(මහින්ද නිශ්ශංක)
රථවාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනි දා සිට වැඩිකර ඇතැයි රථවාහන පොලිසිය පවසයි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට පැවරී තිබෙන බලතල අනුව රථවාහන වැරදි ස්ථානීය දඩමුදල් වැඩිකර ඇති අතර ඒ සම්බන්ධව විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.
මෙම රථවාහන වැරදි 33 සඳහා වු ස්ථානීය මුදල් සියයට 30-50 දක්වා ඉහළ නංවා තිබෙන බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ මෙම අදහස්වලට වැඩි පිරිසක් එකග නොවෙනු ඇත. නමුත් ඒවා කිවයුතුමය. 33% සිට 50% නොව 200%වැඩිකලත් කිසිදු වැරද්දක් නැත. මෙම ප්‍රවෘත්තියට ඉහලින් ඇති රිය අනතුර දෙස හොදින් බලන්න. මෙවන් සිය දහස් ගණනින් අප රටේ රිය අනතුරු සිදුවෙනවා නොවේද ? අසීලාචාර රියදුරන් නිසා ජිවිත කියක් නැති වෙනවාද.? රියදුරු රැකියාව යනු එක්තරා ආකාරයක භාවනාවකි. මේ පිලිබදව අප කොතෙකුත් අදහස් කියා ඇතත් ඒවා අඩුතරමින් කියවන්නේද යන්නවත් අපැහැදිලිය. මෙහිඩිට් තවත් එක් විශේෂ සාධකයක් ගැනත් කිව යුතුය, අවංක පොලිස් නිලධාරීන්ගේ පැහැදිලි අඩුවක් තිබෙන බවහොදින්ම පැහැදිලිය. අප ජිවත්වන පරිසරයේ මෙවන් අනතුරුවලට නම් උපරිම දදුවක් මෙන්ම වන්දිගේවිමටත් සිදුවන අතර බලපත්‍රය අවලංගු කර රියැදුරාව පරිවාසකලයකට යටත් කරනු ලැබේ.
වර්තමානයේ මාර්ග නීති අවශ්‍ය වන්නේ රියදුරු බලපත්‍රය ගැනීමට පමණයි. සමහර දෙනෙක් රියදුරු පාසැලෙන් දෙන උත්තර කමිස වාටියේ ලියාගෙන ගොස් විභාගය පාස්කර ගන්නවා. එසේ විභාගය සමත්වුවත් මාර්ග නීති දන්නේ නැහැනේ. අන්තිමේ අනතුරකදි වැරදිකරු වෙන්නෙ මාර්ග නීතිය පිලිපැද්ද රියදුරා. අපේ රටේ තත්වය එයයි තවත් දෙයක් ත්‍රීවිල් වලට නියමිත වේගය 40 නේ ඔවුන් එම වේගයෙන් පාර මැදම යනවා. කාර් වැනි වාහන වලට යන්න දෙන්නේ නැහැ. ඉදිරිය පෙනෙන තැනකදි කාරය ඉස්සර කලොත් ත්රීවිලය යවා කාරයට දඩකොල ලියනවා. හරි වැරැද්ද බලන්නේ නැහැ.මේ ගැනත් බලන්න
රථවාහන වැරදි සඳහා පමණක් නොව පොදු ස්ථානවල කරන වැරදි සම්බන්ධයෙන් (දුම් පානය, මත්පැන් පානය හා අවිනීත ලෙස හැසිරීම වැනි කරුණු) අය කරන දඩ මුදල් අනිවාර්යයෙන්ම වාර්ෂිකව යාවත්කාලීන කළයුතුය. එසේ නොමැති වුවහොත් වෙන්නේ නීතිය හෑල්ලුවට ලක්වීම පමණයි.
