නව රථවාහන අංක තහඩු සඳහා ගුවන්විදුලි සංඛ්‍යාත හඳුනාගැනීමේ පද්ධතියක් ලබන වසරේ දී හඳුන්වාදීමේ සූදානමක් ඇතැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.
එමගින් රථවාහනවල ගමන් මග සම්බන්ධයෙන් නිසි නිගමනයක් ලබාගැනීමට පොලිසියට හැකිවනු ඇත.
ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත ආසන්නම කුලුනු මගින් මෙම නව අංක තහඩුව සහිත මෝටර් රථ නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී.මෙම කුලුනු ජංගම දුරකථන තිබෙන ස්ථාන හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා ජංගම දුරකථන කුලුනුවලට සමාන වේ.
මෝටර් රථ කොමසාරිස් තුෂාර එෆ්. සුරවීර මහතා පැවසුවේ මෙම නව පද්ධතිය නව මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී මුල් වශයෙන් හඳුන්වාදෙන බවත් පසුව අනෙකුත් වාහන සඳහා හඳුන්වාදෙන බවත් ය.
වාහන භාවිත කරමින් කරනු ලැබූ අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී මෙන්ම ව්‍යාජ අංක භාවිත කරනු ලබන අවස්ථා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී මෙම ක්‍රමය පොලිසියට සහය වනු ඇතැයි ඒ මහතා පැවසීය.
මෙම පද්ධතිය මගින් රථවාහනවල ගමන්මග මාර්ගගතව නිරීක්ෂණය කිරීමට අදාළ බලධාරීන්ට හැකි වනු ඇතැයි පොලිස් රථ වාහන අධ්යක්ෂ ඉන්දික හපුගල මහතා ප්‍රකාශ කළේය.
මෙම ක්‍රමය සීසීටීවී හරහා නිරීක්ෂණ කටයුතු කරන ආකාරයට සමාන බවත් මෙම කුලුනු මුලින්ම කොළඹ ප්‍රදේශයේ සවිකරනු ඇති බවත් ඒ මහතා කීය.
“අනතුරකදී හෝ අපරාධයකදී අදාළ වාහන පහසුවෙන් හඳුනාගැනීමට සහ ලුහු බැඳීමට මෙම කුලුනු මාර්ගයෙන් හැකිවේවි.“යැයි ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටවලත් තියනවා... හැබැයි ඒක තියෙන්නේ අංක තහඩුවේ නෙවෙයි. ඉස්සරහ වීදුරුවේ ගලවන්න බැරි විදියට හයි කරනවා. අපේ කට්ටිය ඉතින් අංක තහඩු නැතිව නේ දුවන්නේ.... කරලා බලමු
මම ඉන්නේ විදෙස් රටක. මෙහෙ මේ ක්‍රම ක්‍රියාත්මක කරලා අවුරුදු කීපයක් වෙනවා. මෙහෙත් චිප් එක තියෙන්නේ අංක තහඩුවේ තමයි. ලංකාවේ පාලකයන්ට හරියට අවබෝධයක් නැති නිසා කොහොම ඕව කරයි ද දන්නේ නෑ. බලන්නකෝ අංක තහඩු වල තියෙන අකුරු තුන CAT , DOG , COW , වගේ දේවලුත් කියවෙනවා. අනිත් රටවල අපේ වගේ 100 ගුණයක් විතර වාහන තිබිලත් ඔය ප්‍රශ්නේ නැහැ. අපේ රටේ සුදුස්සාට සුදුසු තැන නැති නිසා ප්‍රශ්න ගොඩයි.
පැරකුම්, ඔබගේ නිවැරදි අදහසට අපද එකඟ වන්නෙමු. අප ජීවත්වන පරිසරයේත් එලෙස ඉදිරි වීදුරුවේ අලවා ඇත. එය කිසිසේත්ම වෙනස්කල නොහැක. අංක තහඩුවේ එය තිබේ නම් ඉතා ඉක්මණින් වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා නේද? මෙය පිළිබඳ දන්නා වියතුන් මෙසේ තීරණය කරන්නට අදහස් ඉදිරිපත් කරන්නට ඇති.
මෙය විතරක් නෙවේ. රටේ ප්‍රවාහන සේවයේ යෙදෙන සියලුම කුලී මගී ප්‍රවාහන රථවලට එම රථ වල හිමිකරු හෝ ඔහු විසින් නම් කරනලද රියදුරෙකුට පමණක් ප්‍රවාහන කාර්යය කල හැකි හා එම රියට නම් කල හෝ එම රිය පදවන හිමිකරුගේ රියදුරු බලපත් අංකය රථයේ පිටුපස පැහැදිලිව පෙනෙන සේ ප්‍රදර්ශනය කල යුතුය... යන නීතිය පැනවිය යුතුය. එවිට වාහන කොල්ල කා පලායාම හා එම රථ වලින් ගොස් විවිධ වැරදි කර පලායාම මිනිසුන් පැහැරගැනීම වෙන කෙනෙකුගේ රථයක් බලෙන් හෝ කැමැත්තෙන් ලබාගෙන මංකොල්ල සඳහා යොදා ගැනීම වැනි වැරදි වලදී... වරද කරුවන් පහසුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇත. පිටරටවල මෙය සියලු කුලේ රථ වලට පනවා ඇත.
කරන්නන් වාලේ කරන කරන මුග්ධ ක්‍රියාවක් හැටියට මෙය හඳුන්වන්න පුළුවන්. වැරදි කරන රියදුරන්ට ගැලවී යාහැකි හිදැස් රැසක් මෙහි තිබෙනවා! මාර්ග නීති කඩකරන රියදුරන්ට ගසන දඩ මුදලට වඩා අති විශාල මුදලක් මේ ක්‍රමය යෝජනාකර ස්ථාපිත කරන අයගේ සාක්කුවලට, බැංකු ගිණුම් වලට මෙලහකටත් වැටිලා අැති !!!
ලංකාවට ගැලපෙන ක්‍රමයක් නොවේ. උදාහරණයක් ලෙස නොම්මර තහඩු මාරු කර අපරාධයක් සිදුකළහොත්, නිරපරාදේ එම නොම්මරය අයිති පුද්ගලයාටත් නීතිය හමුවට යා යුතුවේ. එමෙන්ම මෙම චිප් එක සවි කිරීමට සුදුසුම තැන නොම්මරය සහිත ස්ටිකරය සමගයි. එය ගැලවීමට අපහසු මෙන්ම වාහනයේ නොම්මරයද ඇති නිසා, වෙනස්කිරීම අපහසුයි.