2017 ජනවාරි 01 සිට එනම් අද සිට රජයේ රෝහල්වලට ඇතුළත්වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම නවත්වන ලෙස සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා උපදෙස් දී ඇතැයි එම අමාත්‍යංශ මාධ්‍ය ඒකකය කියයි.

දෙසැම්බර 31 වන විට සියලු රෝහල්වලට රුධිර පරීක්ෂණ යන්ත්‍ර   ලබා දී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

අමාත්‍යංශය එසේ කීව ද දෙසැම්බර 31 වැනි දා මාධ්‍යම රාත්‍රියෙන් පසු ද ඇතැම් රෝහල්වල පෞද්ගලික අංශයෙන් රුධිර රුධිර පරීක්ෂණ සිදු කිරීමට තුන්ඩු ලබා දුන් බව රෝගීහු කිහිප දෙනෙක් ‘එසැණ‘ට කීහ.