සාහසිකයකුගේ වෙඩි පහරින් මිය ගිය රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ අවමගුල හික්කඩුවේදී අද (29) මහා ජනකායක් මැද්දේ පැවැත්විණි.
අවමගුල් පෙරහර රත්ගම ප්‍රාදේශීය සභාවේ සිටි ඔහුගේ නිවසේ ගෙවත්තේ පිහිටි සොහොන්බිම කරා ගමන්කරද්දී සජින්ද වාස් ගුණවර්ධන මහතාට අයත් කුඩා ගුවන් යානයකින් සුදු මල් විසිරැවිණි.
50කට ආසන්න මහා සංඝරත්නය පාංශුකූලය දීමට වැඩම කර සිටියහ. ඇමැතිවරුන්වන පියසේන ගමගේ, රාජිත සේනාරත්න, හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන, සබරගමු මහ ඇමැති මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සජින් ද වාස් ගුණවර්ධන මහත්වරුද පැමිණ සිටි අය අතර වූහ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පෙරදින පැමිණියේය. හිටපු ජනපතිගේ ශෝක පණිවිඩය නාමල් රාජපක්ෂ මහතා අද ඉදිරිපත් කළේය. මෙන්ඩිස් මහතා සිය ගෙවත්තේදී මහජනයා හමුවූ කොට්ටම්බා ගස මුල ඔහුගේ සිරුර මිහිදන් කෙරිණි.
ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු හොඳ මනුෂ්‍යයෙක්! (නි)
උඩින් මල්ම තමා දාන්න වටින්නේ.(හේ)
ගමට දෙවියෙක් වගේ මිනිහෙක් . මිනිස්සුන්ට වැරැද්දක් කරලා තියෙනවනම් මෙහෙම මිනිස්සු මහමග වැළපෙනවාද ,පෞද්ගලික ප්‍රශ්නයක් නිසා පාතාලේ නම වැටුනට. පොඩි මිනිස්සුන්ගේ දුක දන්නා මනුස්සයෙක් . දන්නේ නැති අය බොරුවට දේශප්‍රේමින් වෙන්න හදනවා. (ම)
වයධම්මා සංඛාරා! නිවන්සැප ලැබේවා! (බ)
ඔබට නිවන්සුව ලැබේවා (බ)
මිනිසෙක් මැරීම ශිෂ්ට සම්පන්න සමාජයක් අනුමත කරන්නේ නෑ. එත් මේ පුද්ගලයා කව්ද මොනවද කළේ කියල මුළු දකුණු පළාතම දන්නවා .ඒවාට උදව්කළ දේශ පාලුවෝ බලලෝභිත්වය වෙනුවෙන් අපරාද වලට මේ මිනිස්සුන්ව පාවිච්චි කළා. ඒවාට ප්‍රති උපකාර විදියට මේ අයට ඕනෑම අපරාධයක් ජරා වැඩක් කරලා සමාජයේ යහතින් වැජඹෙන්න ඉඩ දුන්නා.අද මිනි උඩට මල් ඉහළා මේ කරන්නේ ඊළඟ සමාජ විනාශයේ ආරම්භය සඳහා අලුත් පුරුක් නිර්මාණය කිරීම . මැරුණු කෙනාට වඩා මේකෙන් පාඩු උනේ ඒ අලුගුත්තේරු දේශපාලුවෝ ටික දෙනාටයි. අනේ අපොයි අපේ රට (බ)
සුරන්ජිත් , ඔබ නිවැරදියි.මෙරට දේශපාලනයේ සුදු-කළු මිනිසුන් නොමැත. (ස)
හැම ජීවිතයකම පොදු දෙයකි මරණය. ඒත් වැදගත් නේනේ ජීවත් වෙන කෙටි කාලය තුළ සමාජයේ අපි හැසිරෙන ආකාරයයි. අප බොහෝ දෙනාට තියෙන අසීමිත ආශාවල් ඒ දේවල් ටු කර ගැනීමට අපි නොයෙකුත් උත්සාහ ගන්නවා. රටක පාලන තන්ත්‍රෙය් බලයක් එක්කෙනෙකුට ලැබුනොත් ඔහු සිතන්නේ ඔහුගේ සියල්ල සාර්ථක වූ බවයි. ඔහු ජනතාවගේ පැත්ත දකින්නේ අඩුවෙන්. කාලයත් සමග බලයෙන් ඇස් අන්ද වෙලා තමන් කරන කියන දේ නොදනී. අවසානයේ ඉතිරි වෙන්නේ දුකකි. මීට වඩා පැවසීම පලක් නැහත. කෙසේ වෙතත් ඔබට නිවන් සුව පතමි. (ස)
ලංකාවේ ගරු බුහුමන් ලබන්නනම් මැර කම් ජඩ කම් කරන්න ඕන කියන පණිවිඩය ලොකුවටම දෙනවා.ලංකාව හදනවා කියන දේශපාලකයොයි, වැඩ කළා කියන දේශපාලකයොයි මෙතන ඉන්නවා. හිටපු ජනාධිපති ඇවිත් ගිය.එටකොට මේ මිනිස්සු රටවැසියා වෙනුවෙන්ද පෙනී ඉදල තියෙන්නේ.තනිකරම මැරයන් වෙනුවෙන්. සාමාන්‍ය මින්සුන්ට මේක තේරෙන කම් ලංකාව ගොඩ යාමක් නම් නැත. (ස)