දුන් පොරොන්දු මෙතෙක් ඉටු නොවීම පිළිබඳව තමන් සිටින්නේ කනස්සල්ලෙන් හා කලකිරීමෙන් බව පිවිතුරු හෙටත් සඳහා ජාතික සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
ජනතාවට දුන් පොරොන්දු රජය ලවා ඉටු කරවාගැනීමට මහජන මතයක් ඇති කිරීමට කටයුතු කරන බවත් පොරොන්දුවූ පරිදි ජාතික රජයක් පිහිටුවා ව්‍යවස්ථා සංශෝධනයක් ඇතුළු කටයුතු ජනපතිවරයා කළ යුතු බවද රතන හිමියෝ කීහ.
රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබාදීම මිස එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බවට පොරොන්දුවක්දී නොමැති බැවින් ජාතික ආණ්ඩුවක් පිහිටවිම ගැන අගමැතිවරයා විරෝධය පෑම අසාධාරණ බවද උන්වහන්සේ කීහ.
රාජගිරිය ගෝතමී පාරේ සදහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේදී අද (3) පැවැති මාධ්‍ය හමුවකදී රතන හිමියෝ මේ බව පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම කලකිරුණේ නෑ, තව පටන් ගත්තා විතරයි , අපිට කිරුනට හොදට කළ ගිය කට්ටියකුත් ඉන්නවා . (හේ)
දැන් ඉතින් මොනවා කරන්නද? සද්ද නැතුව ඉන්න එකයි තියෙන්නේ. (නි)
කතාකළේ නම් ඔක්කොම හදනවා කියලා නේද? අපේ රට අස්ථාවර කළ පාපයෙන් කාටවත් ගැළවීමක් නැහැ. තව කළකිරීම් ගොඩක් ඒවි ඉදිරියට. (නි)
ඡන්දයට පෙර මෛත්‍රීපාල මහත්මා සමඟ ඔබවහන්සේලාට තිබු සමීප සම්බන්ධය දැන් දුරස් වී ඇති බවයි අපිට වැටහෙන්නේ. එසේම ඔහු නිහඬ බවකුත් පෙනෙනවා. (නි)
අපි නම් දැන් සෑහෙන කලක ඉඳලම කළකිරීමෙන් තමයි ඉන්නේ (නි)
දැන් ඉතින් දුක්වෙලා ඵලක් නැහැනේ හාමුදුරුවනේ! (නි)
ඒ උනාට හිටපු අයට වඩා මේ අය කොච්චර හොඳද? (නදී)
අපි නම් මේ බව දැනගෙන හිටියා. ඒ වගේම අනෙක් අය ගැනත් අපි හොඳට දන්නවා.ඕකට තමයි කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා. (නි)
ඔය කළාද හාමුදුරුවනේ? අපි ඔබවහන්සේලාට ඡන්දය දුන්නා. නමුත් හොඳට මතක තියාගන්න අපේ ආණ්ඩුව පෙරළපු ඔබවහන්සේලාට නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඡන්දය දෙන්නේ නැහැ. ඒ වගේම බහුතරයක් බෞද්ධයෝ දැන් කළකිරිලා ඉන්නේ. (නි)
අනෙක් පක්ෂ නායකයන් ගැන අඬන්නේ මොකද? (නි)
