දෙමළ ජනතාව අතර මිත්‍රශීලී බව වර්ධනය කිරීමේ අරමුණින් හා ඔවුන්ට සිංහල භාෂාව පිළිබඳ දැනීමක් ලබාදීමේ වැඩසටහනක් අද (21) බොරැල්ල සදහම් සෙවණේදී පැවැත්විණි.
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ වැඩසටහන මෙහෙයවූහ.
දෙමළ ජනතාව අතර මිත්‍රශීලී බව වර්ධනය කිරීමේ අරමුණින් හා ඔවුන්ට සිංහල භාෂාව පිළිබඳ දැනීමක් ලබාදීමේ වැඩසටහනක් අද (21) බොරැල්ල සදහම් සෙවණේදී පැවැත්විණි.
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ වැඩසටහන මෙහෙයවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරි මෙන් කාරුණික හදවත් ඇත්තන් තමයි මේ පුණ්‍ය භූමියට අවැසි. සිංහල දෙමළ කියා වෙනසක් නොකර සියල්ලන්ටම සමසේ සලකත්වා! (නදී)
විදේශ රටකට (මැදපෙරදිග) රැකියාවට එන අපේ රටේ මිනිස්සු මාස 9-10 වැනි කාලය තුළ හින්දි-අරාබි-ඉංග්‍රීසි භාෂා වලින් එකක් හෝ කතාකරන්න උත්සාහ ගන්නවා. නමුත් අවුරුදු 30ක් හෝ වැඩි කලක් ලංකාවේ ජීවත්වෙලත් දමිළ වචනයක්වත් නොදන්නා එක තමා පුදුමය. (නි)
මගේ රටේ සහෝදර දෙමළ ජනතාවට ආදරය බව පෙන්නුම් කිරීමක් මේක (නි)
සිරි, රතන හිමියන් ආරම්භ කල එක ව්‍යාපෘතියක් නම් අතිශයින් සාර්ථක උනා. ඒ තමයි කොටින් යුදමය වශයෙන් පරාජය කිරීම ආරම්භ කලේ මාවිල් ආරු සටනෙන්. එයට ආණ්ඩුවට බලකලේ රතන හිමියන්. හැබැයි ඔහු එකෙන් පුද්ගලික ප්‍රයෝජන ගත්තේ නැහැ.(නදී)
සිදුවිය යුතුව තිබූ මහත්පල මහානිසංස ගෙන දෙන කාරණයක්, ඔබ වහන්සේට පින්. බෞද්ධාගමේ මූලික හරයන්ගෙන්ද ඔවුන් දැනුවත් කරන ලෙසටද ඉල්ලා සිටීමි.(නදී)
සිංහල ජනයට දෙමලත් සියලුම ජනතාවට ඉංග්‍රීසිත් ඉගැන්නුවා නම් ගොඩම තමයි (නදී)
දමිල ජනතාවනි සියයට 70 කට වැඩි බෞද්ධ ජනතාවක් ඉන්න රටේ නුඹලා සිංහල ඉගෙන ගැනීමෙන් කවරදාවත් අවඩැක් නොවේ.(හේ)
වවුලාගේ මගුල් ගෙදර ගියානම් ඔලුවෙන් එල්ලිලා ඉන්න ඕන කිවලු. අපිට දෙමල මිනිසුන් සමග හොඳින් අදහස් හුවමාරු කරගන්න ඕන නම් අපි දෙමල ඉගෙන ගන්න ඕනෙද ?? එහෙම නැත්නම් ඔවුන්ට බලෙන් සිංහල උගන්වන්න ඕනෙද?? මා උසස් අධ්‍යාපනය ලබන කාලයේ 10% ක්වූ දෙමළ සිසුන් සමග දෙමළ භාෂාව මට හැකි පමණින් භාවිතා කර ඔවුන් සමග සහයෝගයෙන් ජීවත් වූ සැටිත් වසර 35 කට පසුවත් ඔව්න් මා හමු වූ විට (ලංකාවේදී නොවේ )දෙමලෙන් කුනුහරුපයක් කියා මා හා සුහද ලීලාවෙන් කතාකරන හැටිත් මම අත්දැකීමෙන් දන්නවා.සිංහලයන් අතර නරක මිනිසුන් සිටිනවා සේම දෙමළ මිනිසුන් අතරත් නරක මිනිසුන් සිටිනවා . "අපි හොඳනම් ලෝකයත් අපිට හොඳ කරාවි "(හේ)
