රජයේ උප ඇමතිකමින් ඉල්ලා අස්වූ ජී.එස්.රාධක්‍රිෂ්ණන් සහ පලනි දිගම්බරන් මහත්වරු විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවට මින් මද වේලාවකට පෙර පැමිණියහ. පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරන බව ඔවුහු කීහ.
රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, මනෝ ගනේෂන් හා අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද එහි පැමිණ සිටියහ.
වතු ජනතාවට පර්චස් 7 ක බිම් කැබැල්ලක ගෙයක් තනාදීමට පොරොන්දුවූ රජය ඒ පොරොන්දුව කඩ කළ නිසා ඡන්ද දායකයන්ට මුහුණදීමට නොහැකිවීයැයි දිගන්බරන් කීවේය. රජයෙන් ඉවත්වීමට හේතුව ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා! මුළු රටම දිනේවා..! (නි)
මේ දෙන්නා ගියාට මහින්ද මහත්තයා පරදින්නේ නැහැ (නදී)
කදුකරයේ තවත් ඡන්ද ප්‍රමාණයක් මෛත්‍රීට මහතාට. ජයවේවා ! (ර)
මම කඩේ යන්නෙක් නොවෙමි. ඉද හිට ගොට්ටක් අල්ලන්නෙක් වෙමි. (නදී)
හරීන් ඔබගැන ආඩම්බරයි. (ස)
රාජිත මහත්තයෝ දත දත ගලවන්න කියල ඔන්න දත් දෙත දෙත ගලවන්න ඔට්ටු නෑ. මම තරහයි. (ස)
රාධක්‍රිෂ්ණන්,දිගම්බරන් මහත්වරුන්ට ජයවේවා.මෛත්‍රී දිනේවා! (ස)
අපේ මෛත්‍රී මැතිතුමාට ජයවේවා ! (ර)
දෙමළ දෙවිවරු බිම වැටීගෙන වැන්දට අහිංසක මිනිසුන්ට කරන දෙයක් නැ කියලද කියනේ. (ස)
තොන්ඩමන් මහත්තයෝ ඔබතුමා මොකද තවත් බලාගෙන ඉන්නේ (නදී)
මේ මොකද්ද මේ වෙන්නේ (දී)
ඒ දෙපල ගත්තේ ගතයුතු නියම තීරණයක්. (දී)
දුක් විඳින ජනතාව වෙනුවෙන් ඔබතුමන්ලා ගත් පියවර අනෙක් අයට හොඳ ආදර්ශයක් (දී)
තිරුපති වන්දනාව සාර්ථක වෙලා (දී)
වැල යන පැත්තට මැස්ස ගහන්න ඕනේ.නියමයි. (දී)
පැරදුන ගමන් අනිත් බස් එකේ එනවා. (ස)
විමුක්ති..ආණ්ඩුවේ ඉන්නකොට විතරද දුශිතයෝ වෙන්නේ? (ස)
අනේ! මෛත්‍රී මහත්තයා දිනනවා නම් නියම පොරයක් බලන්න තිබුණා. අපිට ඒකට පින නැහැනේ අම්මපා! (නි)
එහෙට මෙහෙට පුද්ගලික වාසි තකා පනින අයට සුබ පතන්න එපා. ඔය පනින අයගෙන් අහලා බලන්න, "තමාට වැඩ කරන්න යම්කිසි මුදලක් ලැබෙනවනේ, ඒකෙන් මොනවද කරලා තියෙන්නේ කියලා". වැඩකරන කෙනාට කොයිපැත්තේ හිටියත් වැඩකරන්න පුළුවන්. (නි)
රාධක්‍රිෂ්ණන්, දිගම්බරන් මහත්වරුන්ට ජයවේවා. මෛත්‍රී දිනේවා! (නදී)
ජයවේවා.මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ.(හේ)