
(යොහාන් භාසුර)
ඩුබායි සිට පැමිණි ගුවන් මගියකුගේ ගමන් මලුවල තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පැවසීය.
කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන 35 හැවිරිදි අදාල පුද්ගලයා කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී පරීක්‍ෂා කිරීමේ රත්තරන් කම්බි ලෙස සකස් කර බඩු මලු තුනක සඟවා තිබියදී සොයාගත් බවත් එම රත්තරන්වල වටිනාකම රුපියල් මිලියන 43 කට අධික බවත් රේගුව කියයි.
ගුවන් තොටුපළ රේගුව අදාල රත්තරන් තොගය රාජසන්තක කර රුපියල් ලක්ෂ 12 ක දඩයක් පනවා අදාල පුද්ගලයා නිදහස් කළ බව ද රේගුව වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd