
(නිමන්ති රණසිංහ)
බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාට අවස්ථාව සලසාදුන්නැයි බන්ධනාගාර ජේලර්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය මහතා පැවසීය.
අගුණකොළපැළැස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින සිරකරුවකු වන රන්ජන් රාමනායක මහතා සමග ඡායාරූපයකට පෙනී සිටීමට මෙම අවස්ථාව සලසා දිම සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව සිදුකළ විමර්ශනයකින් පසු අමුත්තන් බැලීමේ ස්ථානය භාරව සිටි එම ජේලර්වරයාගේ වැඩ තහනම් කළ බව ද ඔහු සදහන් කළේය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) දහවල් බන්ධනාගාර මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන... මිනිහාට දුරකථන අහුවෙන්න තියන්න එපා. ආයෙත් කෝල් කරයි අරයාට..
එක රටක්.. එක නීතියක්...
මේ වැඩේ හින්දා නිලධාරියෙකුගේ වැඩ තහනම් වුණා.
පහත් තැනින් යයි ගලා ජලේ,
අනේ අපොයි එතකොට කවුද මේකේ වැරදිකාරයා. බලන අපිද.?
දුමින්ද ගහපු සෙල්ෆි වලට කාගෙවත් වැඩ තහනම් වුනේ නෑනේ...
නීතිය ගැන දන්නා අයම නීති කඩනවා නම් තව මොන කතාද?
ජේලර්වරු පගාවට ඕනෑ දෙයක් කරනවා.
එතකොට, දුරකථනය සිර මැදිරියට ගෙන ගිය මන්ත්‍රීවරයාගේ වැඩ තහනම් වෙන්නේ නැද්ද?
හොඳ වැඩේ... !!!
මෙයාලා දන්නේ ගැලරියට වැඩ කරන්න විතරයි. රටට වැදගත් කිසිම දෙයක් මෙයා කරලා තියෙනවද? රටට දැනෙන වැඩක් නොකරන කිසිම කෙනෙකුට ඡන්දය දෙන්න හොඳ නැහැ. ජනතාවගේ සල්ලිවලින් පඩි කකා ජනතාවම ගොනාට අන්දවනවා.
ලොක්කෝ වැරැදි කළාම, පොඩි අයව වැරැදි වහලා බිල්ලට දෙනවා. කැකිල්ලේ නඩු තීන්දුව තමයි ඉතින්..
තුෂාර, ඔයා වැරැදි වැඩ කරන්න එපා..
මන්ත්‍රීවරයා පොරක් වෙන්න හදනකොට අහිංසක රාජ්‍ය නිලධාරියෙක් ගෙදර...