වැසි නොලැබීමෙන් බිබිලෙ රතුගල ආදිවාසි ගම්මානයේ ළිං හිඳී ගොස් ඇති නිසා ගම්වාසීහු ජලය සොයා නිල්ගල වනාන්තරය මැදින් ගලා යන රඹකැන් ඔයට එති.
ඔයේ ද ජලය සිඳී ගොස් ඇති අතර තැනින් තැන එක් රැස්වූ වතුර ඇත.
රතුගල ප්‍රාථමිකයේ සිසුහු බීමට ජලය සොයා දිනකට තුන් හතර වතාවක් රඹගැන් ඔයට එති.
වනාන්තරයේ සිටින අලින්, වළසුන් ආදී සතුන් ද දිය සොයා එතියි රතුගල ආදිවාසී නායක සුදා වන්නිලඇත්තෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අසරණ මිනිසුන් වෙනුවෙන් බලදාරීන්ගේ ඇස් ඇරෙන්නේ නැද්ද ? (නදී)
අපි ඒ ලස්සන ගැමි පරිසරය දකිනවා. ඒ අහිංසක මිනිස්සු එහි තියන කටුක බව විදිනවා.(නදී)
ගහකොළ කපලා, පරිසරය විනාශ වෙනකොටත් බැටකන්න පළමුවෙන්ම වෙන්නෙත් නැති,බැරි අහිංසක මිනිසුන්ටයි (නි)
මේ අහිංසක දරුවන්ට යන කල දවසක් ගැන හිතන්නත් අමාරුයි. කෝ මේ අපේ ශ්වේත වස්ත්‍රධාරී අධ්‍යාපන ඇමතිතුමා? ඇසළ පෝයට පවත්වන්න යන පෙරහරට සහභාගී කරවනවා කියන ශිෂ්‍යයින් 16 ලක්ෂයට මේ පින්තුරයේ ඉන්න දරුවොත් ඉන්නවාද? (නදී)
මෙය මොනතරම් සුන්දර ගමක්ද? (නි)
ඉස්සර මං ගිය පාසැල ඇරිලා... පුංචි පැටවු පෙරහැරෙ එනවා... හේවිසි ගහගෙන හූ හඬ දීගෙන,ලන්ද පුරා දුව පැන එනවා.... ගහකොළ සෙළවී ඔහු දෙස බැලුවා.... බිම් මල් හිනැහී හිස වැනුවා... ඒ දඬුමංකඩ තිත්ත පැටවු රැළ.... ඔහුගේ සුවඳට ඉව කෙරුවා... (නි)
වතුර ටිකක් නොලැබෙනකොට මිනිසුන් මොනතරම් නම් අසරණ වෙනවද? (නි)