පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි පවසයි.
රතන හිමියෝ අද (16) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ තීරණය දැනුම් දී ඇත.
ජාතික හෙළ උරුමයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මුල්වරට 2004 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ හිමියෝ 2015 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ.
මහින්ද රාජපක්ෂ රජයට එකතුවී මුලදී කටයුතු කළ ඒ හිමියෝ 2014 නොවැම්බර් මාසයේදී ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක මහතා සමග රජයෙන් ඉවත් වූහ. ඉන්පසු පසුගිය ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා දිනවීම සඳහා උන්වහන්සේ සහයෝගය ලබාදුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අපිටනම් බන දේශනා කරන්න එපා !(ම)
ඔක්කොම කරලා අහවර වෙලා දැන් ඔය තීරණය අරගෙන රට වැසි අපිට දෙන ආදර්ශය මොකක්ද ? (බ)
ගණන් ගත යුතු නැහැ මේ අය කොහොමත් ප්‍රතිපත්තියක් නැති අය (බ)
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමෙන්තු ඇවිත් ස්වාධීන වීම කොතරම් සදාචාරාත්මකද කියා කලපනා කරන්න (බ)
මම නම් මේ ගැන කතාකරන්නවත් කැමති නැහැ (නි)
ස්වාධීන වුණාට වඩා හොඳනැද්ද "අාරණ්‍ය ගතවුනානම්" (බ)
ඊළඟට චම්පික යාවි (බ)
ඇයි ඉතින් මේකට උද්ඝෝෂණයක් කරන්න කෙනෙක් නැද්ද? (නි)
මේ පළමු පියවර. (ර)
මහින්ද මහත්තය ගෙදර යවන්නත් පෙරමුනගත්තේ හිමිනමක්, රතන හාමුදුරුවොත් ඒ වගේ වෙන්නද හදන්නේ.? (ර)
ඔබවහන්සේ ආරම්භ කරපු කාට කාටත් ලාභදායි ව්‍යපෘති වලට මොකද වෙන්නේ? (ම)
අර මහබැංකුව හොරාකාපු වෙලාවේනේ කරන්න තිබුනේ. දැන් මේ බොරුවට රඟපානවා. (නි)
මේ කරපු හරිය හොදටෝම ඇති. ඔබ වහන්සේ අස් උනානම් තවත් වටිනවා. (ර)
මොකක්ද මේ වෙන්නේ.? (ර)
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලා තමයි යහපාලනයක් ගෙනල්ලා රට විනාශයට මුලපිරුවේ...මේ පාප කර්මයෙන් ගැලවීමක් නැහැ.. දේසපාලනයෙන් සමු අරගෙන වනවාසී වෙන්න අපි සිව්පසෙන් සංග්‍රහ කරන්නම්. (බ)
අමිත් දර්ශක, එයා යන්නේ නෑ. (ර)
ඔබවහන්සේ එජාප මන්ත්‍රීකමෙන් ඉවත්වෙලා ඔය ගමන පටන්ගන්න බලන්න. (බ)
අපේ බුදුහාමුදුරුවෝ හැමදාම ස්වාධීනව වැඩ හිටියා. රජකම අත්හැරලා බුදු වුණා . රාජ කතා චෝර කතා භික්ෂූන්ට තහනම් කරන විනය නීති පැනෙව්වා .අනේ මේ වහන්සේලා කරන්නේ මොනවද ? සංසාර ගමන කෙටි කරගන්නවද ? නැත්නම්.....? (බ)
මොහමඩ් ,ඔබේම වචනයෙන් කියනවනම් බුද්ධ ධර්මය රකින්න සිවුරු පොරවාගත්ත මිනිසුන් විදින දුක දකින ඔබට ,මේ සිංහල රටට ඇවිත් සිංහල බෞද්ධ අයිතිය විනාශ කරන එක ගැන දුකක් නැද්ද. ? (බ)
එහෙම පුලුවන්ද, ලිස්ට් එකෙන් අාවා නම් පත්කරපු අයට අත උස්සන්න එපායැ (නි)
මුළු රටම අරාජික කරන්න කත් අැදලා දැන් ස්වාධීනව හිටියම හරි මග ලැබෙයි කියා ඔබ වහන්සෙ සිතනවද ?සිතෙහි තබාගන්න ඔබ වහන්සෙ මුළු රටත් ජාතියත් විනාශ කළ බව. මුළු මහත් ජාතියම දීන ජාතියක් කළ බව. මේ පිනෙන් ඔබ වහන්සෙට නිර්වාණයටම යාහැකියි (බ)
රතන හිමියෝ ගැන දැන් අපේ හිතේ කලින් තිබුන ගෞරවය නැහැ (නි)
මොහොම, බුද්ධ ධර්මය ආරක්ෂා කරන ගමන් බෞද්ධ වෙහෙර විහාර, බුදුපිළිම, බෞද්ධ නටඹුන්, ශිෂ්ටාචාරය විනාශකරන අයගෙනුත් බුද්ධ ධර්මය ආරක්ෂා කරන්න වෙලා තියෙන්නෙත් අපේ හාමුදුරුවරුන්ටමයි. (නි)
ඉදම්පි සංඝේ රතනං පනීතං කිව්වලු (ම)
