18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීති විරෝධී බැවින් ජනාධිපතිවරණයට නියම සුදුස්සා තමන් බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ජාතික හෙළ බොදු ජනතා පක්ෂයේ නායක රත්න බණ්ඩාර ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද නිශ්ප්‍රභ කළේය.
18 වැනි සංශෝධනය සම්මත කළ පාර්ලිමේන්තුවේ සිටි සියලු දෙනා ජනාධිපති ධුරයට නුසුදුස්සන් බැවින් ඉදිරි වසර දෙක සඳහා තමනට ඒ පදවිය ලබා දිය යුතු බව ඔහුගේ පෙත්සමේ සඳහන් විය.
පෙත්සම නිශ්ප්‍රභ කළ පසු අධිකරණයෙන් පිටතට පැමිණි බණ්ඩාර මහතා කීවේ ජාත්‍යන්තර අධිකරණයට යෑමට බලාපොරොත්තු වනබවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා රත්න බණ්ඩාර මැතිඳුනි! (ස)
මේ කවුද? මෙයා මොනවද මේ කියන කතා? (නි)
අනේ මන්දා මේ මිනිසුන්ට පිස්සුද කියලා (නි)
අනේ මෙහෙමත් පිස්සෝ, මෙයා ලංකාවෙද නැත්නම් වෙන කොහේද දන්නෙ නෑ. (ස)
ජාත්‍යන්තර අධිකරණයට ? දවල්ද ...? (නදී)
මෙයා ළඟදී මානසික රෝහලක එහෙම ඉඳලා නිදහස් කලාද? (හේ)
මේ මැතිවරණ වලට ඉල්ලන අයට ඡන්දෙ දෙන අපි දොස්තර කෙනෙක් හමුවිය යුතුයි. එක්කෝ අන්තිම මොහොතේ ඉල්ලා අස්වෙනවා. නැත්නම් වරදාන ලබාගන්නවා. (නි)
මෙයාගේ වයස එහෙම කොහොමද දන්නේ නෑ.(හේ)
මෙයාව යවන්න අංගොඩ.(හේ)
ඔය වියදන් කරන සල්ලි වලින් ඇප තියලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නකෝ.(හේ)
පසුගිය ජනාධිපතිවරනෙදි සිද්ධාලේප උන්නැහෙත් මේ වගේ කතා කිව්වා (නදී)
මේ මනුස්සයව හොඳ මානසික දොස්තර කෙනෙකුට පෙන්විය යුතුමයි. තව ඉස්සරහට මොනා කරාවිද දන්නේ කවුද. (නදී)