේශපාලකයට පන්දම් අල්ලලා (බ)
මෙතන රන්ජන් නිලධාරීන්ට දොස් කියනවා, නිලධාරීන් රන්ජන්ට දොස් කියනවා. කෙසේවෙතත් පහුගිය රජය කාලේ නං, මෙවැනි උද්ඝෝෂණවල් හිතන්නවත් බැහැ. මතකද මේ දිස්ත්‍රික්කයේ තමයි රජයේ නිලධාරිවරයක් පහුගිය රජයේ මැර ඇමති විසින් ගස් බන්දපු සිද්ධිය.(බ)
කාට වුණත් ස්ව අභිමානයක් තියෙනවා..මිනිස්සු ඉස්සර එක නැති වුනාම කාට වුනත් වේදනාවක් ඇති වෙනවා..රටක් ඉස්සරහ එ්ක වුනාම කොහොම ඇතිද? මේකේ ඒක හරි කියන අයගෙන් අහන්න තියෙන්නේ තමන්ට ඒවගේ කව්රු හරි බැන්නොත් මොකද කරන්නේ කියල තමයි..(බ)
අර ගස් බඳින කාලෙත් මේ වගේ උද්ගෝෂණ තිබුනද ? මොන වැරදි තිබුනත් යහපාලනය කලින් තිබ්බ මැර පාලනයට වඩා දාහකින් හොදයි ...(බ)
දැන් යකෝ අර පස් කපපු එක ගැන කිසිම කතාවක් නැද්ද... මුන්ව හම ගහන්න ඕනේ.. අපෙන් පඩි අරන් අපිටම කෙළවන රාජ්‍ය සේවකයෝ.. (බ)
රජන්ලා වගේ නුගත් මිනුස්සුනට ඇමති පුටු දුන්විට උගත් රාජ්‍ය නිලධාරීනට බහින්න වෙන්නේ පාරට තමයි . මේවගේ මෝඩ චුන් දාන ජෝකර්ලා( අකිල විරාජ් , ජෝන් , රන්ජන් සහ හරීන් ) අයින් කළානම් යහපාලනය ගොඩක් ලස්සන වේවි (බ)
පරිසරය විනාස කරන එවුන්ට උදව් දෙන උන්ට හොඳක් වෙන්නේ නෑ (ම)
හොර වැඩ කරන්න රාජ්‍ය සේවකයන්ට අවසර දියයුතුද? වැඩි දෙනෙක් රජයේ සේවකයෝ කම්මැලි අලසයෝ (නි)
දවසින් දවසම වේගයෙන් ඉහලම දියුණුවකට යන තවත් මේ වගේ රටක් ලෝකයේ තියේ විද? (ම)
සංජීව ඔබගේ කතාව මෙතනට අදාල නැත රන්ජන් ගේ කෙරුවාව හරිද වැරදිද කියන්න. (අ)
බණ්ඩාර හොදයි කැකිරාවටම. පොඩ්ඩක් හොයල බලන්න රන්ජන් මොකක්ද කලේ මෙම රජයේ සේවිකාව මොකක්ද කලේ කියල ජනතා නියෝජිතයෙක් ජනතාවගේ යම් ප්‍රශ්නයක් ඇහුවම ෆෝන් කට් කරලා ලොකුකමට කතා කරන එක හරිද. (ර)
හවුලේ පස් කපන කට්ටිය. (අ)
ගස්බැදපු වෙලාවේ කැලණිය කාර්යාලයේ කට්ටියෙන් බාගයක් ඔය උද්ගොෂන කලේ නැහැ අද වචනෙට ඔක්කොම පාරට බැහැල කොහොමද වැඩ. (ර)
මේක යහපාලන ආණ්ඩුවක් නම් වහාම කරන්න ඕනෑ රන්ජන්ව ආණ්ඩුවෙන් එළවන එක. තව ටික දවසක් මේ පාර්ට් මෙයා දැම්මොත් මිනිස්සු ආණ්ඩුවම ගෙදර යවනවා. (නි)
මේ යහ පාලනය ගෙදර යවල පහුගිය කාලේ හිටපු කට්ටිය ගේන්න ඕනි. එතකොට කට්ටියක් ගස් බදීවී කට්ටියක් හූල්ල හූල්ල බලා ඉදීවි. කතා කලොත් ඇඩ්රස් නැති වේවි. (ම)
රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක වෙන ආකාරය දැක්කම බැනල විතරක් මදි හැමදාම අපෙන් පගාව අරගෙන අපේ වැඩ මාස ගණන පස්සට දමමින් අපිව අමාරුවේ දමනවා , (ම)
ජනතාවගේ ප්‍රශ්න වලට නම් මෙයාල ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නේ නෑ එයාලගේ පොඩි දෙයකට පැය විසි හතරෙන් ප්‍රතිචාර.පුදුම රාජ්‍ය සේවයක් ..(බ)
මැරයන්ව එළවන්න (බ)
ආනන්ද මෝඩයෙක් වුනාට ඒ බව පෙන්නන්න යන්න එපා. ගස් බැඳපු ඒවා හින්ද තමා මිනිස්සු ඒ ආණ්ඩුව පරද කළේ. දැන් මුන් එ්කම කරන එක අපි කියන්නේ. (බ)
අමුතුවෙන් බැහැර වෙන්න දෙයක් නැහැනේ. ඇමතිකෙනෙක් කතාකරනකොටත් ෆෝන් එක කට් කරනවා නම් සාමාන්‍ය මහජනතාවට කොහොම ඇද්ද? (නි)
රාජ්‍ය සේවකයින් නිසි ලෙස රාජකාරි කරනවානම් මෙවැනි දේවල් සිදු නොවන බව මගේ හැගිමයි (ම)
සමහර දේශපාලන්‍යයන් වැඩ කරන්නේ ගැලරියේ විසිල් වලින් පෞද්ගලික ඡන්ද ගොඩ වැඩිකරගන්න. මේ දේවල් වලින් පොදුවේ රජයට විශාල හානියක් වෙනවා. ඒක පක්ෂ නායකයින් වටහා ගත යුතු කාරණයක්. (ම)
බැන්නත් පෙළපාලි යන්න නිදහස තියනවා. මෙවන් පරිසරයක් ගැන හිතල හිතට ඉමහත් නිදහසක් සහ සැහැල්ලුවක් දැනෙනවා. කටක් ඇරලා වචනයක් කියන්න බැරි කාලය ගෙන හිතල දුකක් සහ වෛරයක් දැනෙනවා. (බ)
ඔය සිද්ධිය දැකපු කට්ටියනම් කවදාවත් මේ ගොල්ලොන්ගේ පැත්ත ගන්නේ නැහැ . රන්ජන් කරන්න ගියේ ඒ පළාතේ මිනිසුන්ට උදව්වක් (බ)
රන්ජන් හරි කියල මම කියන්නේ නෑ, එ්ත් වැඩක් කර ගන්න ඔවුනට යන සාමාන්‍ය මිනිස්සුන්ට ඔයිට වඩා හින්ට් මෙයාල ගහනවා (බ)
උද්ගෝෂණය කරන උන්ව මුලිම ගෙදර යවන්ඩ ඕනේ. එක ඇමති කෙනෙක් ගේ ටෙලිෆෝනේ කොල් එකකට ඔහොම උද්ගෝෂණය කරන්ඩ බැරිවෙන්න රටේ නීති වෙනස් කළ යුතුයි. මෙම උද්ගෝෂණයෙන් පේන්නේ එකම දෙයයි. රටේ ඉන්න රාජ්‍ය සේවකයින් කොච්චර කාලකන්නිද කියන එකයි. මේකෙන් පෙන්නේ එකම දෙයයි මුන්ට වැඩකරනවට වඩා නිකන් ඉන්ඩ ඇති වුවමනාව රටට ප්‍රදර්ශනය කිරීමක්. (බ)
ඇමතිව කට් කරන මෙවැනි වැදගත් නිළධාරීන්, අහිංසක අපිට කොහොම සලකාවිද ? (බ)
මට ඉස්කෝලේදී ඉගැන්නුවේ 'තමා කව්ද, ඉන්නේ කොතනද, කරන්නේ මොකක්ද' යන්න ගැන මනා අවබෝධයෙන් කටයුතු කරන්න කියලා. (නි)