( ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි අසූ අට ලක්ෂ පනස් දහසක් වටිනා රන් බිස්කට් 29 ක් , ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ තබාගෙන තල්ලු කරගෙන යෑමට ඇති ට්‍රොලියක යට පැත්තේ අලවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට වීමට සුදානම් වූ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොවුන්ගෙන් එක් අයෙකු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු වන අතර , අනෙක් පුද්ගලයා 43 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .මොවුන් ගුවන් මගින් ඩුබායි වෙත ගොස් භාණ්ඩ රැගෙන එන ව්‍යාපාරිකයෝ වෙති.
අද උදෑසන 7.30 ට පමණ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මොවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි පර්යන්ත ගොඩනැගිල්ල තුළ දී , මෙම රන් බිස්කට් මෙම ට්‍රොලියෙහි යට පැත්තේ අලවා ගෙන තිබූ බව රේගුව විසින් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ .
කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 900 ක් බර රන් බිස්කට් තිබූ බව රේගුව ප්‍රකාශ කරයි. කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සපයන ලද තොරතුරක් මත රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබිණි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා නතර කරන්න ..... එල්ලුම් ගහ........මරණ දණ්ඩනය වහාම....... ක්‍රියාත්මක කළ යුතුයි.............
මොන රටක්ද මේක... කුඩු ගංජා මත්ද්‍රව්‍ය අහු වෙනවා කෙළවරක් නැහැ... රත්තරන් අහු වෙනවා එකේ කෙලවරකුත් නැහැ... නිසි බලධාරින් මොකද මේවට සුදුසු පියවර නොගන්නේ ... එල්ලුම් ගහ හොද වැඩි... හන්දියක තියල ගල ගහල මරණ නීති ඕන ලංකාවට.. ඒ තරමට රට පිරිහිලා.. අපේ දරුවන්ට කෝ රටක් හෙට..දේශපාලුවන්ට හෙන ගහනවා සාප වෙනවා අපේ දරුවන්ට හොද රටක් ඇති නොකලොත්.. මොකද උබල අපේ ඡන්දෙන් අපි පත් කලේ අපිට වැඩ කරන්න... දෙන මොකක්ද උබල අපිට කරන්නේ......
ලංකාව තරම් නීතිය පහළට ගිය රටක් ලෝකේ කොහේවත් නැහැ. අද ජාවාරම්කාරයෝ කවුරුවත් නීතිය තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. ඩ්‍රග්ස් එනවා, ටැබ්ලට්ස් එනවා, මේවා එන්නේ මහපරිමාණයෙන්. අහුනොවී ඇතුළට එන ඒවා කොච්චර ඇත්ද? මේ දේශපාලකයෝ පගාවට යටවෙලා. මුළු රටම ඉවරයි.