රත්ගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස්ට වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට පොලිසිය අත් අඩංගුවට ගැනීමට සිටි අරුමාහන්දි ජනිත් මධුෂංක ද සිල්වා නොහොත් පොඩි ලැසී නීතිඥවරයකු මාර්ගයෙන් අද (31) කළුතර මහේස්ත්‍රාත් උසාවියට බාර විය.
මහේස්ත්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා ඔහු අප්‍රේල් 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරමින් ඔහු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
තම ජීවිතයට තර්ජනයක් එල්ලවී ඇති නිසා අධිකරණයට බාරවන බවට ඔහු දිවුරුම් පෙත්සමක්ද ඉදිරිපත් කළේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙරද හික්කඩුව පොලිසිය විසින් සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරික යුවළ ඝාතනයේ සැකකරුවෝද කළුතර උසාවියට බාරවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd