IMG-LOGO

රිදී තිරයේ පිපුණු සයපෙති කුසුම

2016-11-18-ent-62

සිංහල සිනමාව උඩුයටිකුරු කරමින් වෙනස්ම පේ‍්‍රක්ෂක අත්දැකීමක් ඔබ වෙත කැඳවාගෙන එන සිනමා නිර්මාණයක් වන සයපෙති කුසුම මේ දිනවල සිනමා ශාලා කිහිපයක තිරගත වෙනවා.

සමලිංගික ආදර කතාවක් තේමා කර ගනිමින් විසාකේස චන්ද්‍රසේකරම්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණ වූ සයපෙති කුසුමෙහි සමාජයේ දැඩිලෙස කතා බහට ලක්වෙන චරිත කිහිපයකුත් රංගනයෙන් දායක වුණා. භූමි හරේන්ද්‍රන් කියන්නෙත් සයපෙති කුසුම චිත‍්‍රපටයේ දක්ෂ රංගනයක නියැලෙන චරිතයක්. ඉතින් ඒ නිසාවෙන්ම අපි භූමිව සැඳැල්ල කතා බහට එකතු කරගන්න හිතුවා.

 

ඇත්තටම භූමි කියන්නේ කවුද?

2016-11-18-ent-61භූමි කියන්නේ ශ්‍රී ලංකාවේ සංක‍්‍රාන්තික ලිංගික කාන්තාවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් වැඩ කරන මානව හිමිකම් ක‍්‍රියාකාරිණියක්.

 

සරලව කිව්වොත් භූමි කියන්නේ මොනවගේ චරිතයක්ද?

ජීවිතය බොහොම සැහැල්ලූවෙන් ගත කරන, විනෝදෙට ටිකක් බර, සරලව ජීවත්වෙන චරිතයක්.

 

කොහොමද භූමි සයපෙති කුසුමට සම්බන්ධ වෙන්නෙ?

සයපෙති කුසුමට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ මගේ මිතුරෙක් මාර්ගයෙන්. මට එක්තරා අවස්ථාවක වාර්තාමය චිත‍්‍රපටයක් හරහා විසාකේස චන්ද්‍රසේකම් කියන අධ්‍යක්ෂවරයා මුණ ගැහෙනවා. ඒ වෙලාවෙ ඔහු මගෙන් ඇහුවා ෆිල්ම් එකක් කරනවා සම්බන්ධ වෙන්න කැමතිද කියලා. කොණ්ඩෙ කපපු පිරිමි චරිතයක් නිසා මුලදි මම අකමැති වුණා. පස්සෙ අධ්‍යක්ෂවරයා ඇහුවා කොණ්ඩෙ තිියාගෙන චරිතය කරන්න කැමතිද කියලා. පසුව හිතේ කැමැත්තක් තිබුණත් සයපෙති කුසුම චිත‍්‍රපටයේ වැඩමුළු දෙකකට මට සම්බන්ධ වීමට නොහැකිවීම නිසා ෆිල්ම් එකෙන් මාව ප‍්‍රතික්ෂේප වුණා. ඒත් නැවතත් අනපේක්්ෂිත ලෙස ඔවුන්ගේ ඉල්ලීම මත චිත‍්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

 

කොහොමද ලැබෙන ප‍්‍රතිචාර?

හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මම මීට ප‍්‍රථම වේදිකා නාට්‍ය වාර්තාමය චිත‍්‍රපටවල දායක වෙලා තියෙනවා. ඒත් කොතැනදිවත් මම පිරිමි චරිතයකට පණ පොවලා නැහැ. මේ මම පිරිමි චරිතයක් රඟපෑව පළමු අවස්ථාව.

 

සයපෙති කුසුමේ භූමිගේ චරිතය?

ශිහාන් කියන්නේ නිතරම තමන්ගේ හොඳම යාළුවාට ආදරණීය යාළුවෙක් විදිහට ඔහුගේ ප‍්‍රශ්නවලදී ශක්තිවන්තව ළඟින් ඉන්න මිතුරෙක්. මම හිතනවා ලැබෙන ප‍්‍රතිචාර එක්ක භූමිගේ භූමිකාව හොඳින් නිරූපණය කළා කියලා. මොකද මට ලැබුණ එකම අභියෝගය තමයි පිරිමි චරිතයක් රඟපාන එක. ඒ අභියෝගය ජය ගත්තේ චිත‍්‍රපට කණ්ඩායමේ පිිරිසගෙන් මට ලැබුණු පූර්ණ සහයෝගය සහ උදව්ව නිසා.

