ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රදීප් සඳරුවන් සේනාධීරට චෝදනා ගොනු කර නැති හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර නොහැකි බව ඉන්ටපොල් පොලිසිය දන්වා ඇතැයි රහස් පොලිසිය ගම්පහ උසාවියට පැවසීය.
රිවිර පුවත් පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකොන්ට පහර දුන් බව කියන නඩුවේ සැකකාර උදලාගමගේ ඡායාරූපය හදුනා ගැනීමේ පෙරට්ටුවට පෙර වෙබ් අඩවියේ පළ කළැයි ද එමගින් අධිකරණයට අපහාසයක් වූ බව ද කියමින් සඳරුවන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය ගිය මාසයේදී ආගමන විගමන පාලකට නියෝග කළාය.
අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවේ සදහන් ලිපිනයේ ප්‍රදීප් සදරුවන් සේනාධීර නොමැති බව ද අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් නීතීඥ චන්ද්‍රිකා ජයදේවි අමරසිංහ මහත්මියට දැනුම් දුන්නේය.
උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බවත් එහි ප්‍රගතිය වාර්තා කිරීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් රහස් පොලිසිය වැඩිදුර වාර්තාව මගින් ඉල්ලා සිටියේය. අප්‍රේල් හත් වැනි දාට නඩුව කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේෂ්ඨධිකරණයට අපහාස කළ පුද්ගලයෙකු නියමිත දඬුවම් කාලයෙන් මුදාගෙන මැතිසබයේ ඉහළම ඇමතිකමක් පිරිනමා පසුගිය ආණ්ඩුව දුන් ආදර්ශය මිනිසුන්ගේ උප විඥානයට කිඳා බැසීම වළක්වන්න අපහසුයි. එය විවිධ අවස්ථාවල, විවිධ පුද්ගලයින් අතින් පුනරුච්චාරණය වෙන්න ඉඩ තියෙනවා. (නි)
ඉරණම කුමක් වේවිද දන්නේ නැති නිසා අදහස් ලියන්න බයයි. (නි)
ඒක හොඳයි . ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම කාගේ කාගේත් කිල්ලෝට වල තියන හුණු එළියට එයි . (හේ)
යකාට බය නම් සොහොනේ ගෙවල් හදයිද?(හෙ)
නීතිය ක්‍රියාත්මක කිරීමේදී සඳරුවන්ට පමණක් විශේෂ වරප්‍රසාද තිබිය නොහැකියි .(හේ)
අයියෝ සල්ලි?
අපි සියළු දේ නිශ්ශබ්දව බලාසිටිමු (නි)
අනේ අපි නම් මේවට මොකුත්ම කියන්නෙ නැහැ (නි)
අධිකරණය අධිකරණයම හෑල්ලු කරගන්නවා වගෙයි අපිට නම් පෙනෙන්නේ! (නි)