දමිල ජනතාවට සිංහල උගන්වනවා වාගේම සිංහල ජනතාව දෙමල බාෂාව ඉගෙනීම අනිවාර්ය කළ යුතුය , අදහස් හුවමාරුව , මිතු දමට ලොකු සහයක් වාගේම ,අපෙන් ඔවුන්ටත් ඔවුන්ගෙන් අපටත් බොහෝ දේවල් ලබා ගත හැකි වනවා (බ)
දෙමල ජනතාවට සිංහලත් සිංහල ජනතාවට දෙමලත් ඉගැනිය යුතුයි.. ලෝකය ජයගන්නට නම් සියලු ශ්‍රී ලාංකිකයින් ඉංග්‍රීසි ඉගෙන ගත යුතුයි. මේ රට සිංහල, දෙමල, මුස්ලිම් හැමෝටම අයිති රටක්. එහෙම නැතිව "මේක සිංහල රට නිසා දෙමලු පමනක් සිංහල ඉගෙනගනිල්ලා" වැනි උද්දච්ච කථා කීම මෝඩයි. (නදී)
මේ කරන්නේ කරන්න බැරි වැඩක්. බොගවන්තලාව, සමිමලේ නූර්වූඩ්,ආගරපටන ,දික්ඔය , දිබුල,කොටගල , සහ තලවකැලේ යන ප්‍රදේශ වලට කුඩා කණ්ඩායම් අවුරුද්දකට තේ වතුවල වැඩ පුහුණු වීමට යවන්න. එතකොට හොඳට දෙමල කතා කරාවි (නදී)
මා පිටරටක හිටියත් ලංකාදීපය ඇතුළු සිංහල පුවත්පත් බලන්නේ ඉතාමත් ආසාවෙන්. විවිධ භාෂාවන් ඉගෙන ගැනීමෙන් වාසියක් මිස අවාසියක් සිදු නොවේ.රතන හිමියන්ට මගේ ප්‍රණාමය! (බ)
ත්‍රස්තවාදයට හේතුව භාෂා ප්‍රශ්නය නොවේ. (නි)
දෙමල අයත් ඒ විදියට පහත රට පොල් සහ රබර් වතුවල වැඩ පුහුණු වෙන්න යවන්න, අවුරුද්දකට. (බ)
දෙමළ ජනතාව සිංහල ඉගෙනගැනීමේ වරදක් නැහැ. ශ්‍රී ලංකාවේ බහුතරය කතාකරන භාෂාව සිංහල නිසා දෙමළ අයට එයින් වාසියක් මිසක් අවාසියක් වෙන්නෙන් නැහැ. උතුරේ ජීවත්වෙන්නට හිතන සිංහල අයටත් දෙමළ ඉගෙනගැනීම වාසි සහගතයි. භාෂා ඉගැන්වීම අනිවාර්ය වියයුතු නැහැ. අවශ්‍යතාවය අනුව ඉගෙනගන්න. (නි)
ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව ඉංගිරිසි විය යුතුයි. එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවලට ගිය ලාංකිකයෝ තම තමන්ගේ වැඩ හොඳට කර ගන්නවා (නදී)
ඉංග්‍රීසි රජයේ භාෂාව කරලා මව් බස අනිවාර්ය විෂයක් කල යුතුයි. (නදී)
ඉංග්‍රීසි භාෂාව නොදැන ලොව ජය ගත නොහැකිය. සිහල,දෙමල භාෂාවට වඩා ඉංග්‍රීසි භාෂාවෙන් පිරිපුන් ඇත්තන්ට ලොව සුන්දර තැනක් වේ. සමහර පාඨකයන් මා හා එකග නොවුනත් සත්‍ය එය වේ. (බ)
සංදර්ශන.(බ)
රතන හිමියන් ජාතිවාදයෙන් හා ගෝත්‍රවාදයෙන් මිදී වාර්ගික සහයෝගය වෙනුවෙන් නම් මේ උත්සාහය එය අගය කරමි (නදී)
සිංහල අය දෙමල අනිවාර්යෙන්ම ඉගෙනගත යුතුයි. එවිට සිංහල අය සමග ඒ අයට හොඳට ඉන්න පුළුවන් හාමුදුරුවන්ට පින් සිදුවේවා (නදී)
