බ්‍රහස්පතින්දා (27) රත්නපුරයේදී පැවැත්වීමට නියමිත ජනරැලියට තමාත් මන්ත්‍රී ජානක වක්කුඹුර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් නියත වශයෙන්ම සහභාගිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (25) මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
එම රැලියට සහභාගී නොවන ලෙස වාචිකව හෝ ලිඛිතව පක්ෂයේ කිසිදු දැනුම්දීමක් නොමැති බවත් ඊට නිදහසේ සහභාගීවීමට ඉඩදීම සම්බන්ධයෙන් ජාතික ආණ්ඩුවටත් පක්ෂයටත් ස්තූතිවන්ත වන බවද ඒ මහතා කීවේය.
එම අවස්ථාවට රොෂාන් රණසිංහ සහ ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සහභාගීවී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටබැද්දර ජයා අපේ පිටේ මොල්ලියක් නෑ ඒ නිසා අපි දන්නවා මහින්ද මහත්තයාගේ වැරදි තිබුනත් එතුමා රටට කරපු සේවයත් දැන් පාලනය රටට කරන විනාශයත්. (ස)
සබෑ නිදහස රැගෙන ආ ජාතියේ සැබෑම පියා වෙනුවෙන් මොන තහංචි දැම්මත් පයට විලංගු දැම්මත් නතර කල නොහැක. (ස)
අයියා අර පැත්තේ මල්ලි මේ පැත්තේ. කොයි පැත්තේ සිටියත් මේ අය ගොඩ. ජනතාව මඩේ. මේ පිංතුර වල ඉන්නේ ජනතාවගේ මුදල් හොරා කෑ අය පැහැදිලියි.ගමේ බයියලාගේත් නගරයේ වැදගත් යයි කියන හොරැන්ගේත් වෙනස මෙයින් පැහැදිලි වෙයි. (ස)
රැස්වීමට තහංචි දැම්මට හෘදසාක්ෂියට තහංචි දාන්න බෑනේ. (ස)
ශ්‍රී ලංකා පක්ෂ දරුවට අප්පච්චිලා දෙන්නෙක්ද. (දී)
කවුරු ගියත් නැතත් මට නම් වැඩක් නැහැ. (දිල්)
මට හරිම දුක අපට තව අවරුදු දෙකකක් කන්ඩ තිබුන එක පූජා කරලා දැන්ම ඉදන් ඇස්සට දත නියාවන්ඩ සිද්ද වෙච්ච එකගැනයි. මොනවා කරන්ඩද අපේම අවාසනාව. ආයේ ආවත් ජනාදිපතිකම නෑ නේ. (ස)
දැන්නම් තහංචි දැම්මත් ගණන් ගන්නේ නැ කවුරුත් (ත)
ප්‍රසන්න මහත්තයා හදනේ මහින්ද රාජපක්ෂට තව පරාජයක් අත්කරදෙන්න . (ත)
ගොන් කතා කියන්න එපා කරුණාරත්න. (ස)
මම මැරෙනකල්ම ඡන්දෙ දුන්නේ මහින්ද මහත්තයාට විතරයි. (ස)
ඔහොම යමු. තව අවුරුද්දක් යනකොට මහින්ද කවුද කියල මිනිස්සු අහයි. (ස)
මේවා තහංචි දල නවත්වන එක වැඩක් නැ මිනිසුන්ගේ හදවතින් එන දේ නවත්වන්න බැහැනේ ජනතාවගෙන් කොටසක් රැවටුන කොටසකට වැරදුනා(ස)
දෙනවා කියලා බොරු කිය කියා තියා ගත්ත නිසා තමයි මහින්ද මහත්තයා අප්‍රසාදයට පත් වුණේ...(බ)
මහින්ද වටා රොක් වෙන ජනතාව කාටවත් නවත්වන්න බැ. බොරු කියල පාවාදීල තැනට ආවාට මෙයා රටම පාවාදෙන මාර්ගයක ඉන්නේ කියල රටම දන්නවා. (ස)
දන්සල් වලින් කාපු අයට ආයෙත් දන්සල් කන්න හිතිලා. මොන මානසිකත්වයක්ද මේ. 20 ක් රජ කළා මදිද? (බ)
ආයෙත් මොනවා වෙන්න යනවද දන්නේ නෑ (දිල්)
ජාතියේ සැබෑ පියා කියා සමහරු හිතන මනුස්සයා රටේ සල්ලි වලට දුන්නු ගේම නම් මරු. (ස)
සිංහලයොත් දැන් කලවම්, සිංහලයෝ මුල ඉදලම කලවම් කියල අමතකද? (ස)
