මාර්ග නීති උල්ලංඝනය කිරීමේ බරපතල වැරදි හතක් සඳහා අවම දඩ මුදල රුපියල් 25000 දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය එකඟවී ඇත.
වලංගු රියදුරු බලපතක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති අයකුට රථ ධාවනයට ඉඩදීම, වම් පසින් ඉස්සර කිරීම, දුම්රිය හරස් මාර්ග නීති උල්ලංඝනය, බීමත්ව රිය ධාවනය, අධික වේගය, රක්ෂණ සහතිකය නොමැතිව රිය ධාවනය යන වැරදිවලට එම දඩ මුදල ක්‍රියාත්මකවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධික වේගය නිර්වචනය කරද්දී තමයි ලොකුම ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ . මොකක්ද අධික වේග සීමාව . අධික වේගය තීරණය කරන්න වෙන රටවල රියදුරන්ට පැහැදිලිව පෙනෙන්න මග දෙපස දිගටම වේග සිමා පුවරු සවිකර තිබෙනවා . ලංකාවේ හැම පාරකම එහෙම දිගටම පුවරු තිබෙනවද ? අනික අධික වේගයෙන් ගමන් කළ බව ඔප්පු කරන්න පැහැදිලි සාක්කි තිබිය යුතුයි . නැතුව වේග සිමා පුවරු නැති පාරක ගහක් අස්සේ හැංගිලා ඉඳල වාහනයක් නවත්වල වේගයෙන් ගියා කියල දඩ කොලයක් නිකුත් කරනවා කියන්නේ මිනිහෙක්ව මංකොල්ල කනවා වගේ වැඩක් (බ)
කලබල වෙන්න එපා බෙනට්. මේ රජයේ අන්තිම කාලේ තමයි මේ ගෙවෙන්නේ. අපිත් දුන්න තමයි මෙයාලට ඡන්දේ. දැන්නම් හිතෙනවා කරගත්තු මෝඩකම කියලා. කොහොමත් ආයෙත් ඉතින් වාහනයක් ත්‍රීවිල් එකක් බයික් එකක් තියෙන කෙනෙක්නම් ආයෙත් මෙයාලට ඡන්දයක් දෙන්නේ නැහැ. කොහොමත් ඉතින් වික්‍රමසිංහ මහත්තයාට අවුරුදු දෙකකට වඩා අගමැති කමේ ඉන්න පුළුවන් කමක් ඉතිහාසේ ඉදලම තිබුනේ නැහැනේ. (බ)