(ඉන්දිකා රාමනායක)
සංවිධානාත්මක අපරාධ කරුවකු මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන රත්මලානේ අංජු නැමැත්තාගේ ගෝලයන් දෙදෙනකු හෙරොයින් සහ කෙරළ ගංජා සමග රත්මලානේදී විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා සතුව කේරළ ගංජා ග්‍රෑම් 47ක් සහ හෙරොයින් ග්‍රෑම් හයක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.
විශේෂ කාර්ය බලකා බුද්ධි නිලධාරීන් ඊයේ (1) සිදු කළ හදිසි වැටලීමකදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd