
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
රත්නපුර නගරයේ මැණික් වෙළඳපොළ හෙට (30) සිට නතර කරන ලෙස රත්නපුර නගරාධිපති ටිරොන් අත්තනායක මහතා මැණික් ව්‍යාපාරිකයන්ට දැනුම් දෙයි
රත්නපුර බෝගහඅසළ සහ ඔරලෝසු කණුව අසළ මැණික් වෙළෙදපොළට සිය ගණනක් වු මැණික් වෙළෙදුන් පැමිණෙන නිසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම මැණික් වෙළෙද පොළ නොපවත්වන ලෙස නගරාධිපතිවරයා විසින් මෙම දැනුම් දීම සිදුකර තිබේ . රත්නපුර නගරයට පැමිණීම සීමා කරන ලෙසද නගරාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඊයේ ආසාදිත බව තහවුරු වු කහවත්ත මාදම්පේ පදිංචි මාලු වෙළෙද ව්‍යාපාරිකයා රත්නපුර නගරයේ මාලු වෙළදාමේ යෙදුණු අයෙකු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හදුනාගෙන තිබේ. රත්නපුර බටුගෙදර නිවෙසට නිවාඩුවට පැමිණ ගිය ආරක්ෂක අංශ සාමාජිකයෙකුටද කොව්ඩ් ආසාදිත බව අද තහවුරු වී තිබුණි.
රත්නපුර වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පැවසූවේ බස්නාහිර පළාතින් සබරගමුව පළාතට පැමිණෙන පුද්ගලයින් සඳහා සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස රත්නපුර දිස්ත්‍රික් කොව්ඩ් මර්දන කමිටුවට දැනුම් දුන් බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිිපිය සමග ඇති පිංතූරය දකින වෙනත් ප්‍රදේශවල ජනතාව සිතන්නේ රත්නපුරේ මැණික් ගොඩගහල විකුණනවා කියලයි ඒනිසාම රත්නපුරේ සියළුම අයට අධිකලෙස මුදල් තියෙනවා කියා සමහරු සිතා සිටිනවා. කොළඹ රාජකාරියේ යෙදෙන සමහරු සිතා සිටිනවා රත්නපුරය කියන්නෙ කොළඹ සිට ඉතාම දුරබැහැර දුෂ්කර පළාතක් කියලා.