
(ඉන්දිකා රාමනායක)
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්තරන් තොගයක් ගොඩගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ධීවර අමාත්‍යාංශයේ පෞද්ගලික කාර්ය මණ්ඩල ලේකම්වරුන් දෙදෙනක් උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සඳහන් වන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය වාහම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.
මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා ගේ නියමයෙන් එම ක්‍රියාමාර්ග ගත් බවත් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙසට අමාත්‍යවරයා දැනුම් දී ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රත්තරන් අයිති ලංකාවේ එක්කෙනාටයි... දන්නෝ දනිති...!
මෙත්මල් පිබිදේවා... සිංදුව මතක් වුණේ මට විතරද?
හෙලිකොප්ටර් අනතුර වූ විදිය මතකද? දැන් සැපද? ඇමැතිතුමා තොත්ත බබාද?
පස්සෙ අපි කාටත් ඕක අමතකයි. ප්‍රභාකරන් කිව්වනේ සිංහලයට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සුමාන 2යි කියල. කොතරම් සත්‍යයක්ද?
එකෙක් රන් හොරෙක් අනිකා හරක් හොරෙක් ඔන්න මැති ඇමැතිවරු ලග ඉනන අයගේ හැටි
මිනිසා සුවදයි මලසේ නුවනින් එළියයි හිරු සේ
නෑ නෑ ඇමතිතුමා, මෙතන වැරදි පුද්ගලයා නොවෙයි. ඔය “සම්බන්ධීකරණ ලේකම්“. කරුණාකරලා අන්න ඒ තනතුර අහෝසි කරමුද? නැත්නම් ඊළඟට එ් තනතුරට පත්වන අහිංසකයාත් වැටෙන්නේ මේ රත්තරන් ගොඩටමයි...