ඇතැම් රාජ්‍ය නිලධාරීන් රටේ ජනාධිපතිගේ උපදෙස් ක්‍රියාත්මක නොකරන තත්වයට පත්වී රජය ජනතාව අපහසුතාවයට ලක් කරන තත්වයක් උදා වී ඇතැයි ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහානායක හිමියෝ පවසති.
මෙහි සත්‍යතාවය දඹුල්ල පුජා භූමි සංවර්ධන යෝජනාව ක්‍රියාත්මක කරන අයුරින් පෙනෙතියි මහා නායක හිමියෝ කියති.
දඹුල්ල පුජා භූමිය වසර තිහක් අතරමග නැවතී ජනතා උද්ඝෝෂණයක් ඇතිවී අවාසනාවන්ත තත්වයකට පත්වීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් මැදිහත් වී ලබන වෙසක් පෝ දිනට පෙර එහි සංවර්ධන කටයුතු අවසන් කරන ලෙස රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දුන්නද එය මෙතෙක් ඉටු කිරිමට අපොහොසත් වී ඇතැයි නා හිමියෝ කියති.
ඒ දෙදෙනා ගැන ලොකු විශ්වාසයක් ඇතත් නිලධරයන් ඒ විශ්වාසය නැතිකරතියි මහා නා හිමියෝ කියති.
දඹුල්ල පුජා භූමි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ජනතා උද්ඝෝෂණයක් ආරම්භකැර අප්‍රේල් මාසයට වසරක් සපිරෙන දාට දඹුල්ල නගරයේ යළිත් පෙරදා සිදු වු අවාසනාවන්ත තත්වයට වඩා දරුණු තත්වයක් ඇති කිරීමට ඉඩ නොතබන ලෙස ඒ හිමියෝ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ඒ කතාවනම් විශ්වාස කරනවා (දී)
රතු ඉර පනින විදිහට වැඩ කරන්න එපා (දී)
හරියට වැඩ කළා නම් ඉවරයිනේ (දී)
මමත් කියනවා ඒ කතාව (දී)
අනේ මන්දා මේවා! අපිට මේවට මුකුත් කියන්න බැහැ. (නි)
දැන් සිංහලයගෙ ඉරණම ඕක තමා. (නි)
අයියෝ සල්ලි (දී)
මුදල් රෙගුලාසි හා ආයතන සංග්‍රහය කියල දෙයක් තියනවා කියලත් දැනගත යුතුයි. (නි)
ඇත්ත (දී)