හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා (83) නාරාහේන්පිට පෞද්ගලික රෝහලකදී මින් මද වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය.
2000 සහ 2001 වසරවල චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේ පළමු වරට අගමැති පදවිය ලද ඒ මහතා 2005 මහින්ද රාජපක්ෂ රජයේ ද අගමැතිවරයා විය.
1933 මැයි 5 වැනිදා උපත ලැබූ වික්‍රමනායක මහතා හොරණ ආසනයෙන් පාර්ලිමේන්තුවට පිවිස ජනප්‍රිය නායකයකු ද විය. නියමිත වේලාවට වැඩ කිරීමත් කෙලින් කථා කිරීමත් ඒ මහතාගේ කැපී පෙනෙන ගුණාංග දෙකක් විය. වික්‍රමනායක මහතා හොරණ මිල්ලෑව ප්‍රාථමික විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විදුහල, පේදුරුතුඩුවේ හාට්ලි විදුහලේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.
බැරිස්ටර්වරයකු වීම සඳහා එංගලන්තයේ ලින්කන් ඉන් නීති විද්‍යාලයට පැමිණි ඔහු නීති විභාගයට පෙනී සිටීමට වඩා දේශපාලනයට ඇදී ගියේය. එංගලන්තයේ සිට 1955 දී ඔහු ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ සභාපති විය. ඔහුගේ වැඩිමල් සොයුරු මුනිදාසගේ අභාවයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි වික්‍රමනායක මහතා මුලින්ම බස්නාහිර පළාත් සභාවෙන් දේශපාලනයට පිවිසියේය.
බැරිස්ටර් විභාගයට පෙනී සිටීමට ඔහුට නොහැකි විය. 1960 දී ලංකා සමසමාජ පක්ෂයෙන් ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණියේ 1962 දීය. 1965 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හොරණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. වික්‍රමනායක මහතාට දරු තිදෙනෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක ඔහුගේ වැඩිමල් පුත්‍රයා ද දි්‍යණිය වෛද්‍ය තුසර වික්‍රමනායක හා චතුර වික්‍රමනායක බාල පුතු වෙති.
වික්‍රමනායක මහතා මුලින්ම ඇමැතිවරයකු වූයේ 1970 දීය. ඒ මහතා සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ අධිකරණ නියෝජ්‍ය ඇමැති වූයේ 1970දීය. 1975 දී වැවිලි කර්මාන්ත ඇමැති ලෙසද 1976 දී අධිකරණ ඇමැති ලෙසද කටයුතු කළේය. පසුකාලීනව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් ද විය. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය වරක් පිටරට චාරිකාවක් යන්නට පෙර අගමැති වික්‍රමනායක මහතා වැඩබලන විධායක ජනපති ලෙස පත් කළාය. ශ්‍රී ලංකාවේ එවැනි පත්වීමක් සිදුවූ මුල්ම අවස්ථාව එයයි. කොටියා ත්‍රස්තවාදියකු ලෙස හැඳින්වූ ඔහු ත්‍රස්තවාදය යුද්ධයෙන්ම පරාජය කළ යුතු යැයි යන මතයේ දැඩි ලෙස එල්බ සිටියේය. කොටි සංවිධානය සමග සාකච්ඡා කිරීමද ඔහු ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරෝගාමීන් සමග ක්‍රියා කළ ඔහු මහජන එක්සත් පෙරමුණේ හිටපු නායක පිලිප් ගුණවර්ධන මහතාගේ අනුගාමිකයෙක් ද විය. 1960-70 කාලයේ මහජන එක්සත් පෙරමුණු වේදිකාවේ ඔහු ජනප්‍රියම කථිකයකු විය.
1977 දී හොරණ ආසනය පරාජය විය. 1978 දී ඔහු ශ්‍රීලනිප ලේකම්වරයා විය. චන්ද්‍රිකා කුමාරතුංග රජයේත් මහින්ද රාජපක්ෂ රජයේත් ඇමැති හා අගමැති පදවි දැරූ වික්‍රමනායක මහතා වරක් රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ද විය. 1993/94 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බස්නාහිර මහ ඇමැති සමයේ ඔහු පළාත් සභා ඇමැතිවරයෙක් විය.