කට්ටිය බොරුවට කලබලවෙලා. අවුරුදු දහයක් වල්වැදුණු රටක් මාස තුනෙන් හදන්න පුලුවන්ද? පොඩ්ඩක් ඉවසන්න. දැක්කා නේද අල්ලන්න තියන හොරකම් විතරක් කොච්චරද කියලා? (නි)
ගොඩක් අය රාජපක්ෂ වෛරයෙනුයි පහුගිය කාලයේ දේශපාලනයේ යෙදුනේ. දැන් ඒවා පළදෙනවා. (නි)
දැන් පොරොන්දු ඉටුකරන්නේ උතුරටනේ හාමුදුරුවනේ. (නි)
හැම අතින්ම බලනකල මහින්ද මහත්තයා කරන දේ කියන, කියන දේ කරන ජන නායකයෙක්. (නි)
එහෙනම් දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ? (නි)
හිතනවා නම් දුන් පොරොන්දු කඩකරලා මහා ඡන්දය දිනන්න පුළුවන් කියලා, ඒක ලොකු වැරදි වැටහීමක්. ජන.8 වෙනිදා වනවිට කවුරුත් එකතුවෙලා මහජන මතයක් ගොඩනැඟුවා. ඒක තේරුම් ගන්න අපොහොසත්වෙන්න එපා. නැවත ජනතාව පාරට බස්වන්න එපා.එහිදී වන තාඩන පීඩන ජනතාවට තනිවම විඳදරාගන්න වෙනවා. (නි)
දැන්නම් ඉතින් ඊළඟට කරන්න තියෙන්නේ රත්වූ තැටියෙන් කරවුණ රොටි කන්න තමයි (නි)
තව බොරු එපා හාමුදුරුවනේ. දැන් මේ රටේ කවුරුත් ඔබ වහන්සේගේ කතා අහන්නේ නැහැ. දැන් බොරු සෝබන එපා. වැරැද්ද පිළිගෙන මහින්ද මහත්තයා ආපසු ගෙනෙන්න (නි)
ඔය මොනවා කිවුවත් වැඩි ජනමතය තියෙන්නේ මොන පැත්තටද කියලා අපි දන්නවා (නි)
හෙළ උරුමයත් නැතිවුණා. දැන් බොරුවට අපිව රවටන්න හදන්න එපා. (නි)
දැන් දුක්වෙලා වැඩක් නැහැ හාමුදුරුවනේ. (නි)
ජනතාවගේ අනුකම්පාව ගන්න බොරු කියවනවා (නදී)
අපි කාටත් කලකිරිලා තියෙන්නේ.(හේ)
දැන් අනම් මනම් කියලා මඟහරින්න එපා. මේ වෙන දේවල් වලට උත්තර බඳින්න. (නි)
ඕකට තමයි හාමුදුරුවනේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියන්නේ (නි)
ආවේග වලට රටක් කරන්න බැහැ. (නි)
යහපාලනය හොඳ නැත්නම් ඒකටත් මිනිස්සු මහින්දට කළ විදියට සළකයි. (නි)
අශාන්, මෝඩ කතා කියන්න එපා. චෝදනා කාට කරන්න බැරිද? මට පුළුවන් අශාන් මගෙන් රුපියල් ලක්ෂයක් අරගත්තා කියන්න. ඒ වගේ තමයි. බොරු මාද්‍ය සංදර්ශන තියල මිනිස්සුන්ව මුලා කරනවා.(නදී)
ඔබ වහන්සේ කිව්වේ පිවිතුරු හෙටක් කියලනේ. අද මොකද කළකිරිලා. (නදී)
දැන් වැදී බණ කිව්වට මේ ගොල්ලොත් දැනගෙන හිටියා ඉදිරියට වෙන නස්පැත්ති. කාත් එක්ක හරි මෙයාලත් මෙගා ඩීල් එකක් කරන්න ඇති. දැන් ජනතාවගෙන් බේරෙන්න " කලකිරුණා"කියලා බණ්ඩක්කා න්‍යාය ගේනවා ලිස්සලා යන්න. (නදී)
රට බේර ගත්ත විරුවන් අමතක කරපු ශාපයම ඇති හාමුදුරුවනේ හැම දේම කණපිට පෙරලෙන්න. (නදී)
මිනිස්සු මෛත්‍රී මහත්තයට ඡන්දෙ දුන්නේ ඔබලාව විශ්වාස කරලා. දැන්වත් වරද්ද හදාගන්න මොකද දැන් වෙන ගොඩක් දේවල් අනිත් පැත්ත හරවන්න බැහැ ඔබ වහන්සේලා පවක් කරගත්තේ (නදී)
කලකිරෙන්නේ කියපු ඒවා 100% ක් තාම කරගන්න බැරිවුනා කියලනේ. හැබැයි තිබුනු එකට වඩා නම් සහස් වාරයක් හොඳයි. නමුත් මේ රජයෙන් මිට වඩා වැඩ ගන්න ඕන නිසා රජයට පිඩනයක් දෙන එක හොඳයි. (නදී)
මෙතන කමෙන්ට් කරන සමහරු හදන්නෙ කල දුටු කල වල ඉහගන්න. කල කිරුනාය කියලා ආපහු පැරදිචිච්ච අය ගෙන්නලා පරන ගැහිලි ගහන්න. ඒවට ජනතාව අහුවෙන්නෙ නැහැ. (නදී)
කලකිරුණා නම් තපසට වඩිමු. වනේ වාසේ හොඳයි අපේ හාමුදුරුවනේ. අපි නම් දැනගෙන හිටියා මෙහෙම වෙයි කියලා (දිල්)
"ජනතාවට දුන් පොරොන්දු රජය ලවා ඉටු කරවා ගැනීමට මහජන මතයක් ඇති කිරීමට කටයුතු කරන බව " ඉතාම හොද දෙයක්. මේ අයට නිකන් ලිස්සලා යන්න දෙන්න හොද නැහැ. අපි හැමෝම කරනන් ඕනෙ ඒක. එහෙම නැතුව පරණ හිටපු හොරුන්ට හොරා කන්න නැවත ගෙනනන් එක නෙමෙයි. (දිල්)
මම කිසිම හාමුදුරු නමකට අගෞරව කරන්න කැමති නැත. උඩ පැන්නොත් බිම වැටෙයි කියන එක විතරක් කියනවා.(දිල්)
කරගන්න වෙනසක් කරගන්න පුළුවන් මේ අවස්ථාවෙ විතරයි. ඒ නිසා ඒකට උපරිම ශක්තිය බලය යොදවන්න ඕනේ. රජයට හැකිතාක් බලපෑම් කරන්න ඕනේ ව්‍යවස්ථා සංශෝධනය වගේ දේවල් කරන්න. වෙන අාන්ඩුවක් ආවා කියලා මේවා කරගන්නවා නම් බොරු. (නදී)
යහපාලනය කොරගන්න බැරි වුනේ මැදමුලන රාජපක්ෂ පවුල නිසා කියා කිවොත් එ්කත් පුදුම වෙන්න කාරණයක් නොවෙයි. (නදී)
බන අහන අපිට තේරෙන දෙය බන කියන හාමුදුරුවන්ට නොතේරුන එක පුදුමයි (නදී)
කලකිරුණේ ගොඩක් ඉස්සර නේද? කලකිරුණේ ගිහි ගෙය නේද? (නදී)
හාමුදුරුවනේ, ඡන්දෙට කලින් රාජිත එක්ක එකඟ උනේ මෙහෙම කරන්න නේද? ඒ දවස් වල අයි.ටී.එන් එකේ රාජිතගේ සාකච්චාවක් පටිගත කරලා තීබිලා දැම්මා. ඒකෙ තිබුනේ ප්‍රධාන අරමුණ මහින්ද පරද්දන එක විතරයි. පස්සේ ඕන දෙයක් කරගන්න. එතකොට අපි විරෝධය දක්වල අයින් වෙනවා කියල. දැන් මේ එ්ක නේද කරන්නේ ? (නදී)
මේ පාර සිදුවෙන හැමදේටම වගකියන්න ඕන ඔබ වහන්සේ ඇතුළු හෙළ උරුමය කාටවත් ගැලවෙන්න බෑ (දිල්)
ඔක්කොම එකයි අපේ හැමදුරුවනේ. (ර)
අනේ හාමුදුරුවනේ නිකම් නොදන්නා දේශපාලන විහිලු කතා නොකියා වහාම බුදු බණට අනුව කටයුතු කොට භයානක සසරින් එතෙර වෙන්න බලන්න. සසුනට නිගා නොකොට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න. (බ)
කුමන්ත්‍රණයට හසුවී දැන් කිඹුල් කඳුළු හෙළන්න එපා හාමුදුරුවනේ (නි)
හාමුදුරුවෝ දැන් මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ? (නි)
සාදු.....සාදු සසර ගැන කල කිරුනානම් (බ)
ප්‍රශ්නයක් නැහැ හාමුදුරුවනේ.තැටිය රත්වෙලා තියෙන්නේ.දැන් තියෙන්නේ එකදෙයයි කරන්න (නි)
තාම එපාවෙන්න තරමට වැඩ සිද්ධවුණේ නැහැ. (නි)
දකුණ කළකිරුනාට උතුරට නම් හොඳ කලක් යයි නේද? (නි)
එජනිස යෙන් ඡන්දය ඉල්ලුවොත් මනාප ඡන්ද නැවත ලැබෙන්නේ නම් නැතිවෙයි (නි)
ජාතික රජයක් පිහිටුවීම සහ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට යාම අනුවණකමක් කියා මට සිතේ (නි)
අපි නම් ඕව වෙනවා කියලා කලින්ම කිවා. එතකොට මිනිස්සු ඒවා පිලිගතේ නැහැ. (ර)
ජගත්ගේ අදහසත් හොඳයි. අපිටත් ඕනෑ ජාතික ආණ්ඩුවක්. එහෙම නැතුව යු එන් පී ආණ්ඩුවක් නෙවෙයි. යු එන් පී එකෙත් ඉන්නේ ඔක්කොම හොඳ මිනිස්සු නෙවෙයිනේ. දෙපැත්තේම ඉන්න හොඳ මිනිස්සු එකතු කරලා යහ පාලන ආණ්ඩුවක් හදනවා නම් කාලෝචිත වෙයි. (නදී)
සංසාරේ ගැන විතරක් කලකිරෙන්න. දැන් තියෙන්නේ කොත්තමල්ලි ගිලන් පස එකක් යහපාලන ආණ්ඩුවෙන් ඉල්ලගෙන බණක් බාවනාවක් කරගෙන භික්ෂුත්වය රැකගෙන පන්සලට වෙලා ඉන්න. (නදී)
අපිට නම් එපාවෙලා දැන් ගොඩක් දවස්. හාමුදුරුවන්ට දැනුනේ දැන්ද හැබෑටම. හැබැයි ඔහොම කියලා ගැළවෙන්න නම් බැහැ. මේ වෙන දේවල් වලට ඔබවහන්සේත් වගකියන්න ඕනෑ. (නි)
පිළිතුරු අදහස් බැලුවම මට පෙන්නේ ගොඩක් අය මහින්ද සහ මෛත්‍රී කියන දෙපිලකට බෙදිලා කියලා. හැමෝම ඔය දෙකටම නොවේ පුරවැසියෝ වෙන්න බලන්න. (දිල්)
කළකිරිලා වැඩක් නැහැ හාමුදුරුවනේ. අපි ඔය කතාව කලින්ම කිව්වා (නි)
දැනුයි තේරිලා තියෙන්නේ. අපි නම් ඕක කලින්ම කිවුවා (නි)
අනේ හිමියනි! (නි)
දැන් තියෙන්නේ ඉදිරිය ගැන සිතා වැඩකරන්න (නි)
කළකිරෙන්න ඕනෑ සංසාරය ගැනනේ හිමියනේ (නි)
මහජන මතයක් ඇති කිරීමට ඔබත් සමඟ යන්න මිනිස්සු සොයාගන්න බැරිවෙයි කියපු කතා නිසා (නි)
මේවා මෙහෙම තමයි .රාජ්‍ය සේවය නම් අන්තිමයි.(දිල්)
අපරාදේ හොඳට තිබුණු රට අස්ථාවර කරලා දැන් බොරුවට අඬලා වැඩක් නැහැ හාමුදුරුවනේ.(දිල්)
වැරදිලා නැහැ. ආයිත් පස්සට යන්න කියලා සමහරු කියන්නේ වෙලා තිබුණු නාස්තිය පෙනුණේ නැතුව. රටේ නායකවරු අවංකයි නම් වරදින්නේ නැහැ. සුබ පතමු. (දිල්)
කරන්න ඕන දේ කලානේ (බ)
පව් අනේ! දැන්මම එපාවෙලාද? (නි)
මහින්දගේ ඡන්ද ඔයාලට නම් ලැබෙන්නේ නැහැ (නි)
දැන් ඇඟ බේරාගන්න නම් හදන්න එපා. ඉදිරියේ රටට වෙන හැම විපත්තියකටම යහපාලන අය වගකිවයුතු වෙනවා (නි)
කරන්න ඕනෑ දේ කළානේ. දැන් ඉතින් පැත්තකට වෙන්න වගෙයි හදන්නේ. (නි)
බුද්ධ පුත්‍රයන්ට මේ දේශපාලකයෝ සහ දේශපාලනය හරිහැටි තේරුම් ගැනීමට නොහැකිවීම නම් බුද්ධ දර්ශනයටත් සුලුවෙන් හරි නිගාවක් වගේ දැනෙනවා. (නි)
කලකිරෙනවා, හෙළාදකිනවා මේ වචන වලින් වැරදි හදන්න බැහැ.විශ්වාස කරන්න බැරි දේශපාලකයෝ ඔබවහන්සේ විසින් විශ්වාස කළ එක වැරදි වැඩක්. (නි)
හාමුදුරුවනේ, මේක සිංහල රට සිංහලයන්ගේ හැටි තවම දන්නේ නැද්ද.? (ර)
දැන් අපිට අවශ්‍ය එජාපෙවත් ශ්‍රී ලංකා එකවත් නෙමෙයි.ජාතික රජයක්.පක්ෂ දෙකෙන්ම හොඳ මිනිස්සු තෝරලා හංසයාගෙන් ඡන්දය ඉල්ලන්න කියන්න. එතකොට හොඳ මිනිස්සු ඉන්න ජාතික ආණ්ඩුවක් ඉබේම හැදෙනවා. (නි)
අපිටත් කලකිරිලා ඉන්නේ. (ර)
සසර කළකිරිලා නේද හාමුදුරුවනේ මහණවුණේ? (නි)
දයාවති, හාමුදුරුවෝ කලකිරුනට ආපහු පරන තත්වෙට නම් යන්නෙ නැහැ. (ර)
පිවිතුරු හෙටක්? ඔහොම යද්දී අපි සියල්ලටම අඳුරු හෙටක් ගැන බලාපොරොත්තු තැබිය හැකිවේවි (නි)
රුක්ෂාන්, සලකන්න පුළුවන් වෙලාව එනකොට කෝච්චිය ගිහිල්ල ඉවරයි. (ර)
ඔබ වහන්සේට තරම් බුද්ධිමත් මොළයක් මට නැතිවුණත් මට නම් ඕක තේරුනේ හුඟක් කලින් හාමුදුරුවනේ (නි)
කලින් හිටිය කම්බ හොරු ටික හැමතැනම ඉන්නවා (නදී)
ඔබ වහන්සේ විතරක් නෙමෙයි, යහපාලනයට දර දිය ඇදපු අපි ඔක්කොමත් ඉන්නේ කණස්සල්ලෙන්! කළකිරීමෙන්. (නි)
