SAN_5067-cover

 

‘‘එය පවුලක් අතර ප‍්‍රශ්නයක් ඇති වූ මොහොතකි. දෙදෙනෙකු අතරට පැමිණි ඒ තෙවැනියා නිසා මීළඟට වෙන්නෙ මොකක්ද?’’
කි‍්‍රස්ටි ෂෙල්ටන් රූපවාහිනියට ගෙනා රතු අහස ටෙලිනාට්‍ය නරඹා ඔබට ඒ ගැන දැන ගත හැකිය. ඒ රතු අහසට පෑයූ තනි තරුව වන්නී ඇයයි. ඇය හිමාලී සිරිවර්ධනයි. රතු අහස හැඩකරන හිමාලි සඳැල්ල සමග එක් වූ මොහොතකි මේ. 

 

dh
button හිමාලි කොහොමද මේ චරිතයට ලැබෙන ප‍්‍රතිචාර?
ස්වාමියා සහ පෙම්වතා අතරට මැදි වූ මේ චරිතයට ලැබෙන්නෙ හොඳ ප‍්‍රතිචාර. දරුවෙක් සිටින ඇයට ඒ සියලූ වටපිටාව හරහා හැඟීම් ප‍්‍රකාශ කරන්න තිබුණා. ඉතින් ඒක ඇත්තටම හොඳ චරිතයක්. මම ආසාවෙන් රඟපෑ චරිතයක්. වෙනස් තේමාවක්. නාමලී ජයසිංහගේ හොඳ රචනයක්.

 


button ඔබට මැදි වූ අනෙක් දෙදෙනා.
චන්න පෙරේරා සහ ධනංජය සිරිවර්ධන.

 


button මේ හැර වෙනත් චරිත මොනවද?
නිලංජනා චිත‍්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. දෙරණ විකාශය වූ ස්වර්ණපාලී චරිතයට තවමත් හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නෙ.  කාලයකින් රඟපෑ හොඳ මෙගා නාට්‍යයක්. ඒක රජ කතාවක්. මට සටන් කරන්නත් තිබුණා.

 


button හිමාලී ඔබ නර්තන ශිල්පිනියක්. වඩා කැමැති රංගනයටද? නර්තනයටද?
මේ කාලයේදී නම් රංගනයට කැමතියි. නමුත් මේ අවුරුද්දටම තෝරා ගත්තෙ එක නාට්‍යයයි. හොඳම ඒවාට මම ආසයි. ඒත් මේ අවුරුද්දෙ මට තෘප්තිමත් විය හැකි හොඳම චරිත ලැබුණෙ නැහැ.
වෘත්තීය ලෙස කරන්නෙ සුපුරුදු පරිදි නර්තන කණ්ඩායම පවත්වාගෙන යනවා. අලූතින් අද නර්තන කණ්ඩායම් ගොඩාක් බිහිවෙලා. නමුත් අපට එදා වගේම ඉල්ලූම තියෙනවා.

 


button ඇයි ඉල්ලූමක් ඇති වෙන්න හේතුව?
හැමදාම වගේ වෙනස් දේ කිරීම නිසයි. ඇත්තම කිව්වොත් අපි අඩු මුදලට නටන්නෙ නැහැ.

 


button කොහොමද විවාහ ජීවිතය?
හොඳින් ගලාගෙන යනවා.

 


buttonගෙවී ගිය ඒ ජීවිතය ගැන හැෙඟන්නෙ කොහොමද?
අද සමාජය දෙස බලද්දී විවාහය පවත්වාගෙන යාම ගැටලූවක් වෙලා. නමුත් මගේ මහත්තයා මම කාර්ය බහුල වුණාම ඒක තේරුම් ගත්තා. එයා මොන වෙලාවකදීවත් එය ප‍්‍රශ්නයක් කර ගත්තෙ නැහැ. අවුරුදු 6 ක් අපි දෙන්නා විවාහ ජීවිතයට අරුතක් දුන්නා.

