රත්නපුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මෙතැන් සිට වසරක් ඇතුළත ආරම්භ කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කැරිණි.
අධිවේග මාර්ගය විවෘත කළ පසු පැයකින් රත්නපුර සිට කොළඹට ළඟාවිය හැකි බවත් රත්නපුර කොළඹ බදුල්ල කළුතර දිස්ත‍්‍රික්කවල ජනතාවට සෘජුව ගමන් පහසුකම් ඇතිවන බවත් එහිදී විස්තර කෙරුණු අතර අධිවේග මාර්ගය කහතුඩුව සිට හොරණ, ඉංගිරිය, කිරිඇල්ල, කුරුවිට, රත්නපුර, පැලමඩුල්ල ආදී පෙදෙස් හරහා ඉදිකිරීමට යෝජිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් තිබෙනවාද මේවා කරන්න? (නි)
නුවර එකත් මැයි මාසයේ පටන්ගන්නවා කියලා නේද කලින් කිව්වේ. (නි)
මොන කාලේදී විතර මේක විවෘත කරාවිද? (නි)
ගොඩක් වටිනවා නව රත්නපුර අධිවේගී මාර්ගයේ සිතියමක් දාන්න පුළුවන් නම්. (නි)
වටිනා දෙයක්! (නි)
සංවර්දනය රටකට ඉතාමත් වැදගත් දෙයක්. ඒ ගැන වාදයක් නැහැ. එ්ත් ඉතින් නිෂ්පාදනයක් නැති, හැම දෙයක්ම පිටරටින් එන සංවර්ධනය කියන්නේ බෝම්බයක්. ඒ කියන්නේ අපේ ආර්ථිකය තව තවත් ප්‍රපාතයට යනවා. අපේ රටට අනිවාර්යෙන් නිෂ්පාදන කෙරෙන්න ඕනෑ. මට හිතාගන්න බැහැ මේ දේශපාලකයෝ රටේ නිෂ්පාදනය කරන අංශ දියුණු නොකරන්නේ අැයි කියලා. (නි)
අැයි දැන් අයිඑම්එෆ් ණය ගැන කතා නැත්තේ? (නි)
මේක නම් බොහොම සුබදායක ආරංචියක් (නි)
අලුත් එකක් පටන් ගන්න කලින් මුල් ගල තිබ්බ නුවර අදිවේගේ ඉවර කලොත් නරකද... (ර)
හදන්න සල්ලි හොයන්නේ කොහෙන්ද? ඕක හදන්නේ මේ ආත්මේදීද එන ආත්මේදීද? රත්නපුරේ අපිට නම් ඕවට හිනා විතරයි. (නි)
රත්නපුර කොළඹ අධිවේගී මාර්ගයට ඇති දුර වසර දෙකකින් කළහැකියි නේද? බලමුකෝ කොතරම් කාලයක් යාවිද කියලා. මගේ සුභ පැතුම්! (නි)
තව එකක්. දැනට නතරකර ඇති දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලේ සිට රත්නපුරයට දික්කරන වැඩෙත් ඉක්මන් කළොත් නරකද? (නි)
ඔයගොල්ලෝ එහෙම තීරණය කරන්නේ කොහොමද? උතුරට සහ කතරගම මාර්ගය පළමුවෙන් අපිට ඕනෑ රටේ ආරක්ෂාව ගැන හිතලා (නි)
අධිවේග කන්නද කියලා නේද ඇහුවේ ? ආයේ අපි රැවටෙන්නේ නැතෝ... (නි)
සිහින පොතේ පිටුවක් පෙරළී යයි... (නි)
නියම වැඩක් මේක නම් නියමයි. (ර)
හොද ආරංචියක් නමුත් නුවර කොළඹ අධිවේගී මාර්ගය හදන්න පටන්ගන්න (බ)
ඇති යන්තම්. මගේ ඉඩම අහුවෙලා තියනවා. දැන් වසර දෙකක් තිස්සේ මට ගේ හදාගන්නත් බැහැ. ඉඩම විකුණන්නත් බැහැ. මං වගේ ගොඩක් අය මේ විදියට අමාරුවේ වැටිලා ඉන්නේ. ඉක්මනට මේකේ අවසන් තීන්දුවක් දීලා ඉඩම් වලට වන්දි ගෙව්වොත් ගොඩක් වටිනවා. (නි)
හොඳ දෙයක්. රටේ සංවර්ධනයක් දැන්වත් තිබුනොත් හොඳයි. (නි)