යහපාලන ප්‍රෝඩාව අනුමත කරමින් වැඩි ජන බහුතරය ඡන්දය දී ආණ්ඩු වෙනස් කරගත්තා නම් එහි රඟ දශක දෙක තුනක්වත් ඇඟට දැනෙන්නම විඳවන්නයි වෙන්නේ (නි)
ඉල්ලා අස්වෙලාම යනවා නම් හොඳයි. (නි)
මේක පුදුම රටක්! මේකෙ ඉන්න පුරවැසියොත් ඒ වගේ (නි)
අතීතය මතකයි අපිට. දැන් බොරු මවාපෑම් එපා. (නි)
ඔබවහන්සේ ස්වාධීන වුණා කියලා අපිට ඇති වාසිය මොකක්ද? (නි)
ඡන්දෙ ළඟයි (බ)
හාමුදුරුවන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය මොකද්ද කියලයි මම මේ කල්පනා කළේ. (නි)
කොහොමත් අපේ ඡන්දෙන් බලයට ආපු මේ යහපාලන ආණ්ඩුව අහිංසක ජනතාව පිට බර දෙගුණ තෙගුණ කරමින් මේ යන ගමන හරියන්නේ නැහැ කියලා පොඩි ළමයකුට වුනත් තේරෙනවා. මේ විදියට තව ඉදිරියේදී කී දෙනෙක් ආණ්ඩුවෙන් අයින් වේවිද දන්නේ නැහැ. ජනතාවට කිසිම සහනයක් දෙන්නේ නැති රජයෙන් ඉවත්වෙලා ජනතාවට සහනයක් නොදුන්නු ශ්‍රී.ල.නි.ප. සමග එකතු නොවී ස්වාධීනව ඉන්න එක ගැන අපි ඔබ වහන්සේට ගරු කරනවා.කොහොමහරි කමක් නැහැ රජය කරගෙන යන සමහර වැරදි දේවල් තේරුම් කරලා දීලා රජය නිවැරදි මගට ගන්න පුලුවන්නම් ඔබ වහන්සේට ගොඩක්ම පිං. (බ)
එක්කෝ ඔය සිවුර ගළවා දේශපාලනය කරන්න. නැත්නම් දේශපාලනයෙන් අයින් වෙලා හරියට සංසාරේ ගමන යන්න. (නි)
හාමුදුරුවනේ, ස්වාධීන වුණා කියලා ඇති වැඩේ මොකක්ද? සියලු පහසුකම් ලබාගෙන චිවරයටත් අගෞරව කරලා ඔක්කොම අච්චාරු වෙනකොට එක එක්කෙනා පැත්ත ගහනවා. මෙම රජය හොඳට යනවා නම් අයිතිකාරයෝ පිටරටිනුත් එයි. "හරිගියොත් මම වැරදුනොත් එයා" යන න්‍යායෙන් දැන්වත් ඉවත්වෙලා රට ගැන හිතන්න. (නි)
රටට විනාශකාරී දේශපාලනය ...(බ)
එජාප ජාතික ලැයිස්තුවෙන් නම් පාර්ලිමේන්තුවට ආවේ ස්වාධීන වෙන්නේ කොහොමද? එජාප ලිස්ට් එකෙන් නම කපලා දාන්න පුළුවන්නේ. මමත් මේ ස්වාමින් වහන්සේට ඡන්දෙ දුන්නා ගම්පහින් ඉල්ලුව කාලේ. මම පස්සේ හරියට කණගාටුවුණා ඒ ගැන. (නි)
ශාන්, නොදන්නා දේවල් කතා නොකර ඉන්නවද? සසුන්ගත වෙන්නේ සංසාර ගමනේ යන්න නෙමෙයි. සංසර ගමන නිමා කරගන්න. (නි)
දිය යටින් ගින්දර ගෙනියන චරිත එක්ක හැමදාමත් ඉන්න බැරි බව දැන්වත් ඔබ වහන්සේට තේරුණු එක ලොකු දෙයක්. (නි)
යහපාලන ආණ්ඩුවෙන් ඊළඟ කෙනාත් පැන්නා. දැන් පටන් ගන්න යන්නේ. යහපාලනයට අබ සරණයි (නි)
දැන් කට්ටිය ඇටි කෙහෙල් කාලා වගෙයි ඉන්නේ (නි)
හරි නම් කළයුතුව තිබුනේ මන්තී‍්‍ර ධූරයෙන් ඉල්ලා අස්වන එකයි. නැත්නම් කොහොමද එජාප ජාතික ලැයිස්තුවෙන් පත්වෙලා ස්වාධීනව ඉන්නෙ. ලැජ්ජයි අපේ හාමුදුරුවනේ. (නි)
ඔබ වහන්සේ ස්වාධීන වුණාම ඔක්කොම හරිද...? ආණ්ඩු ඇති කරන්න මුක්කු ගහන්න ඕනෑ අතීතය දැනගෙන. හෘද සාක්කියෙන් ගැළවීමක් නැතිවෙයි (නි)
පාර්ලිමේන්තුවෙන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් වෙන සුදුසු කෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් කරන්න ඉඩදෙන්න ..(ම)
අනේ සංසාරේ ගමනක හැටි.(ම)
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දෙසු ධර්මය නිර්මලයි ... එය රකින්න සිව්රුපොරවගත් මිනිසුන් කරන දෙයක් .... අහෝ දුකකි (ම)
"ඕගොල්ලෝ කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම්" ප්‍රසිද්ධ ප්‍රකාශයක් ටිකෙන් ටික සත්‍ය වීගෙන එනවා වගේ... (නි)
පක්ෂයක ජාතික ලැයිස්තුවෙන් පත්වෙලා ස්වාධීන වෙන්න? උවමනා කමක් තියේ නම්, ඇත්තටම ස්වාධීන වන්න උවමනා නම් මෙය කළ යුතු නියම ක්‍රමය, ඉල්ලා අස් වී සත්‍ය ලෙසම ස්වාධීන බව පෙන්වීමයි. (ම)