බොරු සුජාත බවක් පෙන්නගෙන ඡන්දෙට ආවට ඒ හැම කෙනෙක්ම කාලයක් රට කාපු අය. එහෙම නැත්නම් රට කාපු අයත් එක්ක දීග කාපු අය. දැන් සිල් අරන් රහත් වෙලා වගේ හිටියට හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට තියෙයි.(නදී)
බටලන්දේ රනිල් දැන් ඉන්න ඕන කූඩුවේ හරි ගහේ හරි නමුත් එයා අගමැති ජවීපෙත් එයාට කඩේ යනවා හැමෝටම ඕනකම තිබුනේ කොන්ද පන තියෙන මහින්ද ඉවත් කරගෙන පන නැති එකෙක් උඩට ගේන්න . උතුර නැගෙනහිර ඡන්ද වලින් දිනා ගත්ත නිසා එහෙට වැඩි සැප මහින්දට දකුණේ ජනතා බලය වැඩි නිසා මහින්ද එන එක නවත්වන්න පුළුවන් හැමදේම කරනවා (බ)
අවුල් හවුල් වලට වැඩි ආයුෂ නැහැ හාමුදුරුවනේ (නි)
එපා හිමියනි වඩින්නට තව කටු කොහොල්ප්රි මාවතේ ... ඔරුව ඇදුනේ.. මකර කටටයි නැවත ගැලවීමක් නැතේ...රනිල් මහත්තයා වසර ගානක් දීපු පොරොන්දු එයාලගේ කට්ටියට ඉටු කරමින් යනවා... හකීම් මහත්තයත් ...නැගෙනහිරට දීපු පොරොන්දු ටික ..සම්බන්දන් මහත්තයත් ඩයස්පෝරාවේ පොරොන්දු ටික ඉටු කරමින් යනවා...කුණු සොයන්නම දින සීය මදි නේද ?හිමියනි......අපේ වල අපිම කපාගන්න දිනය වැඩි ඈතක නෑ... අපේ උරුමය කොහොම වුනත් කරුමයනම් ළංවෙන බව පේනවා..... (බ)
කලකිරෙන්න ඕනේ නෑ පෘතග්ජන මිනිස්සුන්ගේ හැටි ඔහොම තමා. (ර)
අපි කලින්ම කිව්වෙ ඕක තමා. කරන්න බැරි තරමේ පොරොන්දු ගොඩක් දීල චන්දෙ දිනුවට ඒවා ඉටුකරන්න බැරි වෙනකොට කට්ටිය වෙන් වෙනවා (බ)
භික්ෂුත්වය රැකගෙන රාජ රාජ මහා අමාත්‍යාදීන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරගෙන බණක් භාවනාවක් කරගෙන හිටියා නම් මේ මොකුත් නැහැනේ! පාරාජිකා සියල්ලටම අසුවන පාර්ලිමේන්තු මන්ත්‍රීකමකුත් අරගෙන දැන් පසුතැවිලා වැඩක් නැහැ (නි)
තාමත් මහින්ද වගේ එකෙකුට කඩේ යන මෝඩයෝ ඉන්නවනේ,අනේ මන්දා ,මහින්ද හොරා ආයේ නැතිව ඕනි එකක් (බ)
දැන් නැව ගිලිලා අවසානයි අපේ හාමුදුරුවනේ! (නි)
බුදුරජාණන්වහන්සේ පෙන්වපු මැණික් වෙනුවට ඔබ එකතු කළේ ගොමරිටි. (බ)
මේ වුණා මදි හාමුදුරුවනේ. ලෝකයක් වටිනා මහින්ද මහතා පරාජය වුණා. (නි)
මොනවා කිවුවත් පොදු මහජනයාගෙන් නම් බේරෙන්න වෙන්නේ නැහැ (නි).
