( ජුඩ් සමන්ත)
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ අටවැනි සහ නව වැනි සැතපුම් කණුව අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ගමන් කරමින් තිබූ මෝටර් රථයේ යතුරු පැදියක් ගැටීමෙන් සමෘද්ධි නියාමකවරියක් තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
රතන හිමියන් ගමන් ගත් මෝටර් රථය තවත් වාහනයක් පසු කර යාමට උත්සාහ කරන විට ඉදිරියෙන් ගමන් කරමින් තිබූ යතුරු පැදියේ පිටුපස ගැටී ඇති බව පොලීසිය කියයි. අනතුරින් පසුව ඒ සමගම පැමිණ වෙනත් වාහනයක නැගී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පිටත්ව ගොස් ඇති අතර අනතුර සිදුවන විට රතන හිමියන්ද වාහනයේ සිටි බවට රියදුරු පොලීසියට පවසා තිබේ.
මෝටර් රථය සහ එහි රියදුරු අත්අඩගංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකද යහපාලනය... කියලා කියන්නේ කතාව දෝලාවෙන් හැබැයි ගමන පයින් සතුටුද දැන් ?
කවුරු වුණත් වාහනෙන් බැහැලා අනතුරට පත්වූ කෙනාගේ සුව දුක් විමසලා අවශ්‍යනම් ඒ වාහනයකින්ම රෝහල් ගතකරන්න අවශ්‍ය කටයුතු සිදුවිය යුතුයි...
අනේ වෙන හාමුදුරුනමක් මේ කාර් එකේ ගියානම් තුවාල කරුවාට ප්‍රතිකාර කරයි... නේද?
සසර ගමන කෙටිකරගන්න රතන හාමුදුරුවෝ මේ කාන්තාවට ප්‍රතිකාර කරන්න ඇති....
වාහනේ රියදුරාගේ වැරැද්දට හාමුදුරුවෝ කුමක් කරන්නද? සසර ගමනයි, යහපාලනෙයි මොනවද මේ ගැලපීම්...
හාමුදුරුවනේ,...ඔබ වහන්සේ රියදුරු නොවුණත්, අනතුරට පත්වූ කෙනා ගැන සොයාබලා රෝහල් ගතකිරීම නේද විය යුතුව තිබුනේ?
හැප්පුණු කාන්තාව රෝහලට ගෙන යන්න ඕනේ නිසා උන්නාන්සේ වෙන වාහනයක යන්න ඇති.