IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රත්නපුරේ අනතුරු වැලක්:12 ක් රෝහලට

(අජිත්ලාල් ශාන්තඋදය)

කොළඹ සිට රක්වාන බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටී කුරුවිට පුස්සැල්ල සල්ගහයට හන්දියේදි අද (26) දහවල්  සිදුවු අනතුරකින් මාර්ගයේ ගමන් කළ ගැබිනි මවක් ඇතුලු දොළොස් දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්‍ෂණ මහ රෝහලට ඇතුළත්කර ඇති බව කුරුවිට පොලීසිය කියයි.

 තුවාලකරුවන් අතරින් ගැබිනි මවක් ඇතුලු පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද රෝහල් ප්‍රකාශයෙක් සඳහන් කළේය.

අනතුර සිදුකළ රක්වාන දක්වා ගමන් ගන්නා පුද්ගලික බස් රථය වේගයෙන් පැමිණි බව ඇසින් දුටුවෝ පැවසූහ.

රැකියා ලක්‍ෂයේ සේවකයින් පිරිසක් රැගෙන ආ පුද්ගලික බස් රථයක් ඔවුන් බස්රථයෙන් බැස පුස්සැල්ල ග්‍රාම සංවර්ධන මධ්‍යස්ථායට ගිය පසු පාර අයිනේ රත්නපුර දෙසට මුහුණ ලා නවතා තිබී ඇත.

 එම බස් රථයට ඉදිරියෙන් යතුරුපැදි කිහිපයක් සහ වෑන් රථයක් ද නවත්වා තිබූන බව පොලීසිය පැවසුවේය.

වේගයෙන් ආ රක්වාන බසය නවතා තිබු පුද්ගලික බස් රථයේ පිටුපස ගැටීමෙන් පසු මගීන් නොසිටි එම බස් රථය ඉදිරියේ තිබු යතුරු පැදිවලද හැපී ඉදිරියේ නවතා තිබූ වෑන් රථයක පසුපස ගැටී නැවතී ඇත. වෑන් රථය සහ යතුරුපැදි අතරින් පයින්ගිය ප්‍රදේශයේ ගැබිනි මවක්  අනතුරින් බරපතල තුවාල ලබා ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

තුවාල ලැබූ සෙසු පිරිස කොළඹ සිට රක්වාන බලා යමින් තිබූ බස් රථයේ පැමිණි අයවෙති. අනතුර සිදුකළ බස්රථයේ රියදුරු කුරුවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගැටුණු බස් රථ ඇතුලු වාහන වලට දඩි අලාභ සිදුව ඇත. කුරුවිට පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 

 



අදහස් (1)

රත්නපුරේ අනතුරු වැලක්:12 ක් රෝහලට

Nimal Monday, 26 June 2023 04:03 PM

මොන කාලකන්නිද මන්දා මේවා එවලන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site