ඔහු හැබෑ ගැමියකු විය. හොරණ බොහෝ දෙනා නමින්ම හඳුනාගෙන සිටි ඔහු ආසනයේ ජනප්‍රියම පුද්ගලයෙකි. වික්‍රමනායක මහතා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ ප්‍රවීණයෙක් ද විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා! (නි)
ලංකාවේ දේශපාලන ඉතිහාසේ , මහත්මා දේශපාලනේ නියුතු අවසන් මිනිස්සුන් කිහිප දෙනාගෙන් කෙනෙක් . කිසිම දවසක දේශපාලනයෙන් හම්බු නොකරපු අයෙක් . ඔබතුමාට නිවන් සුව (බ)
නිවන් සැප ලැබේවා !! (බ)
නිවන් සුව පතමි !! (බ)
නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව ලැබේවා! (නි)
හිතට එකඟව වැඩකරපු කෙනෙක්. ඔබට නිවන් සුව! (නි)
හොරණ ප්‍රදේශයට තිබුණ ලොකු ශක්තියක් අහිමිවුණා වගෙයි (නි)
ඔබට නිවන් සැප ලැබේවා! (නි)
අද අහන්න ලැබෙන්නෙම කණගාටුදායක පුවත්මයි (නි)
හොඳ දේශපාලකයෙක් අපිට අහිමිවුණා. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව පතමි (බ)
ඔහු මහ චන්දයකට ආසන්නයේ හොරණට ලබාදුන් මේධංකර විද්‍යාලය මේ දැන් කෙරූ විද්‍යාලය යයි ප්‍රතිවාදීන් අවඥා සහගතව කිව්වට එය ඔහුගෙන් හොරණට සිදුවුන ලොකුම සේවයයි. (බ)
අභීත නායකයාණනි ඔබට නිවන්සුව ලැබේවා (බ)
අද ඉන්නේ වංචාකාරයන් ඒ අතර ඔබ ඉතාමත් දුර්ලබ සම්පතක්!. ඔබට නිවන් සුව මහත්මයාණනි. (බ)
ඉපදෙන කාටත් උරුම මරණය, ඔබට නිවන් සුව. (බ)
හිතට දැනෙන්නේ කියාගන්න බැරි දුකක් (නි)
හොරණ මිණි පහන නිවෙයි! (නි)
නිවන් සැප ලැබේවා! (නි)
එතුමාට නිවන් සුව පතමි!
මැරෙන්නෙ එකපාරයි - ජීවත්වෙන්නෙ එකපාරයි - ඉපදෙන්නෙ එකපාරයි - කියලා හිතුවට සංසාරෙ කීපාරක් මෙහෙම ඉපදිලා ජීවත්වෙලා මැරිලා ඇද්ද? මේක සිදුවෙන වාරයක් වාරයක් පාසාම සිදුවන්නෙ දුකක් මිස අන්යමක් නොවන බව කාටහරි තේරුණ දවසට, නිර්වාණ ශාන්තිය ලබාගැනීමේ මාර්ගය පේනවා. එතෙක් සංසාරෙ අපි මැරි මැරී ඉපදෙනවා (නි)
ඔබට නිවන් සුව හිටපු අගමැතිතුමනි! (නි)
ඉතාමත් කණගාටුදායක පුවතක්. දේශපාලනයෙන් මඩගානොගත්, කිසිදා වංචා දූෂණ වලට නම ගාවානොගත් ඉතාමත් විරල ගණයේ මහත්මා දේශපාලකයෙක්. ඔබතුමාගේ අභාවය හොරණ අපිට කිසිදා පිරිමැහිය නොහැකි පාඩුවක්. දැයෙන් සමුගත් රත්නසිරි ව්ක්‍රමනායක මැතිදුනි, ඔබතුමාට අමා මහ නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
වික්‍රමනායක මහතා අජරාමර නිවනින් සැනසෙත්වා! (නි)
මෙවන් යහපත් දේශපාලකයින් අපෙන් සදහටම සමුගෙන යද්දී, අපට ඉතිරි වන්නේ "බොල් දේශපාලකයින්" පමණයි. ඒ ගැනයි අපට වේදනාව. අපේ රත්නසිරි වික්‍රමනායක ශ්‍රීමතානන්ට නිවන්සුව ලැබේවා..! (නි)
හොඳ නායකයකු අපිට අහිමි විය .... (ම)
සංවේගජනක මරණයක්. ඔබතුමාට නිවන් සුව.(ම)
ඔබට නිවන් සුව හිටපු අගමැතිතුමනි! (නි)
ඔබට නිවන් සුව පතමි! (නි)
ඉතාමත්ම කණගාටුදායක පුවතක්. ඔබතුමා සදා අමරණියයි. නිවන් සුව පතමු! (නි)
ඔබ දේශපාලකයෙකු වෙන්න කලිනුත් හොඳ මිනිසෙකුව සිටියා. ඔබ මියගියත් ඔබ ඉතිරි කළ ඒ සුවඳ මියයන්නේ නැහැ. (නි)