රුපියල් කෝටි එක හමාරක් වටිනා රත්තරන් බිස්කට් තිස් එකක් සපත්තු පතුලේ සහ ඉනෙහි සගවාගෙන සාජා සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු කොලඹ කොම්පඤ්ඤ විදියේ පදිංචි 40 හැවිරිදි දුරකතන උපාංග ව්‍යාපාරිකයෙකි.
අත් අඩංගුවට ගනු ලැබු රන් බිස්කට් වල බර ග්‍රෑම් තුන්දහස් එකසීයකි.
රන් බිස්කට් 16 ක් ඔහු පැළඳි සපත්තු ඇතුලේද, තවත් රන් බිස්කට් 15 ක් ඔහු ඇඳි කලිසමෙහි ඉන වාටියෙහිද සගවා තිබු බව රේගුව කියයි.
නියෝජ්‍ය රේගු අධිකාරි නිශාන්ත ජයසිංහ සහ සහකාර රේගු අධිකාරිවරුන් වන නුවන් අබේනායක සහ හසන්ත ගුරුගේ යන නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශනය කර මෙම වැටලීම සිදු කොට ඇත.
සැකකරු නිතර නිතර ඉන්දියාව සහ ඩුබායි අතර යාම් ඊම් කරන බව රේගුව කියයි.
ඔහු එයාර් ඇරබියා ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් සරිබද්දන මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරී ඒ.ආර් සේනාධීර මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ හසන්ත ගුරුගේ යන නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු නිතර මේ ගමන් බිමන් යන බව දන්නවා නම් මෙචර කල් ඇල්ලුවේ නැත්තේ ඇයි? (දී)
බලන්න. මේ මනුස්සය කි පාරක් ඔය වැඩේ කරන්න ඇත්ද.? එත් හැමදා නියං එකදා වැහිවලාවේ කිවුව වගේ මෙදා අහුඋනා. ඉස්සර වගේ නොවෙයි. දැන් හැම තැනකම චෙක් කරනවා. අහුවෙනවා. පාතාල මහතුනි දැන්වත් මේවා නවත්තාපල්ලා. (දී)