කාගෙන් සමාවක් ලැබුණත් අපෙන් නම් ගැළවීමක් නැහැ. (නි)
මේ ගැන ඔබවහන්සේ තීන්දු තීරණ ගන්නට පෙර සිතා බලන්නට තිබුනා නොවෙද? (නි)
අපේ හාමුදුරුවනේ ඕකනේ රාජිත මහත්තයගේ කතාවේ තිබුනේ අපි ඕනදෙයක් කරන්න ඔබවහන්සේලාට විරුද්දවෙන්න එතකොට ප්‍රශ්නේ ඉවරයි කියල. ඔබවහන්සේ මේ කරන්නේ ඒ රගපෑමක් නේද? (බ)
මේක අපේ රට. හිටපු ජනපති මහින්ද එ්ක බේරගත්තා. අද ඒ රට බෙදුනොත් එයට ඔබ වග කිව යුතු වෙනවා. (බ)
දේශපාලන පාට කණ්ණාඩි දාගෙන ඉන්න බුද්ධියක් නැති බුද්ධිකගේ පදනම් විරහිත මඩ කමෙන්ට් සම්බන්ධව මාගේ විරෝධය මා පළකරනවා (බ)
මම නම් දැනගෙන හිටියා මෙහෙම වෙයි කියලා (නි)
රතන හිමියනි, බණ, භාවනා කර සසර කෙලවර කරගන්න. වෛරීය දේශපාලනය කරන්න එපා (නදී)
හාමුදුරුවනේ, දැන් ඉතින් මොකද කරන්නේ? (නි)
අනිච්චේ දුක්කේ (නදී)
ඒකනේ අපි කලින්ම කිව්වේ. තව ඉස්සරහට තව තව කළකිරෙන දේ වේවි. කළ කළ දේ පළ පළ දේ කිව්වලුනේ. දැන් නහයෙන් අඬලා වැඩක් නැහැ (නි)
මිනිසුන්ට සුරඟන කතාකියලා දැන් වැළපුනාට වැඩක් නැහැ (නි)
මොනවා උනත් මහින්ද මහත්තය රට බේරලා දුන්නා. එතුමාට හැමදාටමත් අපේ උත්තමාචාරය. හැබැයි එහෙම උනා කියල හොර කමට, තක්කඩි දේශපාලනයට, එක්තරා කොටසකට පමණක් රටේ සම්පත් හිතු මනාපේ භුක්තියට, මෝඩ අායෝජන වලට, කැලේ නීතියට, එ්කාදිපති පාලනයට කොහෙත්ම ඉඩක් නොදිය යුතුයි. ඔබ වහන්සේලාගේ මැදිහත්වීම රටේ පැවැත්මට අවශ්‍යයි. අද රටට අවශ්‍ය කරනුයේ රජ පරම්පරාවක් නොව යහපත්, ආදර්ශමත්, බුද්ධිමත්, නොනැමෙන රටට ආදරේ කරන නායකයෙකි (නදී)
කවුරුත් බලය ගන්නතුරු බොරු පොරොන්දු දෙන බව අපේ හාමුදුරුවෝ දන්නෙම නැද්ද? මහින්ද මහත්තයා බැරි පොරොන්දු බාරගත්තේ නැත්තේ ඕකටනේ. (නි)
දැන් මොනවගේ ක්‍රියාමාර්ගයක් ගනීද දන්නෙ නැහැ (නි)
කළකිරෙන්න එපා. ඔබවහන්සේටත් ඉදිරි කාලයේදී සියල්ල වැටහේවි (නි)
බුද්ධික ඔබ අපහාස කරන්නේ ඔබේ දරුවන්ට ඔබට නිදහසේ මර බියක් නැතුව ජිවත් වෙන්න රටක් හදා දුන් උතුමෙකුට බව අමතක කරන්න එපා.
