රුපියල් හාරලක්ෂ අසූ දහසක් වටිනා රත්තරන් කැබැල්ලක් තම කටෙහි සගවාගෙන බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගනු ලැබු රන් කැබැල්ලෙහි බර ග්‍රෑම් 98 කි.
ඔහුගේ ගුවන් බලපත්‍රයේ සඳහන්ව ඇත්තේ ඔහු වෘත්තියෙන් රියදුරෙක් බවයි. නමුත්
ඔහු නිතර, නිතර ඉන්දියාවට යන එන පුද්ගලයෙකු බව රේගුව කියයි.
සැකකරු ඊයේ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 171 දරණ ගුවන් යානයෙන් බැංගගෝරය බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සිදු කර සැකකරුට රුපියල් විසිදහසක දඩයක් නියම කොට එම රන් කැබල්ල රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඩග්ලස් සිල්වා, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, එස්. මහේෂ්, චින්තක ශ්‍යාමාල්, මංජුල කුමාර, නුවන් ජයසුන්දර, නිරෝෂා විජේතුංග යන නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! මේ මිනිසුන් ශරීරයේ අවයව වලටත් කරන්නේ නිගරුවක් නේද? (නි)
දැන් ගුද මාර්ගය ප්‍රසිද්දවෙලා තියෙන නිසා මෙයා හිතන්න ඇති කට අස්සේ දමාගෙන ගියොත් වැඩේ අහුවෙන එකක් නැහැ කියලා (දී)
බලාගෙන යනකොට අපේ රටේ ජීවත් වෙන්නේ රත්තරන් පතල් ඉස්සරහ පස්සේ හැම තැනම රත්තරන් (දී)
හැබැයි මේ තත්වය භයානකයි මොකද මේ අය ලංකාවෙන් ගොඩ බැස්සට ගුවන් යානයට ගොඩවන තැනින් මෙයාලව බලන්න නැතිව ඇති නැත්නම් ඇයි ඒ රටවල පරීක්ෂා කරන කොට හසු නොවන්නේ. අනෙක ලංකාවෙන් යනකොට උනත් මෙය භයානකයි. මේ විදිහට බෝම්බයක් උනත් ඔය කියන තැන වල ගහගන එන්න පුළුවන්, අදිනකොට පුපුරන්න. මේක ඉතා කල්පනාවෙන් පරීක්ෂා කරන්න ඕනේ දෙයක්. (ස) දෙයක්
අනේ මන්දා, ගුවන් තොටුපළෙන් ඇතුලු වෙද්දීම පරීක්ෂා කරලනේ එවන්නේ. එහෙම තියෙද්දිත් ඔය තත්ත්වය නම් භයානකයි වගකිවයුත්තනි. (නි)