 

භූමි සංක‍්‍රාන්තික ලිංගිකත්වයට පත්වුණු කෙනෙක් විදිහට පිරිස එක්ක ගනුදෙනු කරද්දි බාධාවක් වුණේ නැද්ද?

කිසිම වෙලාවක මට බාධාවක් ඇති වුණේ නැහැ. සයපෙති කුසුම චිත‍්‍රපටය සහ ඒ දායකවුණ කණ්ඩායමේ සියලූමදෙනා මම හඳුන්වන්නේ මගේ දෙවැනි පවුල හැටියට. ඔවුන්ගෙන් මම ලොකු පිළිගැනීමක් ලැබුවා. ඒ වගේම ලොකු ආදරයක් ලැබුවා. ඇත්තටම ඔවුන් මනුෂ්‍යත්වයෙන් පිරුණු කණ්ඩායමක්

 

සංක‍්‍රාන්තික ලිංගිකයකුවීම භූමිට රංගනයට බාධාවක් කියලා හිතන්නේ නැද්ද?

මට නම් කොහෙත්ම බාධාවක් නැහැ.

 

2013 සයපෙති කුසුම චිත‍්‍රපටය නිර්මාණය කරන අවධියේදී ඔබ සංක‍්‍රාන්තික ලිංගිකත්වයට භාජනය වෙලාද?

යම්තාක් දුරට භාජනය වෙමින් පැවතුණා. ඒ වනවිට මම මගේ හෝමෝන ප‍්‍රතිකර්ම පටන් අරගෙන තිබුණා.

 

ඔබ හෝමෝන ප‍්‍රතිකර්ම කළේ ලංකාවෙද?

ඔව් ලංකාවේ

 

භූමිගේ ගෙදර විස්තරත් කියමු

මමයි, අමම්යි, තාත්තයි, අක්කයි ඉන්නේ. පුංචි පවුලක්. විනෝදයෙන් සැහැල්ලූවෙන්, සතුටින් ජීවත්වෙන පවුලක්. තාත්තා නම් දැන් රෝගාතුරවෙලා ඉන්නේ.

 

භූමිව මේ විදියට ගෙදර අය පිළිගන්න කැමති වුණාද?

ඇත්තටම කැමති වුණේ නැහැ. ඒත් ඔවුන්ගේ අකමැත්ත මත මම මේ තීරණයේම සිටියා. දැන් තමයි මගේ දෙමාපියන් මාව පිළිගන්නේ. දැනට වුණත් අපි කොච්චර විනෝදෙන් ජීවත් වුණත් සමාජයේ එල්ලවෙන බලපෑම් නිසා පුංචි පුංචි ප‍්‍රශ්න මතු වෙනවා. දෙමාපියන් පිළිගත්තත් සමාජයේ සමහර කොට්ඨාසවලට සංක‍්‍රාන්ති ලිංගිකත්වය කියන දේ විශාල ප‍්‍රශ්නයක්වෙලා තියෙනවා. වසර පහක කාලයක් මම පවුලෙන් බැහැරවෙලා තනියම ජීවත් වුණා. ඒ කාලය ඇතුළත මම පවුලෙන් ඈත්වෙලා හිටියත් පවුලේ බැඳීම අපි අතර තිබුණා. ගෙදරින් ඉවත්වුණා කියලා මගේ පවුල මම අතහැරියේ නැහැ. නිතරම මම උත්සාහ කළේ මගේ පවුල රැුකගන්න. ගොඩක් සතුටුයි වසර පහකට පසුව නැවත මට මගේ ගෙදර අයත් එක්ක එකට ජීවත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

 

සමාජයෙන් භූමිට ලැබෙන ප‍්‍රතිචාරවල විරෝධයක්, උපහාසයක් ලක් කිරීමක් නැද්ද?