බීමත්ව රිය පැදවීමට දඩය රුපියල් ලක්ෂ පහක් විතර කරනව නම් හොදයි එවිට අයථා ක්‍රමයට බේරිලා යන්න දෙන ගාන ලක්ෂයක් විතර වෙයි. එය ගෙවිය හැකි මුදලක් නොවන බැවින් බීමත්ව රිය පැදවීම සිදු නොකරයි. අනිත් කාරණය නින්ද යාම මෙයටද දඩගැසිය යුතුයි. නිදිමත නම් වාහනය අයිනකට කර විනාඩි කිීපයක් නිදා ගතහැකියි
මේක කරන්න පරක්කු වුණා වැඩියි. පාරවල් ටිකත් කාපට්නේ... ඇදලම යනවා. මිනිස්සු අඬු කඩා ගත්තාම ඉස්පිරිතාල වලින් වියදම් කරන්නෙත් අපේම සල්ලිනේ. පාරක්, දෙකක් දඩ වදින කොට මතක් වෙයි. හැබැයි පොලිසියත් අවංකව රාජකාරිය කරන්න ඕනේ මිනිස්සුන්ව බොරුවට තලන්නේ නැතුව...
අපේ රටේ රිය පදවන රියදුරන් ගොඩක් පිරිසක් තමන් පමණක් පාරේ ගමන් කරනවා යැයි සිතාගෙනයි රිය පදවන්නේ... අනිත් අය ගැන සිතන්නේ නැහැ ගොඩක් අනතුරු සිදුවන්නේ ඉවසීම, කරුණාවන්තකම ආචාරශීලී බවක් නැහැ. දඩ වැඩි කළාට වැඩක් නැහැ. මිනිසුන්ගේ මානසිකත්වය හදන්න ඕනෑ..
රියදුරු බලපත්‍රය අත්හිටවලා උසාවියට ගත්තම තාවකාලික බලපත්‍ර දෙන එකම රට ලංකාව වෙන්නඇති
තනි ඉර ,ඉරි දෙක කපාගෙන යන , වැරදි පැත්තෙන් යන දේශපාලන කාරයන්ටත් ඔය නීතිය සමාන ද?
අන් අයට වධයක් නොවී රිය පදවන්න ත්‍රී වීල් සහ බස් රියදුරන් දන්නා නමුත් පිළිපදින්නේ නෑ
වැඩියෙන්ම වැරදි කරන්නේ ටිපර් සහ බස් රියදුරන්. වෙන රටවල වගේ වේග සීමා නැහැ ලංකාවේ ඒවාට. හිතිච්ච වේගෙන් යනවා. කිසිම නීතියක් නැහැ. මිනිස්සු කීදෙනෙක් දැනට මැරිලා තියෙනවද? මොනවද අරන් තියන ක්‍රියාමාර්ග එවැනි දේවල් අඩුකරන්න, රජයකට එහෙම යුතුකමක් තියනවා නේද ? මිනිස්සු රජයක් පත්කරන්නේ වින්‍යානුකූලව නීතිගරුකව කටයුතු කරන්න නේද?
බස් රථ ලංගම ඇතුළුව සහ ත්‍රි රෝද රථ රියදුරන්ගේ හැසිරීම සහ පැදවීම අන්තිම අශිලාචාරයි. ලංකාවේ රථ වාහන අනතුරු වැඩිවෙන්නේ ඔවුන් නිසයි. මගේ වාහනයේ කාර් රථයේ තුන් වරක්ම ත්‍රි රෝද රථ තුනක් දවස් තුනකදී හප්පලා නොනවත්වා යන්න ගියා. මොවුන්ගේ දඩය 300% වැඩි කලත් කමක් නැහැ.
අවම වේග සීමාවක් ඇති කළ යුතුයි. නැත්නම් පාරේ අවහිර වීම නවතන්න බැහැ අනෙක් අතට මගී ප්‍රවාහන බස් රථ ට්‍රැෆික් හදන්නේ බස් එකට එන්න බැරි වෙන්නයි. මෝටර් සයිකලේ වමෙන් ඉස්සර කිරීමත් අධික වේගයෙන් යාමත් සැලකිල්ලට ගත යුතුයි. ඒ වගේම ත්‍රිරෝද රථ වගේම ටිපර් රථ ගැනත් විශේෂ අවධානයක් යොමු කළු යුතුයි. ඉලෙක්ට්‍රොනික දඩ ක්‍රමයක් හඳුන්වා දුන්නම ඔය ප්‍රශ්න විසඳෙනවා.