හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස පත්කරන ලෙස බලකරමින් සන්ධානයේ හවුල්කාර පක්ෂ පවත්වන තුන්වැනි රැලිය වෙනුවෙන් රත්නපුර සීවලී පිටියේ වේදිකා තුනක් ඉදිකරමින් පවතී.
ඡායාරූප - ලංකා සී නිවුස් අනුග්‍රහයෙනි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස පත්කරන ලෙස බලකරමින් සන්ධානයේ හවුල්කාර පක්ෂ පවත්වන තුන්වැනි රැලිය වෙනුවෙන් රත්නපුර සීවලී පිටියේ වේදිකා තුනක් ඉදිකරමින් පවතී.
ඡායාරූප - ලංකා සී නිවුස් අනුග්‍රහයෙනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේදිකා තුනක ඉන්න සෙනඟ ඇතිද?(හේ)
සමහරුන්ට මේවා දකිනකොට ඉන්න බැරුව ඇති (නි)
මම කතා කරන්නේ "පිවිතුරු යහපාල " යාලුවට. ඔයා දේශපාලනය ගැන දන්නේ නැති මනුස්සයෙක් වගේ තමා කියලයි මට තේරෙන්නේ. මොකද මම කරන්නේ පක්ෂ දේශපාලනය. පුද්ගල දේශපාලනය නෙවෙයි. අපි අපේ පක්ෂය රැක ගන්න ඕනා. දැන් අපේ පක්ෂයට වෙලා තියන එක පසුගිය කාලයේ යු.එන්.පී එකට තිබ්බා. මොකද උනේ පක්ෂය කෑලි වලට ගියා. ඒ වෙලාවේ බහුතර එජාප පාක්ෂිකයෝ සජිත් එක්ක හිටියේ. ඒ වෙලාවේ සජිත්ට දුන්නා නම් අද යු.එන්.පී එක ඔය තැන නෑ. එහෙනම් එයාල තවම විපක්ෂයේ. මොකද එහෙනම් යු.එන්.පී එක තව බෙදෙනවා. එයාල ඡන්දය එනකන් ගානට හිටියා. අපි පක්ෂය රැක ගන්නත් මහින්ද රැක ගන්නත් පක්ෂය එක්ක ඉන්න ඕනා. එ්ක නිසා මෛත්‍රීට තැන දීල මහින්දත් එයාට උදව් කරන්න ඕනා. ඔතන ඉන්න ගොඩක් අය පළාත් සභා වල අය. ඊ ලගට ඡන්දයෙන් ගොඩ එන එක තමා එයාලගේ සැලසුම. අනිත් එක විමල්ල උදයලා එයාල කරන්නෙත් ඕක තමා. (නදී)
අපි හැමද ඔබ සමගයි ජනපතිතුමනි.ඔබතුමා එනවට විරුද්දව කෑගහන හැමෝම රටට ආදරය ඇති මිනිසුන් නොවෙයි.කුහකයෝ.අඩුගානේ මේ වෙනකොට ඉදිරියටවත් හොදක් වෙයි කියලා ඡායාවක්වත් පේනවනම් කමක් නැහැ.ඔබතුමාගේ නායකත්වයෙන් තොර රටක් ගැන අපි සිතන්නේවත් නැහැ.මගේ දරුවන්ටත් ඔබතුමාගේ නායකත්වයෙන් යුක්ත රටේ ජීවත්වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. (ස)
මුන් හැමදාම බොක්ක ගැනමයි හිතන්නේ
රට දුෂනයන්ගෙන් අරාජික කල පුද්ගලයන්ට දඬුවම් දෙනවා වෙනුවට අයිමත් රටේ ඉහල තැනට ඔසවා තියන්න දඟලන්නේ .....මොවුන් කන්නේ තණකොලද ? (ස)
කට්ටියට දැන් වතුර පෙවෙන්නේ නැහැ වගේ..කකුල් ගැහෙනවා නේද මහින්ද ආයෙත් එන බව තේරෙන කොට..මැතිවරණ උනුසුමක්වත් මැයි දිනයවත් නොවන කාල වලදී පිට්ටනි ඕන තරම් තියෙනවා ඕන දෙකට ගන්න..යහපාලානේ රග බලන්න වෙන්නේ මැතිවරණයක් ආවම තමයි.නැතිව මේ මේ ඉඩ කඩ යහපාලානේ හොඳකමකට නෙමෙයි කියල එදා ඉදල යු අන් පි කාරයෝ ගැන දන්නා අපිනම් හොදින් දන්නවා..හැමදාමත් ශ්‍රී ලංකා කාරය ගැන දුකයි.ජීවිතේට ශ්‍රී ලංකා එකට ඡන්දෙ දීපු එකෙක්නම් නෙමෙයි.අපි නොදන්නා ලයිව්.එසැන පුවත් වල ඉන්නේ මොන්ටිසෝරි ළමයි නෙමෙයි මහත්තයෝ.ඔයා.රැට ඉතිපිසෝ ගතාව කියල නිදාගන්න..එතකොට හීනෙන් බයවෙන එකක් නැහැ මහින්ද මහත්තයව දැකල. (ස)
අරලිය මාලිගයේ දන්සැල් දෙන්න කෝටි ගනන් මහජන මුදල් විනාශ කලා. දැන් පිල්ලි ගහපු සල්ලි අනාථයින්ට දීල මීටින් තියවල අගමැති වෙන්න බලන්නෙ ලැජ්ජ නැතිව. (ස)
මේකත් හරියට ලංකාවේ මාළු පාන් වාගේ , මහින්ද දිනවන රැස්විමට මහින්දවත් නැහැ , ඔහුගෙන් යැපුන බය්යන් පමණයි. (ස)
ඔය විමල්ගේ හරි වාසුගේ හරි උදයගේ හරි ඔය අනිත් ඔතෙනට ආපු කාගේ හරි පෞද්ගලික බූදලයකින්නම් ඔය වේදිකා ගහල තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ . නමුත් දෙය්යනේ ඕවා අපේ සල්ලි නේද? (ස)
මහින්ද අගමැති වෙනවා නියතයි! (නි)
ජයවේවා! අපි එනවා (නි)
කවුරු බලයට ආවත් ලංකාවේ පොදු ජනතාවට නම් කිසි දවසක සැපපහසු ජීවිතයක් නම් ගතකරන්න ලැබෙන්නේ නැහැ. (නි)
මේ රට පාවා දෙන නඩේට කඩේ යන්නේ නැතුව රට බේරා දුන් නායකයාට ගරු කරන්න පුරුදු වුනොත් හොඳයි. (ත)
තවත් රටවැසියන් අවුල් කරන්න නම් හදන්න එපා (නි)
වැඩේ ලොකුවටම කරන්න වගෙයි හදන්නේ (නි)
අංහිසක ජනතාවගේ බදුමුදල් හොරාකා තම පවුල් පෝෂණය කළ අයට දැන් දඬුවම් ලැබෙමින් පවතී. (නි)
අපරාදේ සල්ලි (දිල්)
වේදිකා 10ක් හරි තනන්න මොකද ගල් ගහන්න හෝ වෙඩිතියන්න හෝ කවුරුත් නැහැ දැන්. (දිල්)
වඩා වැදගත් ජනතා සිත් තුල වේදිකා තැනෙන දින.(හේ)
මේ රටේ කාටවුවද, නිදහස ලබාදුන්නේ මහින්ද බව අමතක නොකළයුතුයි. (නි)
සෙනග වෙනුවට වේදිකාවලින් පිට්ටනිය පුරවන්න පුළුවන් කොහොමත් බොරුවෙන් රජවෙන්න්න හදන අයනේ.(හේ)
එකට 10 හැදුවත් මොකද රටට වැඩක් වෙන දෙයකටනේ. (හේ)
බලමු වෙන දේවල් (දිල්)
දැන් ඕන කෙනෙකුට නිදහසේ රැස්වීම් තියන්න පුළුවන් ..මොකද දැන් කවුරුත් වේදිකා ගිනි තියන්නේ නෑ,ගල් ගහන්නේ නෑ (ම)
යහ පාලනය නිසා හොඳයි (දිල්)
මේ බොරුවට වියදම් කරන සල්ලි වලින් දානයක් දුන්නානම් හොදයි නේද(දිල්)
