රත්නපුර නව නගරයේ බස් රියක් හා හමුදා ට්‍රක් රියක් හැපීමෙන් හමුදාවේ සෙබළකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
දෙදෙනකු මිය ගිය බව කලින් ලැබුණු වාර්තා සංශෝධනය කරමින් ඔහු පැවසුයේ මිය ගියේ එක් අයකු පමණක් බවයි.
හමුදා ට්‍රක් රථයේ හා බස් රියේ ගමන් කළ 28 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද ඔහු පවසයි.
හමුදා ට්‍රක් රිය දියතලාවේ සිට කුරුවිට හමුදා කඳවුරට පැමිණෙමින් සිටියේය.
ඡායාරූප - අප්සරා යෝසිත් විජේසූරිය
ඡායාරූප- බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප - අජිත් ලාල් ශාන්තඋදය






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා ට්‍රක් රියේ පිටුපසින් බස්රිය ගැටුනා නම් වරද බස් රියදුරුගෙයි.මන්ද ඉදිරි වාහනයට දුරක් තබා පසුපස වාහනය පැදවිය යුතුයි. නීතිය එයයි. (නි)
අනිසි හදිස්සිය -මරුට ඇරයුම. (ස)
අනේ අපේ රටේ මිනිස්සු කවදාද විනයක් ඇතුව රිය පදවන්න පුරුදුවෙන්නේ. විශේෂයෙන්ම අධි විනයක් සහිත සෙබළුන්ගේ වාහන මේ විදිහට අනතුරට ලක්වීම ඉතා කණගාටුදායකයි. බලදරයිනි, වහා පියවර ගන්න. නැත්නම් ඉදිරි අනාගත පරපුර අනතුරේ. (නි)
බස් එක පසුපසින් හප්පා ඇති බවකුයි පෙනෙන්න නම් තිබෙන්නේ (නි)
වාහනයක් අතට ගත්තහම වඳුරට දැලිපිහිය අහුවුණා වගේ ඩ්‍රයිවර් උන්නැහේලා.අනිත් අයගේ ගමන් වලට බාධානොකර ගමන් බිමන් යන විදිය, බලපත්‍ර ගන්න දිනයේ සිටම ඉගැන්විය යුතුයි.පොදු ප්‍රවාහනය කරන රියදුරන්ට අධ්‍යාපන හා සංහිඳියාව පිළිබඳ මට්ටමක් අනිවාර්ය කළයුතුයි (නි)
බස් එක පාරේ අනෙක් පැත්තේ තිබෙන විදියෙන් පෙනෙනවා ගිහින් තිබෙන වේගය සහ හමුදා වාහනයේ පිටුපසින් හප්පා තිබෙන බව. පුද්ගලික බස් සේවාව පටන්ගත්ත දවසේ සිට කළේ රටේ ජනතාවට පාරක බැහැලා ආරක්ෂාවක් ඇතුව යන්න තිබුන එක නැතිවුණ එකයි. බලධාරීන් මොනවද මේවට කියන්නේ. රියදුරාගේ ජීවිත කාලයටම රිය පදවන්න බැරි විදියට බලපත්‍රය අහෝසි කරන්න නීතියක් අවශ්‍යයි. (නි)
මම වැඩකරන කාර්යාලය ඉස්සරහමයි සිද්ධිය වුණේ. හතර පස්දෙනෙක්ම හොඳටම අසාධ්‍ය තත්ත්වයෙන් තමයි හිටියෙ (නි)
මේ වැඩෙන් වුණේ දැනට පොඩි දරුවෙක් අම්මා කෙනෙක් එකක් තනි වුණ එක විතරයි (බ)