තහංචි දාල වැඩක් නැහැ. මොකද දැන් මහින්දගේ රාජ යෝගයක් නැති බව හැමෝම දන්නවා. දැන් තියෙන්න නීච උණු කාලයක්. (ස)
රජ බලු වෙලා, (ස)
සසික, ඔබ හරියටම හරි. අන් අයට තියා තමන්ටවත් තහනම් පණවගන්න පුලුවන්ද හෘද සාක්ෂියක් ඇති කෙනෙකුට. සසික, කිසිකෙනෙක් රැවටුනේ නැහැ රැවටුවා. වැරදුනේ නැහැ වැරැද්දුවා. අනාගතයේ මේවට වගකියන්න වෙන්නේ අපගේ දරුවන්ටයි. (නි)
දිනපු ජනාධිපතිතුමාට වඩා හිටපු ජනාධිපතිතුමාගේ ජනප්‍රියකම එන්න එන්නම වැඩිවෙන්නේ ඇයි කියලා ශ්‍රී ලාංකිකයෙක් වගේ හිතට එකඟව හිතලා බලන්න. (නි)
රත්නපුර රැල්ල සාර්ථක වේවා යනු මගේ එකම පැතුමයි (නි)
පාඩමක් උගන්වන්න තව එක්කගෙන යන්න (නි)
ශිවා ඔයාට හොඳටම ෂුවර්ද? (ස)
මේකේ අදහස් දාපු මෝඩ නිවටයන්ට කියන්නේ, මහින්දගේ හොඳ කාලේ ඉස්සරහට! (ස)
ඔය මහත්වරුන්ට බඩගිනි වුණාම කන්න දෙයකුත් අරගෙන යමු නේද? (නි)
දෙගොඩතලා යන මහා වතුරක් කාටවත් නවත්වන්න බැහැ (නි)
අපේ ජාතියේ වාසනාවට පහළවූ වීරයාණෝද, ජනතා අපේක්ෂාවද ඔබයි අපේ නායකයාණෙනි. අපි හැමෝම නැවත ඔබගේ ආගමනය අපේක්ෂාවෙන් පෙරුම්පුරාගෙන බලා ඉන්නවා. ඔබතුමාට සියලු දෙවියන්ගේම පිහිට ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා! (නි)
ඔහොම යමු. අද ඉන්න මිනිස්සු ඉස්සර කළ මෝඩකම් කරන්නේ නැහැ. පහුගිය කාලේ මොනවගේ පාලනයක්ද තිබුනේ කියලා අද නිදහසේ කතා කරද්දී අපිට නම් දැනෙනවා. (නි)
යන්න එපා කිව්වා කියලා නොයන එකක්යැ. ඒ නිසා මොකුත් කියලා වැඩක් නැහැ. (නි)
මම දන්නා ඉතිහාසයට අනුව මේතාක් පැරදුණු පළමුවන ජනාධිපතිතුමා මහින්ද රජතුමා විතරයි. ඒ නිසා වෙන්න ඇති මේ විදියට රටපුරා යන්නෙ. (නි)
එක වගේ කුරුල්ලන්ට එකට ලගින්නට ඉඩදෙමු.පස්සේ රංචුවම අල්ලා ඈතට එළවා දමමු.. (නි)
අපි බලන් ඉදිමු.., කතා කරන්න ලියන්න දවසක් ළගදීම එනවා., (ත)
@ඩයස්. මහින්දගේ පහුවුනේ නරක කාලයද? නරක කාලෙට ඔහොම හම්බකරගත්තනම් හොද කාලෙට කොහොම හම්බකරගිද? පව් අපට (ස)
@ ශිරෝමින්, මහින්දගේ නීච උනු කලේ කියල හිතාගන්න බැරිද ? කරන කියන දේ දකින විට මොලේ ඇති අයටනම් තේරෙනවා. මොනවා උනත් පව්. (ස)
පැරදුනේ හිටපු ජනාධිපතිතුමා නෙමෙයි. කලවම් නැති සිංහල අපි. දිනුවේ කලවම් සිංහලයන්. මුළු ලෝකයේම මේ පුංචි දුපත විතරයි සිංහල අපිට ඇත්තේ එය රැකදුන් හිටපු ජනපතිට අපි සද ණයගැති. (ම)
පිටබැද්දර ජයෝ, පහුගිය කාලේ මහින්දගෙන් තිබුන තහංචිය මොකද්ද? නිකන් සවුත්තු කතා එපා, දැන් තියෙන්නේ සද්ද නැතුව දෙන දේ කලා වෙන දේ බලා ඉන්න කොත්තමල්ලි බීලා! (ම)
පිටබැද්දර ජයා අමතකද 30 වසරක් රටේ 1/3 ක මොනවගේ පාලනයද තිබුනේ කියලා.මුළු රටේම නිදහසේ යන්න එන්න කතාකරන්න අද පුළුවන් එක ඇති කලේ ඔය රජකම් කරන කාඩ්බෝර්ඩ් වීරයෝ නෙවයි (ම)
කවුරු කුමක් කිවුවත් අපි ඔබතුමා සමඟයි (නි)