IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රතු අහසේදී චන්නටයි-ධනංජයටයි මැදිවූ හිමාලි

SAN_5067-cover

 

‘‘එය පවුලක් අතර ප‍්‍රශ්නයක් ඇති වූ මොහොතකි. දෙදෙනෙකු අතරට පැමිණි ඒ තෙවැනියා නිසා මීළඟට වෙන්නෙ මොකක්ද?’’
කි‍්‍රස්ටි ෂෙල්ටන් රූපවාහිනියට ගෙනා රතු අහස ටෙලිනාට්‍ය නරඹා ඔබට ඒ ගැන දැන ගත හැකිය. ඒ රතු අහසට පෑයූ තනි තරුව වන්නී ඇයයි. ඇය හිමාලී සිරිවර්ධනයි. රතු අහස හැඩකරන හිමාලි සඳැල්ල සමග එක් වූ මොහොතකි මේ. 

 

dh
button හිමාලි කොහොමද මේ චරිතයට ලැබෙන ප‍්‍රතිචාර?
ස්වාමියා සහ පෙම්වතා අතරට මැදි වූ මේ චරිතයට ලැබෙන්නෙ හොඳ ප‍්‍රතිචාර. දරුවෙක් සිටින ඇයට ඒ සියලූ වටපිටාව හරහා හැඟීම් ප‍්‍රකාශ කරන්න තිබුණා. ඉතින් ඒක ඇත්තටම හොඳ චරිතයක්. මම ආසාවෙන් රඟපෑ චරිතයක්. වෙනස් තේමාවක්. නාමලී ජයසිංහගේ හොඳ රචනයක්.

 


button ඔබට මැදි වූ අනෙක් දෙදෙනා.
චන්න පෙරේරා සහ ධනංජය සිරිවර්ධන.

 


button මේ හැර වෙනත් චරිත මොනවද?
නිලංජනා චිත‍්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. දෙරණ විකාශය වූ ස්වර්ණපාලී චරිතයට තවමත් හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නෙ.  කාලයකින් රඟපෑ හොඳ මෙගා නාට්‍යයක්. ඒක රජ කතාවක්. මට සටන් කරන්නත් තිබුණා.

 


button හිමාලී ඔබ නර්තන ශිල්පිනියක්. වඩා කැමැති රංගනයටද? නර්තනයටද?
මේ කාලයේදී නම් රංගනයට කැමතියි. නමුත් මේ අවුරුද්දටම තෝරා ගත්තෙ එක නාට්‍යයයි. හොඳම ඒවාට මම ආසයි. ඒත් මේ අවුරුද්දෙ මට තෘප්තිමත් විය හැකි හොඳම චරිත ලැබුණෙ නැහැ.
වෘත්තීය ලෙස කරන්නෙ සුපුරුදු පරිදි නර්තන කණ්ඩායම පවත්වාගෙන යනවා. අලූතින් අද නර්තන කණ්ඩායම් ගොඩාක් බිහිවෙලා. නමුත් අපට එදා වගේම ඉල්ලූම තියෙනවා.

 


button ඇයි ඉල්ලූමක් ඇති වෙන්න හේතුව?
හැමදාම වගේ වෙනස් දේ කිරීම නිසයි. ඇත්තම කිව්වොත් අපි අඩු මුදලට නටන්නෙ නැහැ.

 


button කොහොමද විවාහ ජීවිතය?
හොඳින් ගලාගෙන යනවා.

 


buttonගෙවී ගිය ඒ ජීවිතය ගැන හැෙඟන්නෙ කොහොමද?
අද සමාජය දෙස බලද්දී විවාහය පවත්වාගෙන යාම ගැටලූවක් වෙලා. නමුත් මගේ මහත්තයා මම කාර්ය බහුල වුණාම ඒක තේරුම් ගත්තා. එයා මොන වෙලාවකදීවත් එය ප‍්‍රශ්නයක් කර ගත්තෙ නැහැ. අවුරුදු 6 ක් අපි දෙන්නා විවාහ ජීවිතයට අරුතක් දුන්නා.

 


button විවාහ වන යුවළකට ඔබ ලබා දෙන පණිවුඩය?
මම මගේ නර්තන වටපිටාවත් එක්ක වැඩිපුර ගැවසෙන්නෙ ගැහැණු ළමුන් එක්කයි. එතැනදී මම දකින දේ වෙන්නෙ ගැහැණු ළමුන් හරි ඉක්මණට පෙම්වතුන් සොයා ගැනීමයි. ඒ සොයා ගත්ත ඉක්මණ වගේම ඊටත් එහා ඉක්මණින් ඔවුන්ව අත්හරිනවා. මම හිතන්නෙ බාහිර පෙනුම නිසා එහෙම වෙනවා ඇති. බාහිර පෙනුමට වඩා කතා කරලා තේරුම් ගන්න කෙනෙක් තමයි වැදගත් වෙන්නෙ. නැතිනම් විවාහ වෙලා ජීවිතය ගෙවන්න අමාරුයි. තමුන්ට, තමුන්ගෙ තත්ත්වයට වයසට ගැලපෙන කෙනෙක් තමයි තෝරා ගන්න  ඕනෑ. විවාහය හරියට සූදුවක් වගෙයි. හරියන්නත් පුළුවනි. වරදින්නත් පුළුවනි. ඒ නිසා හරියන දේ කරන්න ගැහැණු ළමයා වග බලා ගන්න  ඕනෑ.

