වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවට එරෙහිව පැවැති උද්ඝෝෂණයේ දී 2013 අගෝස්තු පළමු වැනි දා වෙඩි තබා තිදෙනකු ඝාතනය කියන සිද්ධිය සම්බන්ධයෙන් වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසකගෙන් රහස් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කළ අතර එම විමර්ශන පක්ෂාග්‍රහී බව කියමින් ගම්වාසීහු නීතිය හා සාමය ඇමැති ජෝන් අමරතුංග මහතාට සහ පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට පැමිණිලි කළහ.
ඒ අනුව විමර්ශන රහස් පොලිසියට භාර කැරිණි.
වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලස්පරීක්ෂණ එස් කේ උපාලි මහතාගෙන් සහ කර්මාන්ත ශාලාවට එරෙහිව මුලින්ම පොලිසියට පැමිණිලි කළ ගැමියන් තුන් දෙනකුගෙන් ද, රතුපස්වල පරිසර සංවිධානයෙන් සභාපතිගෙන් ද රහස් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව් මේකටනම් සාදාරණයක් ඉස්ට වෙන්නම ඕනා. ලෝකේ පලවෙනි රට වතුර ඉල්ලපු වරදට වෙඩි තියපු (නදී)
ඉල්ලුවේ පිරිසිදු වතුර,ආශ්චර්යමත් පාලනයෙන් ලැබුනේ වෙඩි පහර.සාධරනය ඉෂ්ඨවේවා.(හේ)
මේවා නිකන් ගොන් පාර්ට්. දින 100 යනකන් මිනිසුන්ව අන්දනවා. රටේ මෝඩයන්ට මේවා ලොකු දේවල්. දැන් පොස්ට් මොර්ඩම් වලින් වැඩක් නැහැ. රටේ අනාගතයට සහ මිනිසුන්ට දෙයක් කරන්න බලන්න. 71 කැරැල්ලේ ඝාතකයෝ සහ 86 ජේවීපී එකෙන් කල ඝාතන ගැනත් බැලුවා නම් හොඳයි වගේ. (නදී)
රුචිගේ කතාව මට නම් අරුචි වෙලා !! (නි)
රුචිගේ කටේ මසුරන් දාන්න වටිනවා. පිදුරු තණකොළ කන අයට රුචිගේ කතාව දිරවන්නේ නැහැ තමයි චන්ද්‍රා. (නි)
පරණ මිනීවළවල් හාරා රටම කුණු ගඳ ගැස්වීමෙන් ඇති වැඩේ මොකක්ද? අනේ මෙහෙම භීතිකාවක්! (නි)
ඒ පරික්ෂණයක් විදිමත්ව සිදු කළා නම් හොදයි.(හේ)
අර කිව්වා වාගේ 71,87-89 ජේවීපී ඝාතන බටලන්ද ඝාතන ගැනත් සොයන්න.(හේ)