දැන් ඉතින් ප්‍රමාද වැඩි නැද්ද? (නි)
නම විතරක් බුද්ධික වුනාට මදි. (නදී)
ඔබවහන්සේත් අර පසුගිය දිනවල කතාවුණා වගේ රොටි පුච්චාගෙන කන්නද හිටියේ. දැන් ඉතින් කරගත්තදේට මොනවා කරන්නද? (නි)
මම නම් කියන්නේ රනිල් මහත්තයා හරි. මැතිවරණයට පිවිසෙන්න ඔබ නිවැරදි ලෙස. ඔබ දිනනවා ස්ථිරයි (නි)
මොලේ හොඳ නැති මිනිසුන්ට නම් මහින්ද හොරෙක් වගේ පේනවා ඇති .(දිල්)
මගේ අදහස නම් මෙවැනි අදහස්වලට ජනමාධ්‍යයෙන් ඉඩක් නොදිය යුතුයි.(දිල්)
අපිටත් දැන් මේ ගැන කලකිරිලා තියෙන්නේ.(හේ)
තැටිය රත්වෙලා තියෙන්නේ හාමුදුරුවනේ. දැන් තියෙන්නේ හෙට උදාවෙන පිවිතුරු හෙට දෙස බලාගෙන ඉන්න.තමන්ට අයිති නැති, තමන්ට ඡන්දය නොදුන් 58 ලක්ෂයක ජනමතය ඉවත දා නිර්පාක්ෂිකයි කී අය කරන කියන දෑ පිළිබඳව ඔබවහන්සේ විරුද්ධව වදනක් පිටනොකරන්නේ ඇයි? ඔබවහන්සේලා පොරොන්දු වූ සුරංගනා ලෝකය බිහිකරන්න ආවා නම් මෙසේ වෙයිද? තාම වුණේ නැහැ හාමුදුරුවනේ. ඔබවහන්සේලාගේ පිවිතුරු හෙටේදී අපි අපේ ආදරණීය අප්පච්චි එක්ක නැවත එනවා ඔබවහන්සේලාට අමතකවුණ දේවල් මතක් කරලා සඟවාගත් හෘද සාක්ෂිය අවදි කරවන්න. (නි)
අනේ හාමුදුරුවනේ, දැන් ඉතින් අපි මොනවද කරන්නේ? (නි)
ඕකට අපේ සිංහල ජනවහරේ නම් හොඳ කියමනක් තිබෙනවා (නි)
පක්ෂ ඉදිරි මහා මැතිවරණයේදී හොරුන්ට නාමයෝජනා නොදිය යුතුයි. එසේ දුන්නොත් ඒ පක්ෂ ජනතාව ප්‍රතික්ෂේප කළයුතුයි. කෙසේවෙතත් කැබිනට් ඇමතිධූර ගණන 35 ට නොවැඩි වියයුතුයි (නි)
බලාගන්නවා කිවුවා නේද? දැන් ඉතින් මොකද කරන්නේ? (නි)
රතන හාමුදුරුවෝ නින්දෙන් අවදිවුණා වගේ.අපේ කියන මිනිසුන් අතට මේ රටේ ආණ්ඩු බලය ගියදාසිටම දුන්නේ බොරු, කළනොහැකි පොරොන්දුමයි. දැන් ඉතින් කෑගැහුවට වැඩක් නැහැ. (නි)
ඔබවහන්සේලා ඉතා තද විශ්වාසයකින් කියපු නිසා අපි මෛත්‍රීට ඡන්දය දුන්නා. ඔබලාගේ දින කාලසටහනින් පිට පනිනකොටම ජනතාව තේරුම් ගත්තා අපි ගත් තීරණය වැරදියි කියලා. ඔබවහන්සේලගේ අවංක චේතනාවෙන් මෙම නායකයින් ප්‍රයෝජන ගත්තා නේද? මෙම වැරදි හදාගැනීම ඡන්දයකට පෙර සිදුවිය යුතුයි. (නි)
ඔබවහන්සේට තවම බැරිවුණානේ මේ අය ගැන තේරුම්ගන්න?? (නි)
රනිල් මහතා නියම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ජාතික ආණ්ඩු නෙමෙයි අවශ්‍ය. මහජන මතය විමසා බලන එකයි වැදගත් වෙන්නේ (නි)