
(ලසන්ත නිරෝෂණ පෙරේරා )
කොළඹ - රත්නපුර ප්රධාන මාර්ගයේ රත්නපුර නව නගරය ආසන්නයේ හිදැල්ලන ප්රදේශයේදී පුද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් අද දහවල් සිදු වූ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයන් 16 දෙනකු රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
රත්නපුර දෙසින් ඇහැලියගොඩ දෙසට ගමන් කළ ටිපර් රථයක් සහ අවිස්සාවේල්ල දෙස සිට රත්නපුර බලා ධාවනය වූ පෞද්ගලික මගී ප්රවාහන බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් පසු පුද්ගලික බසය සහ ටිපර් රථය මීටර් දහයක් පමණ දුරකට ඇඳි ගොස් තිබූ අතර බස් රථය මාර්ගය මැද හරස්වී තිබුණි .
රෝහල්ගත කළ තුවාලකරුවන් අතරින් පස් දෙනකුගේ තත්ත්වය බරපතළ බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd