IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රත්නපුර රෝහලේ විස්මිත සැත්කමක්

ගුද මාර්ගයේ සිට සෙන්ටි මීටර් 02ක් පමණ ඉහළ මහබඩවැලේ වර්ධනයවූ පිළිකා සෛලයක් ශල්‍ය කර්මයකින් ගුදමාර්ගයට හා එහි ක‍්‍රියාකාරිත්වයට හානි නොවන සේ ඉවත් කළ විස්මිත සැත්කමක් රත්නපුර මහ රෝහලදී සිදුවිය.

පිළිකා  ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම මහතා ප‍්‍රධාන රත්නපුර මහ රෝහල් පිළිකා රෝග ඒකකයේ වෛද්‍යවරුන් වන ප‍්‍රසාද්,  සංජීව,  සාලිය සහ නිර්වින්දන රෝග විශේෂඥ වෛද්‍ය රණවීර ඇතුළු වෛද්‍ය කණ්ඩායමේ සහභාගිත්වයෙන් හෙද කාර්ය මණ්ඩලය සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේද සහායෙන් විවාහකයක් (58) මේ සැත්කමට ලක් විය.

නවීන වෛද්‍ය තාක්‍ෂණික කැමරා මගින් පරීක්‍ෂාකර එම පුද්ගලයාගේ මහ බඩවැලේ පිළිකා සෛල සහිත කොටස ඉවතට ගෙන පිළිකා සෛල ඉවත්කර නැවත යථා පරිදි සකස් කිරීමට වෛද්‍යවරු සමත් වූහ. ‘‘ගුදමාර්ගය ඉවත් කිරීමට සිදුවන්නේ නෑ.  මේ ක‍්‍රමය ප‍්‍රංශය ජපානය වැනි රටවල සිදුවෙනවා. ලංකාවේ බොහෝවිට මේ සැත්කමදී පැරණි ක‍්‍රමය අනුව ගුද මාර්ගයේ සිට සෙන්ටීමීටර් 10 ක් ඇතුළට මහ බඩවැලේ පිළිකා සෛල ඉවත් කිරීමේදී ඒ සමඟ  ගුද මාර්ගයද ඉවත්කර ඒ වෙනුවට බෑගයක් සවිකළා.

නව ක‍්‍රමය නිසා සියයට අනූවක් රෝගීන්ට බෑග් අවශ්‍ය වන්නේ නැහැ“

 පැරණි ක‍්‍රමයේ එවැනි ශල්‍ය කර්මයක් සඳහා රුපියල් ලක්‍ෂයක් පමණ වැයවෙයි. ගුද මාර්ගය ආසන්නව පිළිකා ඉවත් කිරීම සැත්කම් ලංකාවේ රෝහල්වල ප‍්‍රචලිත කරන්නේ නම් එය මුදල් ඉතිරි කරගත හැකි ලාභදායී වඩාත් පහසු ක‍්‍රමයකි.

 

 



අදහස් (0)

රත්නපුර රෝහලේ විස්මිත සැත්කමක්

සත්‍යයා Sunday, 07 December 2014 07:55 AM

ලංකා මෑණිගේ නියම සුජාත දරුවෝ මේ විශ්ව කාර්ම පුතුනුයි. මේ සැත්කම කෙරු වෛද්‍ය වරුනට ජාතියේ ප්‍රණාමය. (ර)

:       0       0

ගුණසේකර Thursday, 04 December 2014 11:10 AM

උණුසුම් සුභ පැතුම් මේ සදහා සහභාගී වූ සියලුම දෙනාටම.(හේ)

:       0       0

ආර්.එම්.පී.පී රාජපක්ෂ Monday, 08 December 2014 01:54 PM

මෙය ඉතා වටිනවා (නදී)

:       0       0

වෙන්දේසි සීයා Thursday, 04 December 2014 11:27 AM

මේ පිං බලෙන් මේ සියලු දෙනාටම සෙතක් ශාන්තියක් අත් වේවා. තව තව මේ වගේ ශල්‍යකර්ම කර මිනිසුන් බේරා ගැනීමට ශක්තිය ධෛර්්‍යය ලැබෙන්න ඕනෑ (දිල්)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 04 December 2014 12:03 PM

පෞද්ගලික වෙද විදුහල් එපා කියන්නේ මෙවන් ජීවකයින් ඒවායින් බිහිවෙන්නේ නැති නිසයි. උපකරණ හිඟ වුණත් තවමත් අපේ රටේ වෙදකම කුමන රටකටවත් දෙවැනි නැහැ. (නි)

:       0       0

හර්ෂ Saturday, 06 December 2014 01:27 PM

ලස්සන වැඩක්. ලස්සනයි (නදී)

:       0       0

ලියොන් ගුනවර්දන Thursday, 11 December 2014 10:35 PM

නිදහස් අධ්‍යායපනයේ පිහිටෙන් වෛද්‍ය විද්‍යාව හදාරා මෙම උතුම් විද්‍යාවේ විශේෂඥත්වයට පත් මෙවැනි දක්ෂ ලක්පුතුන්ගේ සේවය රජය විසින් දිවයිනේ හැම මහා රෝහලකටම සලසා ඇති මුත් ශල්‍යකර්ම වලට අවශ්‍ය පහසුකම් හිඟ කමින්දෝ මෙවැනි අසාධ්‍ය රෝගී අවස්ථාවන්හි දිවි බේරා ගත හැකිවන්නේ පුද්ගලික රෝහල්වල සේවය ලබාගත් අයට පමණි.(හේ)

