IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රාධ ක්‍රිෂ්ණන් , දිගම්බරන් සහාය මෛත්‍රීට

රජයේ උප ඇමතිකමින් ඉල්ලා අස්වූ ජී.එස්.රාධක්‍රිෂ්ණන් සහ පලනි දිගම්බරන් මහත්වරු විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවට මින් මද වේලාවකට පෙර පැමිණියහ. පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරන බව ඔවුහු කීහ.

රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, මනෝ ගනේෂන් හා අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද එහි පැමිණ සිටියහ.

වතු ජනතාවට පර්චස් 7 ක බිම් කැබැල්ලක ගෙයක් තනාදීමට පොරොන්දුවූ රජය ඒ පොරොන්දුව කඩ කළ නිසා ඡන්ද දායකයන්ට මුහුණදීමට නොහැකිවීයැයි දිගන්බරන් කීවේය. රජයෙන් ඉවත්වීමට හේතුව ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම බවද ඔහු සඳහන් කළේය.

 



අදහස් (0)

රාධ ක්‍රිෂ්ණන් , දිගම්බරන් සහාය මෛත්‍රීට

රුමේෂ් Wednesday, 10 December 2014 10:37 PM

ජය වේවා! මුළු රටම දිනේවා..! (නි)

:       0       0

මොහොමඩ් ඛාන් Wednesday, 10 December 2014 01:39 PM

මේ දෙන්නා ගියාට මහින්ද මහත්තයා පරදින්නේ නැහැ (නදී)

:       0       0

සදුනි Wednesday, 10 December 2014 11:04 AM

කදුකරයේ තවත් ඡන්ද ප්‍රමාණයක් මෛත්‍රීට මහතාට. ජයවේවා ! (ර)

:       0       0

විමුක්ති Wednesday, 10 December 2014 01:42 PM

මම කඩේ යන්නෙක් නොවෙමි. ඉද හිට ගොට්ටක් අල්ලන්නෙක් වෙමි. (නදී)

:       0       0

පද්මේන් Wednesday, 10 December 2014 11:06 AM

හරීන් ඔබගැන ආඩම්බරයි. (ස)

:       0       0

විමුක්ති Wednesday, 10 December 2014 11:10 AM

රාජිත මහත්තයෝ දත දත ගලවන්න කියල ඔන්න දත් දෙත දෙත ගලවන්න ඔට්ටු නෑ. මම තරහයි. (ස)

:       0       0

ලංකා තිලක් Wednesday, 10 December 2014 11:11 AM

රාධක්‍රිෂ්ණන්,දිගම්බරන් මහත්වරුන්ට ජයවේවා.මෛත්‍රී දිනේවා! (ස)

:       0       0

සුගුනවති Wednesday, 10 December 2014 11:13 AM

අපේ මෛත්‍රී මැතිතුමාට ජයවේවා ! (ර)

:       0       0

සුදෙල්මි Wednesday, 10 December 2014 11:18 AM

දෙමළ දෙවිවරු බිම වැටීගෙන වැන්දට අහිංසක මිනිසුන්ට කරන දෙයක් නැ කියලද කියනේ. (ස)

:       0       0

දර්ශණ Wednesday, 10 December 2014 01:55 PM

තොන්ඩමන් මහත්තයෝ ඔබතුමා මොකද තවත් බලාගෙන ඉන්නේ (නදී)

:       0       0

ජීවන්ත Wednesday, 10 December 2014 11:25 AM

මේ මොකද්ද මේ වෙන්නේ (දී)

:       0       0

සදුනි Wednesday, 10 December 2014 11:25 AM

ඒ දෙපල ගත්තේ ගතයුතු නියම තීරණයක්. (දී)

:       0       0

අජන්ත් Wednesday, 10 December 2014 11:26 AM

දුක් විඳින ජනතාව වෙනුවෙන් ඔබතුමන්ලා ගත් පියවර අනෙක් අයට හොඳ ආදර්ශයක් (දී)

:       0       0

සමරනායක Wednesday, 10 December 2014 11:25 AM

තිරුපති වන්දනාව සාර්ථක වෙලා (දී)

:       0       0

ලංකා තිලක් Wednesday, 10 December 2014 11:27 AM

වැල යන පැත්තට මැස්ස ගහන්න ඕනේ.නියමයි. (දී)

:       0       0

සුනෙත් Wednesday, 10 December 2014 11:46 AM

පැරදුන ගමන් අනිත් බස් එකේ එනවා. (ස)

:       0       0

සේනාදීර Wednesday, 10 December 2014 11:48 AM

විමුක්ති..ආණ්ඩුවේ ඉන්නකොට විතරද දුශිතයෝ වෙන්නේ? (ස)

:       0       0

ලංකා තිලක් Thursday, 11 December 2014 03:22 AM

අනේ! මෛත්‍රී මහත්තයා දිනනවා නම් නියම පොරයක් බලන්න තිබුණා. අපිට ඒකට පින නැහැනේ අම්මපා! (නි)

:       0       0

රණසිංහ Thursday, 11 December 2014 03:24 AM

එහෙට මෙහෙට පුද්ගලික වාසි තකා පනින අය‍ට සුබ පතන්න එපා. ඔය පනින අයගෙන් අහලා බලන්න, "තමාට වැඩ කරන්න යම්කිසි මුදලක් ලැබෙනවනේ, ඒකෙන් මොනවද කරලා තියෙන්නේ කියලා". වැඩකරන කෙනාට කොයිපැත්තේ හිටියත් වැඩකරන්න පුළුවන්. (නි)

:       0       0

ලාල් Wednesday, 10 December 2014 01:00 PM

රාධක්‍රිෂ්ණන්, දිගම්බරන් මහත්වරුන්ට ජයවේවා. මෛත්‍රී දිනේවා! (නදී)

:       0       0

ගුණරත්න Wednesday, 10 December 2014 08:46 PM

ජයවේවා.මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site