ගම්පහ රතුපස්වල කර්මාන්ත ශාලාවක් ඉවත් කරන ලෙස ඉල්ලමින් 2013 අගෝස්තු පළමු වැනි දා කළ උද්ඝෝෂණයක දී හමුදා වෙඩි පහරින් තිදෙනකු මිය යෑම හා තවත් පිරිසක් තුවාල ලැබීම පිළිබඳව රහස් පොලිසිය ලවා විමර්ශනයක් කරවන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් පොලිස් මූලස්ථානයට ලිපියක් භාර දුන්හ.
වෙඩි තැබීම ආරම්භ වීමට මොහොතකට පෙර හා වෙඩි තැබීමෙන් පසු ඡායාරූප සහ වීඩියෝ ද පොලිසියට භාර දුන්හ.
එම ප්‍රහාරයෙන් මාධ්‍යවේදීන්ට පවා තුවාල සිදුවූ බවත්, මීට පෙර විමර්ශන පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය තුවාල ලැබූ මාධ්‍යවේදීන්ගෙන් හා සෙසු තුවාල කරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන නැති බවත් පොලිස් පතිට යැවුණු ලිපියේ සඳහන්ය.
උද්ඝෝෂකයන් හමුදාව දෙසට පෙට්‍රල් බෝම්බ ගැසූ බව පොලිසිය කීවත් ගැටුම ආරම්භ වීමට මොහොතකට පෙර ගත් ඡායාරූප පරීක්ෂා කරද්දී උද්ඝෝෂකයන් අත ඒවා නැතැයි පෙනී යන බවත්, උද්ඝෝෂකයන් බෝම්බ ගැසුවා නම් ඒවායේ කොටස් එතැන තිබී හමුවිය යුතු බවත්, නමුත් බෝම්බ කොටස් හමු නොවූ බවත්, බෝම්බ හමුවූවායැයි කියනුයේ සිද්ධිය වෙනතකට යොමුකර අපරාධකරුවන් බේරීමට බවත් එම ලිපියෙන් අවධාරණය කර ඇත.
පල්ලියේ වෙඩි තැබීමක් සිදුවී නැති බව කළින් කීවත් පල්ලියේ වෙඩි තැබීමක් වූ බවට ඡායාරූප හා ලේ පැල්ලම් ඇති තැන් පොලිසියේන පරීක්ෂා කරන ඡායාරූප එම ලිපියට අමුණා තිබිණි.
(එම ලිපිය පහත දැක්වේ)
28.01.2015
පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
පොලිස්පතිතුමනි,
වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ගැමියන්ට වෙඩි තබා මරා දැමීම සම්බන්ධවයි
වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ වැලිවේරියේ ජනතාවට යුද හමුදා භටයන් ලවා වෙඩි තබා දැනට වසර එක හමාරකටත් වැඩිය. සාමාන්‍ය ගම්වාසීන්ට මෙන්ම මාධ්‍යවේදීන් ද එහි දී අපහසුතාවට පත් වූ අතර ගම්වාසීන්ට පහර දීම, තිදෙනකු වෙඩි තබා මරා දැමීම, තවත් විසි ගණනකට තුවාල සිදු කිරීම සහ මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.
තිදෙනකු මරා දැමීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කළ අතර ඔවුන් එක් පාර්ශ්වයකට වාසි වන අන්දමට පරීක්ෂණ මෙහෙයවූ බව බැලූ බැල්මට පෙනී යයි.
ඔවුන්ගේ මෙහෙයවීම මත සාක්කි දුන් සහකාර පොලිස් අධිකාරී ජයලත් බලගල්ල සහ වැලිවේරිය පොලිස් ස්ථානාධිපති එස් කේ උපාලි සාක්කි දුන් ආකාරය බොහෝ දෙනෙකුගේ හාස්‍යයට හේතු විය. ඒ ඔවුන් සිද්ධිය වසන් වන ආකාරයෙන් සාක්කි ලබා දුන් නිසාය. යුද හමුදාව එන අවස්ථාවේ සහකාර පොලිස් අධිකාරී බලගල්ල එතැන සිටියාදැයි එම අවස්ථාවේ ගත් ඡායාරූපවලින් අනාවරනය කර ගත හැකිවනු ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ අයගේ ප්‍රකාශවත් කොළඹ අපරාධ කොට්ඨාසය සටහන් කර ගත්තේ නැත. පොලිසිය ප්‍රකාශ ගත්තේ ඔවුන්ට ඕනෑ කරන සාක්කි ඉදිරිපත් කරන පිරිසෙන් පමණි. අඩු තරමේ මාධ්‍යවේදීන්ගෙන් හෝ සාක්කි ගත්තේ නැත.
පැවැති පාලනයට බියේ සිද්ධිය ඇසින් දුටුවත් ප්‍රසිද්ධියේ කීමට ඉදිරිපත් නොවූවෝද බොහෝය. මෙවැනි හේතූ කාරනා රැසක් නිසා මෙම අපරාධය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වාධීන අපක්ෂපාතී නිලධාරීන් පිරිසක් ලවා (වර්තමාන අධ්‍යක්ෂ රණවීර යටතේ නොවේ) සිදු කර වැරදිකරුවන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලා සිටිමු.
ඉහත පරීක්ෂණ දෙකේ දී පහත කරුණු ගැන ද අවධානය යොමු කරන්නේ නම් වැදගත් වනු ඇත.
ඉහත දැක්වූ කාරණ ගැන විමර්ශනයේ දී අනාවරණය කරන්නේ නම් සත්‍ය තොරතුරු රැසක් හෙළි වනු ඇත. සිද්ධිය ඇසින් දුටුවන්ගේ ප්‍රකාශ හා තුවාල ලැබූවන් පිළිබඳ විස්තර ඡායාරූප ද සහිතව මේ සමග ඉදිරිපත් කරමු. දින සියය ඇතුළත විමර්ශන පවත්වා වැරදිකරුවන්ට ද දඩුවම් දෙනු ඇතැයි අපි බලපොරොත්තු වෙමු.
මීට,
ගම්වාසීන් පිරිසක් සහ මාධ්‍ය වේදීහු පිරිසක්
ඇමුණුම් -
001 ඡායාරූප (සීඩී තැඩියේ ඇත)
002 සාක්කි සටහන් කර ගත යුතු වැදගත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව
003 වීඩියෝ දර්ශන (සීඩී තැඩියේ ඇත.)
පිටපත්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා
ඇමැති පාඨලී චම්පික රණවක මහතා
ඇමැති ජෝන් අමරතුංග මහතා
ඇමැති ගයන්ත කරුණාතිලක මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි
මාදුළුවාවේ සෝභිත හිමි
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා
ශ්‍රී ලංකා මානව හිකම් කොමිසම
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘රතුපස්වල පරීක්ෂණ යළි අරඹන්න‘
නාමල් Saturday, 31 January 2015 12:21 AM
මේවා හිටපු අය කරපු මිනීමැරුම්. ඔහුව අත් අඩංගුවට ගන්න. (නදී)
කල්පගේ Saturday, 31 January 2015 04:48 AM
ඇත්ත. පරීක්ෂණයක් පවත්වන්න (නි)