රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනය කැරුණු හික්කඩුව හෝටලයේ තිබූ හිස්වැස්මක ඉව ඔස්සේ ගාල්ල පොලිසියේ සුනඛ රොනී තාප්පයක් උඩින් යාබද හෝටලයකට පැන හෝටලය මැදින් ගාලු පාරට ගොස් නතර විය.
එම හෝටලයේ ද ලේ පැල්ලමක් සොයාගත් බව පොලිසිය කියයි.
රොනී ඉව කළ තොප්පිය ඝාතකයකුගේ විය හැකි බවත්, වෙඩි වැදුණු සිදුරක් එහි තිබූ බවත් පොලිසිය පවසයි. රොනී එම හිස්වැසුම ඉව කර හෝටලයේ දොරටුවකින් එළියට ගොස් තාප්පයෙන් පැන්නේය. අසළ හෝටලයකට ගියේය. හෝටලය මැදින් ගාලු පාරට ආවේය. ගාලු පාරෙන් එහාට රොනීට ඉවක් නොතිබිණි. පොලිසිය සිතනුයේ වෙඩි තැබූ පුද්ගලයා වාහනයකින් පළායන්නට ඇති බවයි.
ගාල්ල අතිෙර්ක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා ස්ථාන පරීක්ෂාවට පැමිණ සිටියේය.
ඡායාරූප - දීපාල් ද සිල්වා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd