මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස පත්කරන ලෙස බලකරමින් සන්ධානයේ හවුල්කාර පක්ෂ පවත්වන තුන්වැනි රැලිය වෙනුවෙන් රත්නපුර සීවලී පිටියට අද පක්ෂ නියෝජිතයන් හා මහජනතාව එක් රැස්වූ අතර මීට ස්වල්ප මොහොතකට පෙර රැලිය ඇරඹිණි.
ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් රැස්වීමට එක්වී සිටියහ.
රැළියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 29 සහභාගී වී ඇතැයිද දේශපාලන ආරංචි කියයි.
පස්වරුවේ මෙම රැලිය සජීවීව විකාශනය කිරීමට ලංකා සී නිව්ස් වෙබ් අඩවිය කටයුතු යොදා තිබුණද එය කිසිම හේතුවක් නොදක්වා අවහිර විය. සජීවී විකාශනයට අන්තර්ජාලය හරහා බාධා එල්ලවන බව සංවිධායකයෝ ප්‍රකාශ කරති.
(ඡායාරූප -ශාන්ත රත්නායක)
(ඡායාරූප - ලසන්ත නිරෝෂණ)
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් මහින්දට ඡන්දය ඉල්ලන්න තැන දෙන්න ඕනා. අගමැතිකමට උනත් කමක් නෑ. මොකද අපි මහින්දානන්ද , රෝහිත අබේගුනවර්දන, චන්ද්‍රසේකරලට තැන දෙන්න ඕනා. නැත්නම් මේ රට ගොඩගන්න හම්බවෙන්නේ නෑ. අපරාදේ අපි මෛත්‍රීට ඡන්දය දුන්නේ. හැම ලයිට් කණුවකම තිබ්බ ෆොටෝස් ගැලෙව්වා. අපේ ඇමැතිවරුත් එක්ක ගියපු වාහන ටික නැති කලා..අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් ට කියක් හරි හොයා ගන්න තිබ්බ එක නැති කලා. අපි අනිවාර්යයෙන්ම අපේ හිටපු ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට තැන දෙන්න ඕනා මහින්ද ගෙනල්ලා. දුමින්දලට එයාලගේ වැඩ කරගෙන යන්න තැන දෙන්න ඕනා. මේ අය නම් හරියන්නෙම නෑ.(නදී)
අනාථ පින්ඩිකස්ස ආරමයේ අතරමංවු කැණහිලුන් සේ. (ස)
සංගක්කාර හොඳට සෙල්ලම් කලත් ඉවත් වියයුතු කාලේදී ඉවත් උනා.මෙයා නම් පැරදිලත් යන්න කැමති නෑ . රස දන්නා නිසා වෙන්න ඇති . (ස)
හොරු රැල දැක්කද ? මේ තරම් ලංකාවේ හරක් ඉන්න නිසා තණකොළ ඉතුරු වෙයිද ? (නදී)
ඔයාල ඔය මගුල් කරන්නේ මහින්ද දිනවන්නද ? අපිට ඕන මහින්ද දිනවන්න නෙවි.ශ්‍රී ලංකා එක දිනවන්න .මොකද මහින්ද යන්න ඕන කලේ යන්න ඕන.ඔයාලට මහා මැතිවරණය දිනන්න ඕන නම් ඔයාලගේ වැඩ පෙන්නලා දින්නන්න .විමල්ල ,දිනේශ්ල,වාසුල,ගම්මන්පිලල මොනවද රටට කරලා තියෙන්නේ ..ඇමතිකම් අවරුදු කියක් කලද ?? කරුණාකරලා ශ්‍රී ලංකා එක දෙකඩ කරලා දිනන්න හදන්න එපා..මෙයාල කරන්නේ UNP එකේ ගනදෙනුවක් වගේ කියල අපිට හිතෙන්නේ. මෙයාලට ඕන UNP එක ඊ ළග මැතිවරණයෙන් දිනවල දෑනට ශ්‍රී ලංකා එකේ ඉන්න අපේ ජනාදිපති එලවන්න. (ස)