ගුද මාර්ගයේ සිට සෙන්ටි මීටර් 02ක් පමණ ඉහළ මහබඩවැලේ වර්ධනයවූ පිළිකා සෛලයක් ශල්‍ය කර්මයකින් ගුදමාර්ගයට හා එහි ක‍්‍රියාකාරිත්වයට හානි නොවන සේ ඉවත් කළ විස්මිත සැත්කමක් රත්නපුර මහ රෝහලදී සිදුවිය.
පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම මහතා ප‍්‍රධාන රත්නපුර මහ රෝහල් පිළිකා රෝග ඒකකයේ වෛද්‍යවරුන් වන ප‍්‍රසාද්, සංජීව, සාලිය සහ නිර්වින්දන රෝග විශේෂඥ වෛද්‍ය රණවීර ඇතුළු වෛද්‍ය කණ්ඩායමේ සහභාගිත්වයෙන් හෙද කාර්ය මණ්ඩලය සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේද සහායෙන් විවාහකයක් (58) මේ සැත්කමට ලක් විය.
නවීන වෛද්‍ය තාක්‍ෂණික කැමරා මගින් පරීක්‍ෂාකර එම පුද්ගලයාගේ මහ බඩවැලේ පිළිකා සෛල සහිත කොටස ඉවතට ගෙන පිළිකා සෛල ඉවත්කර නැවත යථා පරිදි සකස් කිරීමට වෛද්‍යවරු සමත් වූහ. ‘‘ගුදමාර්ගය ඉවත් කිරීමට සිදුවන්නේ නෑ. මේ ක‍්‍රමය ප‍්‍රංශය ජපානය වැනි රටවල සිදුවෙනවා. ලංකාවේ බොහෝවිට මේ සැත්කමදී පැරණි ක‍්‍රමය අනුව ගුද මාර්ගයේ සිට සෙන්ටීමීටර් 10 ක් ඇතුළට මහ බඩවැලේ පිළිකා සෛල ඉවත් කිරීමේදී ඒ සමඟ ගුද මාර්ගයද ඉවත්කර ඒ වෙනුවට බෑගයක් සවිකළා.
නව ක‍්‍රමය නිසා සියයට අනූවක් රෝගීන්ට බෑග් අවශ්‍ය වන්නේ නැහැ“
පැරණි ක‍්‍රමයේ එවැනි ශල්‍ය කර්මයක් සඳහා රුපියල් ලක්‍ෂයක් පමණ වැයවෙයි. ගුද මාර්ගය ආසන්නව පිළිකා ඉවත් කිරීම සැත්කම් ලංකාවේ රෝහල්වල ප‍්‍රචලිත කරන්නේ නම් එය මුදල් ඉතිරි කරගත හැකි ලාභදායී වඩාත් පහසු ක‍්‍රමයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා මෑණිගේ නියම සුජාත දරුවෝ මේ විශ්ව කාර්ම පුතුනුයි. මේ සැත්කම කෙරු වෛද්‍ය වරුනට ජාතියේ ප්‍රණාමය. (ර)
උණුසුම් සුභ පැතුම් මේ සදහා සහභාගී වූ සියලුම දෙනාටම.(හේ)
මෙය ඉතා වටිනවා (නදී)
මේ පිං බලෙන් මේ සියලු දෙනාටම සෙතක් ශාන්තියක් අත් වේවා. තව තව මේ වගේ ශල්‍යකර්ම කර මිනිසුන් බේරා ගැනීමට ශක්තිය ධෛර්්‍යය ලැබෙන්න ඕනෑ (දිල්)
පෞද්ගලික වෙද විදුහල් එපා කියන්නේ මෙවන් ජීවකයින් ඒවායින් බිහිවෙන්නේ නැති නිසයි. උපකරණ හිඟ වුණත් තවමත් අපේ රටේ වෙදකම කුමන රටකටවත් දෙවැනි නැහැ. (නි)
ලස්සන වැඩක්. ලස්සනයි (නදී)