:       0       0

පතිරණ Monday, 08 December 2014 03:06 PM

මේ සැත්කම කෙරූ වෛද්‍ය වරුනට ජාතියේ ප්‍රණාමය. (නදී)

:       0       0

පතිරණ Monday, 08 December 2014 03:07 PM

මෙම සැත්කම කෙරූ වෛද්‍ය වරුන්ට ජාතියේ ප්‍රණාමය (නදී)

:       0       0

ඉෂාන් Tuesday, 09 December 2014 01:34 AM

මේවා තම ප්‍රවෘත්ති ............ දේශපාලුවෝ වැඩක් නැහැ. (ස)

:       0       0

ජයලත් Friday, 05 December 2014 10:43 AM

ගුද මාර්ගයේ මහා අන්ත්‍රයේ පිළිකා වයස්ගත අයට හැදීමේ ප්‍රවණතාවය වැඩියි වෙන රටවල නම් වයස අවරුදු 45 විතර පැන්නම මිනිසුන් පරීක්ෂණ වලට යොමු වෙනවා .එතකොට පිළිකාවක් නම් "ද්විතික අසාදන " වලට කලින් අඳුර ගන්න පුළුවන් .ලංකාවෙත් ඒ පරීක්ෂණ තියනවා නමුත් අවාසනාවට අපේ අය ඒවාට යොමු වෙනවා අඩුයි ,මොනවා උනත් මේ වෛද්‍ය වරුනට අපේ ආචාරය ! (බ)

:       0       0

ජයලත් Friday, 05 December 2014 10:43 AM

ගුද මාර්ගයේ මහා අන්ත්‍රයේ පිළිකා වයස්ගත අයට හැදීමේ ප්‍රවනතාවය වැඩියි වෙන රටවල නම් වයස අවරුදු 45 විතර පැන්නම මිනිසුන් පරීක්ෂණ වලට යොමු වෙනවා . එතකොට පිළිකාවක් නම් "ද්විතික අසාදන " වලට කලින් අඳුර ගන්න පුළුවන් . ලංකාවෙත් ඒ පරීක්ෂණ තියනවා නමුත් අවාසනාවට අපේ අය ඒවාට යොමු වෙනවා අඩුයි , මොනවා උනත් මේ වෛද්‍ය වරුනට අපේ ආචාරය ! (බ)

:       0       0

මනුක Thursday, 04 December 2014 12:31 PM

මේ රෝගී මහතාට ඉක්මන් සුවය ලැබේවා! නීරෝගී වේවා ! කැප වුන සියල්ලන්ටම බොහොම පින් . නීරෝගී සම්පත ලැබේවා. !.(හේ)

:       0       0

දිනූෂා Thursday, 04 December 2014 12:54 PM

ඔහුට ඉක්මන් සුවය ලැබේවා! මෙවන් රෝග වෙනත් කිසිවෙකුට නොසෑදේවා! (නි)

:       0       0

කමල් කිත්සිරි Tuesday, 09 December 2014 11:37 AM

අැත්තටම මෙහෙම මිනිසුන්ව තමයි අගය කළ යුතු වෙන්නෙ(දිල්)

:       0       0

ශාන් Thursday, 11 December 2014 02:57 PM

මේ සැත්කම කළ වෛද්‍යවරුනට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

හර්ෂණී විජේසිංහ Saturday, 06 December 2014 12:14 AM

ගොඩක් සතුටුයි. සෞඛ්‍යය ක්ෂේත්‍රය ලැබූ තවත් විශ්මිත ජයග්‍රණයක්. (නි)

:       0       0

මොහොමඩ් ඛාන් Thursday, 04 December 2014 02:00 PM

මේ වගේ දොස්තරලට දීර්ඝායුෂ ලැබෙන්න ඕනා. හතුරෙකුටවත් මෙවන් ලෙඩක් හැදෙන්න එපා (නදී)

:       0       0

කාංචන Thursday, 04 December 2014 02:04 PM

උණුසුම් සුභ පැතුම් මේ සදහා සහභාගී වූ සියලුම දෙනාටම. (නදී)

:       0       0

ප‍්‍රසාද් Thursday, 04 December 2014 10:05 AM

කෝ වීඩියෝ එක.? (ර)

:       0       0

වාසනා අතාවුද Thursday, 04 December 2014 02:35 PM

දෙවිවරු. (ර)

:       0       0

තරංග Sunday, 07 December 2014 04:11 PM

ඇත්තටම ආඩම්බරයි.(හේ)

:       0       0

සෙනරත් Thursday, 04 December 2014 10:37 AM

මේ දොස්තරමහතුන්ට රැකියාව හරියට කිරීමෙන් ලැබෙන පින අපිට ආත්ම ගණනකටවත් ලබන්න බෑ. ඔවුන් සියලුම දෙනාට මගේ උපහාරය. (නදී)

:       0       0

අශාන් Thursday, 04 December 2014 03:14 PM

ඇත්තටම මේ වගේ සැත්කම් කිරීම ගැන සතුටු වෙනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site