සෑම්ට අමතකවූ අතීතයක් ලංකාවේ තියෙනවා. එක තමයි පසුගිය තිස් අවුරුද්දක් තිස්සෙම රටේ ඇතිවූ සිංහල දෙමල විරසකය. ඔබවගේම මමත් 1982 යාපනේ සතියක් මගේ දෙමළ මිතුරන් සමඟ ගත කලා. නමුත් මගේ පියා සමඟ මීට අවුරුදු පහළොවකට කලින් 1967 යාපනේදී ගතකළ සොඳුරු කාලය 1982 මම දැක්කේ නැහැ. (ම)
සිංහල නොදැන බුදු දහම ඉගෙන ගන්න බෑ. ජීවිතය දිනන හැටි තියෙන්නේ බුදු දහමේ. ලෞකික වගේම ලෝකෝත්තර දියුණුව ගන්න හැටි ගැන හොඳම පාඩම් කියල දීල තියෙන්නේ බුදු රජාණන් වහන්සේ. ඒ නිසා මව් භාෂාවට මුල් තැන දීල දෙවෙනි තැන ඉංග්‍රීසියට දෙමු. (නදී)
"මහා ජාතිය" අපි යයි මහා ලොකුවට පාරම් නොබා, කලයුතුව තිබුනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කටයුතු කිරීමයි. එසේ නොකොට සුළු තරයක් වූ අනෙකුත් ජාතින්ව පහත හෙලා කටයුතු කිරීමේ ආකල්පය පෙරදැරි කිරීමක් තමයි අතීතයේ පටන්ම සිදුවුයේ. එසේ වීමට හේතු සාධක වුයේ මහා ජාතිය වුවත් එම මහා ජාතියට අවශ්‍ය පෞරුෂය වෙනුවට, ඔවුන් රටේ වෙසෙන සුළුතර ජාතීන්ට අනියත බියක් දක්වමින් හීනමානයෙන් යුතුව හැසිරීම හා ක්‍රියා කිරීමයි. බහුතරයක් උවත්, අවාසනාවට එවැනි පෞරුෂයක් නැති අපි අපේම රටේ වෙසෙන අනෙකුත් ජාතීන්ට වත් අපේ බස ආකර්ෂණය කරවීමට අපි අපොහොසත් උන බව අපි පිළිගත යුතු වෙමු. එමනිසා අපගේ ජානවලින්ම පැවත එන ඒ කුහක කම් නොසලකා බුද්ධිමත්ව ක්‍රියා කරමින් එක රටක වෙසෙන එකම ශ්‍රී ලංකික ජාතියක් වශයෙන් නැගී සිටීමට අපි සැම අදිෂ්ඨාන කර ගත යුතු වෙමු. ගරුතර අතුරලියේ රත්න හිමියන්ගේ මේ උදාර සංකල්පයට අපගේ උත්තමාචාරය!!!!!(නදී)
ලංකාවට දෙමල මිනිස්සුන්ගෙන් බලපෑම ගොඩක්ම අඩුයි, දේශපාලකයෝ හරියට පාලනය කලානම් කොටි බිහිවෙන්නේ නැහැ, 88-89 ඇති වෙන්නෙත් නැහැ. හැබැයි ත්‍රස්තවාදය (මරක්කලයෝ) අළු යට ගිනි තත්වයේ එකක්. උන් රට අල්ලන්නේ නොතේරෙන්න. . සිංහල මිනිස්සුන්ටත් දෙමළ උගන්වන්න. මුස්ලිම් ගම්මාන පිහිටුවන්න ඉඩ නොතියන්න. එයාලාට නිජ බිම් මෙහෙ නැහැ. (ම)
කලන, දැනට ලංකාවේ ජීවත් වෙන සියල්ලන්ගේම නිජ බිම ශ්‍රී ලංකාවයි. (ර)
අරමුණ හොදයි. අගය කරමි මහා ජාතිය සුළු ජාතින් වෙනුවෙන් දක්වන සහයෝගයට. (ර)
රතන හිමිගේ මේ කීවෙනි ව්‍යාපෘතියද? මීට කලින් කළ ඒවා සාර්ථක වූ බවට විස්වාසදායී තොරතුරු තිබෙනවාද? මේ වැඩ සටහන නොමිලේද කරන්නේ? දෙමළ දරුවන්ට මුදල් වලින් කොපමණ නම් අඩු පාඩු ඇද්ද? ඒ දරුවොත් අපේ රටේම අහිංසක දරුවෝ. (බ)