නිදහස් අධ්‍යායපනයේ පිහිටෙන් වෛද්‍ය විද්‍යාව හදාරා මෙම උතුම් විද්‍යාවේ විශේෂඥත්වයට පත් මෙවැනි දක්ෂ ලක්පුතුන්ගේ සේවය රජය විසින් දිවයිනේ හැම මහා රෝහලකටම සලසා ඇති මුත් ශල්‍යකර්ම වලට අවශ්‍ය පහසුකම් හිඟ කමින්දෝ මෙවැනි අසාධ්‍ය රෝගී අවස්ථාවන්හි දිවි බේරා ගත හැකිවන්නේ පුද්ගලික රෝහල්වල සේවය ලබාගත් අයට පමණි.(හේ)
මේ සැත්කම කෙරූ වෛද්‍ය වරුනට ජාතියේ ප්‍රණාමය. (නදී)
මෙම සැත්කම කෙරූ වෛද්‍ය වරුන්ට ජාතියේ ප්‍රණාමය (නදී)
මේවා තම ප්‍රවෘත්ති ............ දේශපාලුවෝ වැඩක් නැහැ. (ස)
ගුද මාර්ගයේ මහා අන්ත්‍රයේ පිළිකා වයස්ගත අයට හැදීමේ ප්‍රවණතාවය වැඩියි වෙන රටවල නම් වයස අවරුදු 45 විතර පැන්නම මිනිසුන් පරීක්ෂණ වලට යොමු වෙනවා .එතකොට පිළිකාවක් නම් "ද්විතික අසාදන " වලට කලින් අඳුර ගන්න පුළුවන් .ලංකාවෙත් ඒ පරීක්ෂණ තියනවා නමුත් අවාසනාවට අපේ අය ඒවාට යොමු වෙනවා අඩුයි ,මොනවා උනත් මේ වෛද්‍ය වරුනට අපේ ආචාරය ! (බ)
ගුද මාර්ගයේ මහා අන්ත්‍රයේ පිළිකා වයස්ගත අයට හැදීමේ ප්‍රවනතාවය වැඩියි වෙන රටවල නම් වයස අවරුදු 45 විතර පැන්නම මිනිසුන් පරීක්ෂණ වලට යොමු වෙනවා . එතකොට පිළිකාවක් නම් "ද්විතික අසාදන " වලට කලින් අඳුර ගන්න පුළුවන් . ලංකාවෙත් ඒ පරීක්ෂණ තියනවා නමුත් අවාසනාවට අපේ අය ඒවාට යොමු වෙනවා අඩුයි , මොනවා උනත් මේ වෛද්‍ය වරුනට අපේ ආචාරය ! (බ)
මේ රෝගී මහතාට ඉක්මන් සුවය ලැබේවා! නීරෝගී වේවා ! කැප වුන සියල්ලන්ටම බොහොම පින් . නීරෝගී සම්පත ලැබේවා. !.(හේ)
ඔහුට ඉක්මන් සුවය ලැබේවා! මෙවන් රෝග වෙනත් කිසිවෙකුට නොසෑදේවා! (නි)
අැත්තටම මෙහෙම මිනිසුන්ව තමයි අගය කළ යුතු වෙන්නෙ(දිල්)
මේ සැත්කම කළ වෛද්‍යවරුනට ජාතියේ ප්‍රණාමය! (නි)
ගොඩක් සතුටුයි. සෞඛ්‍යය ක්ෂේත්‍රය ලැබූ තවත් විශ්මිත ජයග්‍රණයක්. (නි)
මේ වගේ දොස්තරලට දීර්ඝායුෂ ලැබෙන්න ඕනා. හතුරෙකුටවත් මෙවන් ලෙඩක් හැදෙන්න එපා (නදී)
උණුසුම් සුභ පැතුම් මේ සදහා සහභාගී වූ සියලුම දෙනාටම. (නදී)
කෝ වීඩියෝ එක.? (ර)
දෙවිවරු. (ර)
ඇත්තටම ආඩම්බරයි.(හේ)
මේ දොස්තරමහතුන්ට රැකියාව හරියට කිරීමෙන් ලැබෙන පින අපිට ආත්ම ගණනකටවත් ලබන්න බෑ. ඔවුන් සියලුම දෙනාට මගේ උපහාරය. (නදී)
ඇත්තටම මේ වගේ සැත්කම් කිරීම ගැන සතුටු වෙනවා.(හේ)