පුද්ගලයාගෙන් පුද්ගලයාට ලැබෙන ප‍්‍රතිචාරය වෙනස් වෙනවා. මම කරන මානව හිමිකම් ක‍්‍රියාකාරකම් මත, චිත‍්‍රපට දායකත්වය මත ජීවිතයට යම් දෙයක් ලබාගෙන තියෙනවා. බහුතරයකගේ විරෝධතාව උපහාසය තියෙනවා. ඒ අතර සමාජයේ යම් යම් කොට්ඨාසයන් තුළ ලොකු පිළිගැනීමකුත් තියෙනවා. සයපෙති කුසුම චිත‍්‍රපටය වුණත් මේ නිර්මාණය සමලිංගිකත්වය පිළිබඳ තිරයෙන් පිටුපස තියෙන දැවෙන ප‍්‍රශ්නයක් කතා කිරීමයි ඒ හරහා කළේ. සමාජය මොන දේවල් කිව්වත් ධනාත්මක ඉහල ප‍්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. සමාජය විවිධාකාරයි. හිනාවෙනවා, අපහාස කරනවා, හෑල්ලූවට ලක් කරනවා. ඒක සමාජයේ ස්වභාවය. ඒ දේවල් දිහා මම බලන්නේ ධනාත්මක විදිහට. මොකද අපිට එන ගල් මුල් වදින වදින පාරට වැටුණොත් අපිට නැගිටින්න අමාරුයි. මට ඕනෑම දෙයක් දරාගැනීමේ උපරිම ශක්තිය තියෙනවා.

 

නිළියක් විදියට දිගමට රංගනයේ රැුඳෙන්න බලාපොරොත්තු වෙනවද?

ඇත්තටම මට නිළියක් වීමේ හීනයක් තිබුණා. සයපෙති කුසුම චිත‍්‍රපටය හරහා මට ඒ හීනය සබෑ කරගන්න අවස්ථාව ලැබුණා. හොඳ නිර්මාණයක් ලැබුණොත් දායකත්වය ලබා දෙනවා. මේ චිත‍්‍රපටය තිරගත වුණාට පස්සේ නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. ගොඩක් ආරාධනා ලැබුණේ සංක‍්‍රාන්ති ලිංගිකත්වය ජෝකර් කෙනෙක් බවට පත්වෙන චරිත. මම ඒ නිසා ඒ නිර්මාණයන් ප‍්‍රතික්ෂේප කළා. මම මානව හිමිකම් ක‍්‍රියාකාරිනියක් හැටියට සහ මම එක් පුද්ගල කොට්ඨාසයක අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරන කෙනෙක් විදිහට සංක‍්‍රාන්ති ලිංගිකත්වය පත්ව සිටින කොට්ඨාසය මට විහිලූවට ලක් කරන්න බැහැ. සමාජයට පණිවිඩයක් ලබාදෙන්න පුළුවන් හොඳ නිර්මාණයක් ආවොත් මම දායක වෙනවා.

 

නැවත පිරිමි චරිතයක් ලැබුණොත් භාරගන්නවද?

දැන් නම් පිරිමි චරිත මට කරන්න බැහැ. මොකද සිදුවෙලා තියෙන ශාරීරික වෙනස්කම් මත ප‍්‍රායෝගිකව පිරිමි චරිතයකට දායකත්වය දෙන්න මට ආමරුයි. පිරිමි චරිතවලට කැමැත්තකුත් නැහැ.

 

ආදරේ ගැන භූමිට මොකද හිතෙන්නේ?

ආදරේ කියන්නේ ඕනෑම සත්වයකුම විඳියයුතු දෙයක්. ඒ වගේම මනුෂ්‍ය කොට්ඨාසය තුළ අවබෝධයෙන් ඇති විය යුතු දෙයක්. අද සමාජයේ ආදරය කියලා ගත්තම තියෙන්නේ ලිංගික ආශාවන් ඉෂ්ඨ කරගන්න පාවිච්චි කරන අකුරු හතරක් විතරයි. අද ආදරය කරන විශ්වාස කරන පිවිතුරු ආදරය බාල්දු වෙලා

 

භූමි ආදරවන්තියක්ද?

ඔව්, මම කෙනකුට ආදරය කරනවා. විවාහ වෙන්න අදහසක් තියෙනවා. ඒත් ඒක ස්ථාවර ආදර සම්බන්ධයක්ද කියන තැන තවම අපි නැහැ. අදහස් අනුව අපි දෙන්නා ගොඩක් ගැලපෙනවා කියලා හිතනවා. එහා මාව හොඳට තේරුම් ගත්ත කෙනෙක්. ඒත් අපි කැමති වුණත් සමාජයෙන් එල්ලවන බලපෑම් නිසා සම්බන්ධතා පලූදු වෙන්න පුලූවන්. එන ඕනම දේකට මූණ දෙන්න මට පුලූවන් ශක්තිය තියෙනවා.

 

නදීශා අතුකෝරල

 

 



අදහස් (0)

රිදී තිරයේ පිපුණු සයපෙති කුසුම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 574 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 333 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 496 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site