මේවා කරන්නේ ජනාදිපති තුමාගේ යහ පාලනයට පින් සිද්ධ වෙන්න. මතකනේ මාස තුනකට කලින් කරපුව. (බ)
සමහරු යුද්ධය දිනපු එක වැරදි කරන්න බලපත්‍රයක් කරගෙන හමාරයි (නි)
යහපාලනය කියන අයගේත් අඩුපාඩුකම් තියනවා තමයි, ඒත් රටේ ප්‍රඡාතන්ත්‍රවාදය තියනවා කියලා මෙම රැස්වීම මගින්ම ඔප්පු වෙනවා. මෙහෙම රැස්වීමක් ඒ කාලේ සංවිධානය කළා නම් අප්‍රසන්න අත්දැකීමක් ලබාගන්න තිබුණා. (දිල්)
මේ ගොල්ල හදන්නේ ශ්‍රී ල නි ප දෙකඩ කර එජාප රජකරවා වැඩිම කාලයක් විපක්ෂ නායක කමේ රැඳී සිට රනිල් තැබූ වාර්තාව කඩන්න ,(දිල්)
ගල් ගහන්න අය නැහැ, ගිනිතියන්න අය නැහැ, වෙඩි තියන්න අය නැහැ. යහ පාලනය.(හේ)
ජනතාව එයිද මේ රැලියට.(හේ)
පිවිතුරු යහපාලලා වගේ ලින් පතුල ගෙන පමණක් දන්නා අය ඉන්නා තුරු ලංකාව සදා මඩ ගොහොරුවේ. රාජපක්ෂලා රටේ කර තිබෙන විෂමාචාරයන් අවබෝධ කරගැනීමට මොලයක් නැද්ද ? (නදී)
මේ වැඩ නම් බොරු වැඩ.(හේ)
යහපාලනයත් අාවේ මහින්ද යුද්දේ නතර කළ හින්දා?(හේ)
මේ හරක් හතර දෙනෙක් එකතුවෙලා අපේ පක්ෂය කන්න හදනවා. මහින්ද අපේ හිටපු ජනදිපතිතුමට තියෙන්නේ දැන් පැත්තකට වෙලා මෛත්‍රී ට සහය දීල තව අවරුදු ගානක් ආණ්ඩුව කරන්න.මෙහෙම කරනකොට අපේ පක්ෂය කැලි කැලී වලට කඩන එකේ වෙන්නේ. දැන් කරන්න තියෙන්නේ හොද නායකයෝ ටිකක් හදාගන්න .ගෝඨාභයට එහෙම ඡන්දයට අරගෙන නායකයෝ කරන්න තියෙන්නේ. මෙහෙම කරනකොට එයාලටත් තැන නැති වෙන එක වෙන්නේ.අනිත් එක මේ පලා බබාලා කරන්න හදන්නේ ඊලග පාර ඡන්දය දිනන්න. නැතිව වෙන මගුලකට නෙවේ. අපි මොන පක්ෂය හැදුවත් හැමදාම ශ්‍රී ලංකා එකේ තමා.මොන යාකා පිටින් ඉල්ලුවත් අපිනම් දෙන්නේ නෑ..මොකද අපි අපේ පක්ෂය පාවා දෙන්නේ නෑ. (ස)
කුඩු.එතනෝල්,මැරයෝ,හොරු කට්ටිය අයෙත් වේදිකා උඩ දඟලන්ද පටන් ගෙන. (ස)
චානක මහත්තයෝ, අපේ රටේ පයගහලා ජීවත්වෙන අපි අපේ රටේ ප්‍රශ්න විසඳා ගන්නම්.ඔහෙට ඇමෙරිකාව තිබුනට අපිට තියෙන්නේ මේ රට විතරයි.. (නි)
අලි බබා සහ හොරු 40 අද රත්නපුරේදී පෙන්නවනවා. සුහද අරාධනා. (ස)
මෙයාලට පිස්සු. තව කී සැරයක් මීටින් තියයිද? (ස)
හිටපු ගරු ජනාදිපති තුමනි ඔබේ තැන රැකගන්න. මේ අයට යන්ඩ තැනක් නැතිව ඔය කෑ ගහන්නේ. (ස)
හොරාකාපු සල්ලිවලින් වේදිකා තුනක් ගහාන එක මොන කඡ්ජක්ද? (ස)
යහ පාලනය නිසා පිට්ටනිය වෙන්කරගන්න පුළුවන් වුනා.(හේ)
ඒ කාලේ නම්... ග්‍රවුන්ඩ් දෙන්නෙත් නැ එකට දැන්. (ර)