 


button ක්ෂේත‍්‍රයේදී මේ දක්වා ඔබ ඔබගේ සීමාව රැුකගෙන හිටියෙ කොහොමද?
ඇත්තම කිව්වොත් බාහිරව යෝජනා, ආමන්ත‍්‍රණ එන්නෙ අපි කතා කරන විදිය සහ හැසිරෙන විදිය එක්කයි. ඒ නිසා අපටම අපි සීමාවක් දා ගත්තොත් කිසි ප‍්‍රශ්නයක් නැහැ. එතකොට අපි සීමාව ගැන දන්නවා.

 

SAN_5126
buttonවිවාහ වී සිටියදීත්, සමහර පිරිමි යෝජනා එහෙම ගෙනෙනවා නේද?
සමහරු කෙලින්ම කියන්නෙ නැහැ. මම කවුද? මොනවද කරන්නෙ? කියන වටපිටාව ගැන දන්නවනෙ. නමුත් එහෙම කවුරුවත් අපෙන් අහලා නැහැ. මොකද අපි හැසිරෙන විදිය අනුව තමයි හැමදෙයක්ම වෙන්නෙ. හැමෝම වගේ අපි එක්ක හිතවත්.

 


button මේ ආපු ගමන ගැන අද හිතෙන්නෙ කොහොමද?
මොන විදියට හෝ ලැබුණු අවස්ථා අඩුයි කියලයි හිතෙන්නෙ. කොච්චර දක්‍ෂ අය සිටියත් වෙන වෙන හේතු නිසාදෝ අවස්ථා නොලැබෙන්නෙ කියලත් හිතෙනවා. රූගත කරන දින ගණනට ගෙවන ගාණට අනුව චරිතයට ගන්නවද මන්ද. චිත‍්‍රපටයක් වෙතින් ලොකු දෙයක් කරන්න පුළුවන් කියන අදහස් තියෙනවා. යම්තාක් දුරකට හෝ නිලංජනා චිත‍්‍රපටයට විතරයි දායක වෙන්න ලැබුණෙ. ඒ හිස්තැන ගැන දුකක් තියෙන්නෙ.

 


button ඔබ යන සෑම තැනකම අක්කාව එක්කගෙන යනවා. ඇයි ඒ?
අක්කා තමයි මගේ හෙවනැල්ල වුණේ. අද මම යම්කිසි තැනක ඉන්නවා නම් ඒ අක්කා නිසයි. එයා මට දෙවැනි අම්මා වුණා.

 

 

sadun-gamage



අදහස් (0)

රතු අහසේදී චන්නටයි-ධනංජයටයි මැදිවූ හිමාලි

සරා Wednesday, 13 May 2015 03:12 AM

"සඳගලතැන්න සඳා" මම තාම ඒ චරිතයට ගොඩක් ආදරෙයි (නි)

:       0       0

වසන්ත Friday, 15 May 2015 10:25 AM

වෙනත් නිළියන්ගේ නැති කුමක්දෝ වෙනසක් ඔබගේ තියෙනවා. මං හිතන්නේ රූමත්කම, නර්තන හැකියාව වගේ දේවල් එක්ක දක්ෂකම කියන එක ඔබගෙන් වැඩියෙන් ඉස්මතු වෙනවා. චරිතයක තිබිය යුතු තාත්වික බව ඔබගේ චරිත නිරූපන වල නිරායාසයෙන් ඉස්මතු වෙන එක තමා ඔබේ වෙනස. අවස්ථාවන් ලැබිල නෑ කියලා ඔබ කිවුවට ලද අවස්ථාවන්ට ඔබ උපරිම සාධාරණය කරලා තියෙනවා. නිතර පෙන්න ගත්තහමත් අගය අඩු වෙනවා. ඒ නිසා ඔබ ඔය ඉන්න තැන ගොඩක් හොඳයි. (හේ)

:       0       0

සංදීප් Tuesday, 12 May 2015 12:01 PM

ඇය රංගනයට සහ නර්ථනයට දක්ෂයි.(හේ)

:       0       0

කුමාරි Tuesday, 12 May 2015 01:38 PM

ඇත්තටම රතු අහස නාට්‍යයේ ඔයා දක්ෂ විදියට රඟපානවා. ඔයාගේ බිනරි වගේ නාට්‍ය මම බලලා තියනවා. ඔයා කවදත් චරිතයට උපරිම සාධාරණයක් කරනවා. අනාගතයට සුබ පතනවා. තෙරුවන් සරණයි! (නි)

:       0       0

කුමාරි Wednesday, 13 May 2015 08:52 AM

සොඳුරු වසන්තේ, සුවඳ දැනුනා ජිවිතේ චිත්‍රපටවල රඟ පෑමත් හොඳයි. (බ)

:       0       0

කෙවින් Wednesday, 13 May 2015 10:55 PM

ඔබ දක්ෂයි. (නි)

:       0       0

ප්‍රියානි වීරකෝන් Monday, 18 May 2015 09:03 AM

නර්ථකයට ගායනයට උපන් හපන් ඇති කලාකාරියක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site