IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රත්මලානේ තව ගෙවල් තුනක් මුහුදට ගසාගෙන යයි

රත්මලාන වෙඩි කන්ද මුහුද අයිනේ තිබූ නිවාස තුනක් අද මුහුදට කඩා ගෙන යෑම නිසා එහි සිටි 20 දෙනකු පමණ අවතැන්වී සිටිතියි රත්මලාන ප්‍රාදේශීය ලේකම් ඩී ඒ එච් පියතිලක මහතා කියයි.

පසුගිය දින කිහිපයේ සිදුවූ මුහුදු කාදනය නිසා නිවාස 20ක් පමණ මුහුදට ගසාගෙන ගොස් නිවාස 70කට පමණ අර්ධ හානි වී ඇතැයි ග්‍රාම නිලධාරී ඩබ්ලිව් එස් කේ ධනපාල මහතා පවසයි.

371 372



අදහස් (0)

රත්මලානේ තව ගෙවල් තුනක් මුහුදට ගසාගෙන යයි

සමීර Saturday, 23 August 2014 05:22 AM

ආසියාවේ ගොඩ අශ්චර්ය (අ)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Saturday, 23 August 2014 07:09 AM

මුහුද අද්දර පදිංචියට කොහෙත්ම සුදුසු ස්ථානයක් නෙවෙයි කොහොමටත්. රට වටේම තවත් ස්ථාන රාශියකම ඔය දේ සිදුවෙනවා. එහෙම වෙන්න හේතුව මුහුද ගොඩකීරීම කියලා ඒ තැන් වල එහෙම දෙයක් කරලා නැහැනෙ. ජනාකීර්ණ නගර ආසන්න වෙරළට ගල් වැටි දාලා හෝ ආරක්‍ෂා කරන වැඩ පිලිවෙලක් යොදනවා නම් හොදයි. (නදී)

:       0       0

රජින්ද Friday, 22 August 2014 04:35 PM

ඕකට ආසන්නම හේතුව තමයි මම හිතන විදිහට කොළඹ වරාය නගරය සදහා මුහුද ගොඩ කිරීම. ගාලුමුවදොරත් මුහුද පෙරට වඩා දැන් රළු ස්වභාවයක් ගන්නා බවට ආරංචියි. ඒ විතරක් නෙමේ කොළඹ වරාය පරිශ්‍රයේ ඇති නෞකා වලින් ඉන්ධන ගොඩබාන බෝයාවටද මේ නිසා හානි සිදුවූ බවට තොරතුරු ලැබෙනවා. මේවා කියන්නේ ආණ්ඩුව හෙලා දකින්න නෙමේ. ඉවක් බවක් නැතුව ගස්-කොළන් කපල නියගය ගෙන්න ගත්තා වගේ ඉවක් බවක් නැතුව මුහුදත් ගොඩ කරලා මුහුද ගොඩබිමට ගෙන්න ගන්නවා වගේ දැනෙන නිසයි මේ කියන්නේ...(අ)

:       0       0

නිමල් රාජපක්ෂ Saturday, 23 August 2014 11:46 AM

ගරු ඇමතිතුමා නොසිටින්න අද මහවැලියක් නැහැ නමුත් අද ගාමිණී දිසානායක නමට වදිනවා. ඒ ඇයි දන්නවද මහවැලි වතුර නිසා නැතිනම් අද ඔයාල කරුවලේ, හාමතේ මැරෙන්න වෙනවා. දන්නේ නැත්නම් දන්නා අයගෙන් දැනගන්න (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 23 August 2014 12:03 PM

