නීති විරෝධී අයුරින් මෙරටට ආනයනය කළ දුම්වැටි කඩුගන්නාව, හේනාවල ආපනශාලාවක අලෙවි කරමින් සිටි එහි හිමිකරු හා රන් අබරණ වෙළඳසළක සේවකයකුද අද (10) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
උපාය දූතයෙකු ලෙස යොදවා දුම්වැටි පැකට් දෙකක් සමග ආපන ශාලා හිමිකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ආපනශාලා හිමිකරුට පිළිමතලාව රන් ආභරණ වෙළඳසළකින් මෙම දුම්වැටි ලබා දෙන බව අනාවරණය කරගැනීමට පොලිසිය සමත් විය.
තවත් දුම්වැටි තොග ඇත්දැයි සොයා පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම වටිනවා ඇති මේ රත්තරන් දුම්වැටි! රන්බඩු කඩේ, සිගරැට් විකුණුවේ "සයිඩ්" ජොබ් එකක් හැටියට වෙන්නත් පුළුවන්.... (නි)
කොච්චර ඇල්ලුවත් මිනිස්සු කරන්නේම නීතිවිරෝධී වැඩමයි (නි)