 


button විවාහ වන යුවළකට ඔබ ලබා දෙන පණිවුඩය?
මම මගේ නර්තන වටපිටාවත් එක්ක වැඩිපුර ගැවසෙන්නෙ ගැහැණු ළමුන් එක්කයි. එතැනදී මම දකින දේ වෙන්නෙ ගැහැණු ළමුන් හරි ඉක්මණට පෙම්වතුන් සොයා ගැනීමයි. ඒ සොයා ගත්ත ඉක්මණ වගේම ඊටත් එහා ඉක්මණින් ඔවුන්ව අත්හරිනවා. මම හිතන්නෙ බාහිර පෙනුම නිසා එහෙම වෙනවා ඇති. බාහිර පෙනුමට වඩා කතා කරලා තේරුම් ගන්න කෙනෙක් තමයි වැදගත් වෙන්නෙ. නැතිනම් විවාහ වෙලා ජීවිතය ගෙවන්න අමාරුයි. තමුන්ට, තමුන්ගෙ තත්ත්වයට වයසට ගැලපෙන කෙනෙක් තමයි තෝරා ගන්න  ඕනෑ. විවාහය හරියට සූදුවක් වගෙයි. හරියන්නත් පුළුවනි. වරදින්නත් පුළුවනි. ඒ නිසා හරියන දේ කරන්න ගැහැණු ළමයා වග බලා ගන්න  ඕනෑ.

 


button ක්ෂේත‍්‍රයේදී මේ දක්වා ඔබ ඔබගේ සීමාව රැුකගෙන හිටියෙ කොහොමද?
ඇත්තම කිව්වොත් බාහිරව යෝජනා, ආමන්ත‍්‍රණ එන්නෙ අපි කතා කරන විදිය සහ හැසිරෙන විදිය එක්කයි. ඒ නිසා අපටම අපි සීමාවක් දා ගත්තොත් කිසි ප‍්‍රශ්නයක් නැහැ. එතකොට අපි සීමාව ගැන දන්නවා.

 

SAN_5126
buttonවිවාහ වී සිටියදීත්, සමහර පිරිමි යෝජනා එහෙම ගෙනෙනවා නේද?
සමහරු කෙලින්ම කියන්නෙ නැහැ. මම කවුද? මොනවද කරන්නෙ? කියන වටපිටාව ගැන දන්නවනෙ. නමුත් එහෙම කවුරුවත් අපෙන් අහලා නැහැ. මොකද අපි හැසිරෙන විදිය අනුව තමයි හැමදෙයක්ම වෙන්නෙ. හැමෝම වගේ අපි එක්ක හිතවත්.

 


button මේ ආපු ගමන ගැන අද හිතෙන්නෙ කොහොමද?
මොන විදියට හෝ ලැබුණු අවස්ථා අඩුයි කියලයි හිතෙන්නෙ. කොච්චර දක්‍ෂ අය සිටියත් වෙන වෙන හේතු නිසාදෝ අවස්ථා නොලැබෙන්නෙ කියලත් හිතෙනවා. රූගත කරන දින ගණනට ගෙවන ගාණට අනුව චරිතයට ගන්නවද මන්ද. චිත‍්‍රපටයක් වෙතින් ලොකු දෙයක් කරන්න පුළුවන් කියන අදහස් තියෙනවා. යම්තාක් දුරකට හෝ නිලංජනා චිත‍්‍රපටයට විතරයි දායක වෙන්න ලැබුණෙ. ඒ හිස්තැන ගැන දුකක් තියෙන්නෙ.

 


button ඔබ යන සෑම තැනකම අක්කාව එක්කගෙන යනවා. ඇයි ඒ?
අක්කා තමයි මගේ හෙවනැල්ල වුණේ. අද මම යම්කිසි තැනක ඉන්නවා නම් ඒ අක්කා නිසයි. එයා මට දෙවැනි අම්මා වුණා.

 

 

sadun-gamage