රත්නපුර රෝහලේ ආරක්ෂ නිලධරයකුට පහර දුන්නැයි සැකපිට රත්නපුර මහ නගර සභාවේ විපක්ෂ නායන ලක්ෂ්මන් මුණසිංහ මහතා රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හරිනු ලැබීය.
ආරක්ෂක නිලධරයා පහර දුන්නැයි විපක්ෂ නායක හා ඔහුගේ බිරිය ද රෝහලේම ප්‍රතිකාර ලබති.
රෝහලේ සිටින විපක්ෂ නායකගේ පුතාට කෑම රැගෙන යාම සම්බන්ධයෙන් ඇති වු අවුලක් මත දෙපාර්ශවයම පොලීසියට පැමිණිලි කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් දේශපාලන චරිතයක පුතා ඉන්නේ රත්නපුර රෝහලේ , නිහතමානි කම විහිලුවට නොවෙයි කියුවේ (දී)
රජයේ රෝහල්වල ඉන්න ආරක්ෂකයෝ සහ සුළු සේවකයෝ රෝගීන් බලන්න එන අයට හරියට පාට් දානවා. . කතා කරන්න දන්නෙම නැහැ. නූගත් චන්ඩි තමයි ඉන්නේ වැඩි හරියක්. ඒ උනාට බුලත් විටක්, සිගරට් එකක් දුන්නනම් ඕන වෙලාවක ලෙඩ්ඩු බලන්න යන්න පුළුවන්. දේශපාලකයෝ තමයි මේ වැරැද්ද කරන්නේ. දැන් ඒක දේශපාලකයෙකුටම පාරා වළල්ලක් වෙලා. එක අතකට ගහන්න ගිහින් ගුටි කන්නයි තිබුනේ. (නදී)
නිමල් මුණසිංහ කියන්නේ ගල් කැල්ලක් විකුණගෙන පාඩුවේ ඉන්න මනුස්සයෙක්. රත්නපුර රෝහලේ ආරක්ෂක සේවයේ අමුතුම කට්ටිය ටිකක්. ටිකට් කපපු ලෙඩෙක් වාහනයට නැග්ග ගන්න වහනය ප්‍රධාන දොර ලගට ගන්න දෙන්නේ නෑ. ලෙඩාගේ ටිකට් කපල අතේ සවිකළ ඉදිකටු ගලවල රෙදි මලු ටික ලෙහෙස්ති කරන කල් මට වාට්ටුව ලඟ ඉන්න දුන්නේ නැති පුදුම ආරක්ෂකයෝ ටිකක්. මේ ගිය මාසේ මට සිදු උන සත්‍ය සිද්ධිය. කිසිවකු හෝ මෙය අභියෝගයට ලක් කරනවානම් ඔප්පු කරන්න මම ලැහැස්තියි. දෙකේ වාට්ටුව පැත්තේ දොර ලග ඉන්න ආරක්ෂක කාන්තාවට මෙලෝ සිහියක් නෑ. ලෙඩුන් බලන වේලාවෙන් භාගයක් ඉවර වෙන්නේ ෂොපින් මලු පරීක්ෂා කරන්න. බල්ලන් එලවනවා වගේ ආගන්තුකයන් පන්නන්නේ. මෙම සේවය පුද්ගලික උවත් පැහැදිලි ලෙසම දේශපාලනයට ගොට්ට අල්ලන බව පේනවා ආපන ශාලාව අසල ප්‍රධාන දොර දෙස බල හිටියොත්. කොටින්ම උගත් වෙදදුරන් මෙතරම් උඩගු නැතුව ඔවුන්ගේ රාජකාරිය කරනවා. (ස)
දේශපාලකයෝ මෙවන් ගණන්කාරකම් කරන බවට මතයක් සමාජගත වී තිබෙනවා. එය වෙනස් කරන්න හරි අමාරුයි. (නදී)
අද ලංකාවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන්නේ චන්ඩියෝ, හොරු සහ කප්පන් කාරයෝ. මෙයට ආදර්ශය දුන්නේ කව්ද කියන එක මුළු රටම දන්නවා. (නදී)
සම්පුර්ණ බලය තිබුනා නම් කොහොම තියේවිද ? (නදී)