සුනාමියෙන් පස්සේ යම් නීති පද්ධතියක් ස්ථාපනය වුණා වෙරල ආශ්‍රිත ඉදිකිරීම් වලට. වෙරළාසන්න තර්ජනය තියෙන නිත්‍යානුකුල හා අනවසර සියලු පදිංචි කරුවන්ට සුනාමියෙන් පසුව වෙනත් පදිංචි ස්ථාන ලබල දුන්නා මම දන්නා විදියට. ඉතින් එහෙම තියෙද්දී මේ මුහුදට ගහගෙන යන්නේ කවුද කියන එක ප්‍රශ්නයක්. මෙහෙම මුහුදට ගහගෙන යන සිමාවේ නිවාස තියෙන්න විදියක් නැහැ නීතිය හරියට ක්‍රියාත්මක උනානම්. දැන්වත් මේ පුද්ගලයින් ඉවත් කරන්න. ඔවුන්ට ලබාදුන් ස්ථාන වලට මොකද උනේ කියල විමසා බලන්න. (නදී)

:       0       0

සත්‍යයා Saturday, 23 August 2014 12:15 AM

රජින්ද, තර්කයක් හැටියට වර්තමාන ආණ්ඩුව පරිසර හානිය ගැන කිසිවක් නොකරන බව ඇත්ත. නමුත් පරිසර හානියට ඍජුව දායක වන බවත් ඇත්ත. මුහුද ගොඩ කිරීමෙන් වෙරළ ඛාදනය වැඩිවෙන බව නම් මම කවදාවත් අසා නැහැ. නෙදර්ලන්තය වැනි මුහුදු මට්ටටමින් පහළ භූමියක් තියෙන රටවල් හෙක්ටයාර දස දහස් ගණන් මුහුද ගොඩකර ගොවිතැන් සඳහා යොදා ගෙන තිබුනත් ඔය කියන අන්දමේ වෙරළ ඛාදනයක් මේ වනතුරු වාර්තා වී නැහැ. අනෙක් අතට පසුගිය වසර දහස් ගන්නන් තුල බටහිර හා දක්ෂිණ වෙරළ නිරන්තරවම ඛාදනයට ලක්වීම නිසා ලක්දිවට අහිමිවූ භුමි ප්‍රමාණය නැවත දිනා ගැනීමට උත්සහ කිරීමෙන් සමතුලිතය බිඳ වැටේ කියා හිතන්න අමාරුයි. (නදී)

:       0       0

චමින්ද Saturday, 23 August 2014 02:09 AM

මේ පාර "සමුද්‍ර දේවිය" එහෙම නවත් වන්න, අදහසක් තියෙනවද දන්නේ නැහැ. (නදී)

:       0       0

පෙරේරා Saturday, 23 August 2014 07:31 PM

වෙරල සංරක්ෂිත කලාපයේ දේශපාලන බලපෑම් මත ගෙවල් හදන්න දෙනවා ඊට පස්සේ ඉතින් වෙන්නේ ඔය ටික තමයි. (නදී)

:       0       0

නිම්මි Saturday, 23 August 2014 03:57 AM

මුහුද ගොඩ කළා කියලා මුහුදට රැල්ල ගහන්න එපා කියන්න බැහැනේ. ඒ වතුර රැල්ල වෙන තැනකින් හරි ගහනවමයි. රත්මලානේට වෙලා තින්නේ මේකයි. ගාලුමුවදොර ඉඳලා රත්මලානට මුහුද කරළබිලා, ගිහිල්ලම බලන්න. මේගොල්ල ස්වභාවධර්මයට ගරු නොකරන එකයි පාපය. මහවැලි කියලා ගාමිණී දිසානායක මහත්තයත් පරිසරය එක්ක සෙල්ලම් කළා, දැන් වෙලා තියෙන විනාශය බලන්න (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 23 August 2014 04:08 AM

ඕවට පිළියම් යොදනකොට වෙන්න ඕන ඔක්කොම වෙලා හමාරයි. (නදී)

:       0       0

සංජු Sunday, 24 August 2014 02:40 AM

ඔය කට්ටියට සුනාමියෙන් ගෙවල් දුන්න ඒවා ගැන පොඩ්ඩක් හොයල බැලුවා නම් සමහරක් කට්ටිය ඉන්නවා ගෙවල් කුලියට දීල පරන තැනටම වෙලා ඉන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site