(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු රන් බිස්කට් 99 ක් විදුලි පංකාවක් බහා ලන පෙට්ටියක් තුළ සඟවා ගෙන ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් මගියෙකු සහ ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක සේවකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ගුවන් මගියා ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ ඇති බවත් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි මොහු සිවිල් ඉංජිනේරුවරයෙකු බවත් එම නිලධාරීහු පැවසූහ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා විදුලි උපකරණ කීපයක් මිලදී ගැනීමට ගුවන් තොටුපළ තීරු බදු රහිත සංකීර්ණයේ වෙළෙඳ සැළක් වෙත ගොස් තිබෙන අතර එහිදී එහි සේවය කරමින් සිටි වෙළෙඳ සේවකයෙකුට මෙම විදුලි පංකාව අඩංගු පෙට්ටිය ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රැඳී සිටින තම හිතවතෙකු වෙත ගෙන ගොස් භාර දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
මෙම සිවිල් ඉංජිනේරුවරයා මෙම පෙට්ටිය රැගෙන ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය කරා පැමිණෙන විට ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම පෙට්ටිය තුළ රන් බිස්කට් 99 ක් සඟවා තිබූ අතර ඒවායේ මුළු බර කිලෝ ග්‍රෑම් 10 ක් බවද එම කාර්යාංශයේ නිලධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනා සහ රන් බිස්කට් තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන් තොටුපළ රේගුව වෙත භාර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු රත්තරන් ලංකාවෙන් ඉන්දියාවට පන්නනවා. සමහරු ඉන්දියාවෙන් ලංකාවට ගේනවා. දැන් ඕස්ට්‍රේලියාවෙනුත් එනවා. අනේ හොඳයි. කොහොම හරි ආනයන අපනයන අනුපාතය තුලනය වෙනවා නම් මදැයි..