(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)
වැලිවේරිය රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට යුද හමුදාවෙන් වෙඩි තබද්දී රවිශාන් පෙරේරා සිසුවාට වෙඩි තැබූ ස්ථානය වසර තුන හමාරකට පසු සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සමත් විය.
මේ බව අනාවරණය වුයේ ගම්පහ ප්රධාන මහේස්ත්රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා ඉදිරියේ එම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ය.
සිද්ධියෙන් මිය ගිය අනෙක් දෙදෙනාට වෙඩි තැබූ හා පහර දුන් ස්ථාන මීට පෙර විමර්ශනය පැවැත්වූ නිලධාරීන් සොයාගෙන තිබුණ ද රවිශාන් සිසුවාට වෙඩි තැබූ ස්ථානය සොයාගෙන නොතිබූ බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
එම සිසුවාට වෙඩි තබා ඇත්තේ වැලිවේරිය නගරයේ සිට මඳක් දුරින් පිහිටි අතුරු පාරක ඇතුළට වන්නට බව ද රහස් පොලිසිය අනාවරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මුලින්ම කරන මෙහෙය රට ජාතිය වෙනුවෙන් අගයන අතර වසර ගණනකින් මෙවගෙ වැරදි සොයා ඒවට නිසි බලධාරින් සොයා බලා වැරදි කරන අයට දඩුවම් නම් දියම යුතු කාලයයි. මගෙ අදහස එයයි.
ගෝල්ෆේස් සෙනඟ කොහොමවුණත්,මෙයාලාට ආයිමත් බලය දෙන්නද හදන්නේ? තවත් කී දෙනකින් පලීගනීවීද, මරලා දාවීද?
මේවා මතක් වෙන.... මතක් වෙන ගානේ හිටපු අපරාධ හොර නඩයට බලය දෙන්න ජනතාව සුදානම් නැහැ. ඒ වුණාට අර නායකයා නම් වේදිකාවල, පන්සල් වල ගොසින් කියන්නේ අපි කිසිම අපරාධයක්, දුෂණයක්, වංචාවක් නොකර දැහැමින් රට පාලනය කළේ කියලයි. එහෙනම් අපි අහනවා එහෙම පාලනයක් රටේ තිබුණානම් ජනවාරි 8 වෙනිදා පෙරලා දමන්න තරම් තරම් ජනතාව මන්ද බුද්දිකයෝද?
බටලන්දේ මිනිස්සු මරුනේ නැත්ද , 71 මිනිස්සු මැරුවේ නැත්ද පේරාදෙණි සරසවියේ වීරසුරිය සිසුව පොලිස් වෙඩිපහරින් ඝාතනය උනේ නැත්ද 88 දී මේ කව්ද මොනවාද කරන්නේ කියමින් ටයර් චිතක වල යැව්වේ නැත්ද ඉදිරියේ ඇතිවෙන උද්ගොෂන වලදී කිසිවෙකු නොමැරෙයි කියා සිතනවද