වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවට එරෙහිව පැවැති උද්ඝෝෂණයේ දී 2013 අගෝස්තු පළමු වැනි දා වෙඩි තබා තිදෙනකු ඝාතනය කියන සිද්ධිය සම්බන්ධයෙන් වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසකගෙන් රහස් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කළ අතර එම විමර්ශන පක්ෂාග්‍රහී බව කියමින් ගම්වාසීහු නීතිය හා සාමය ඇමැති ජෝන් අමරතුංග මහතාට සහ පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට පැමිණිලි කළහ.
ඒ අනුව විමර්ශන රහස් පොලිසියට භාර කැරිණි.
වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලස්පරීක්ෂණ එස් කේ උපාලි මහතාගෙන් සහ කර්මාන්ත ශාලාවට එරෙහිව මුලින්ම පොලිසියට පැමිණිලි කළ ගැමියන් තුන් දෙනකුගෙන් ද, රතුපස්වල පරිසර සංවිධානයෙන් සභාපතිගෙන් ද රහස් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
825
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රතුපස්වල පරීක්ෂණ ආයෙත් මුල සිට
පිටබැද්දර ජයා Thursday, 19 March 2015 12:38 PM
අනේ ඔව් මේකටනම් සාදාරණයක් ඉස්ට වෙන්නම ඕනා. ලෝකේ පලවෙනි රට වතුර ඉල්ලපු වරදට වෙඩි තියපු (නදී)
ලාල් Thursday, 19 March 2015 02:53 PM
ඉල්ලුවේ පිරිසිදු වතුර,ආශ්චර්යමත් පාලනයෙන් ලැබුනේ වෙඩි පහර.සාධරනය ඉෂ්ඨවේවා.(හේ)
රුචී Thursday, 19 March 2015 03:33 PM
මේවා නිකන් ගොන් පාර්ට්. දින 100 යනකන් මිනිසුන්ව අන්දනවා. රටේ මෝඩයන්ට මේවා ලොකු දේවල්. දැන් පොස්ට් මොර්ඩම් වලින් වැඩක් නැහැ. රටේ අනාගතයට සහ මිනිසුන්ට දෙයක් කරන්න බලන්න. 71 කැරැල්ලේ ඝාතකයෝ සහ 86 ජේවීපී එකෙන් කල ඝාතන ගැනත් බැලුවා නම් හොඳයි වගේ. (නදී)
චන්ද්‍ර වීරසිංහ Friday, 20 March 2015 11:45 PM
රුචිගේ කතාව මට නම් අරුචි වෙලා !! (නි)
සුමුදු හේවා Saturday, 21 March 2015 01:30 AM
රුචිගේ කටේ මසුරන් දාන්න වටිනවා. පිදුරු තණකොළ කන අයට රුචිගේ කතාව දිරවන්නේ නැහැ තමයි චන්ද්‍රා. (නි)
සුමුදු හේවා Saturday, 21 March 2015 01:33 AM
පරණ මිනීවළවල් හාරා රටම කුණු ගඳ ගැස්වීමෙන් ඇති වැඩේ මොකක්ද? අනේ මෙහෙම භීතිකාවක්! (නි)
දුමින්ද Thursday, 19 March 2015 10:33 AM
ඒ පරික්ෂණයක් විදිමත්ව සිදු කළා නම් හොදයි.(හේ)
ප්‍රකාශ් Friday, 20 March 2015 10:41 AM
අර කිව්වා වාගේ 71,87-89 ජේවීපී ඝාතන බටලන්ද ඝාතන ගැනත් සොයන්න.(හේ)