(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රත්මලාන කඳවල පාරේදී සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයකු ඉල්ලක්ක කර යතුරු පැදියකින් ආ දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළු බෝවිල රෝහලට ඇතුලත් කර ඇතැයි ද පොලිසිය කියයි. එහිදී ඔහු මියගොස් ඇත.