තමා කිසිදවසක පාවාදීම් සිදුකර පියාගේ නාමයට අවමන් නොකරන බවත් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැතිවරයා ලෙස පත් කිරීමට සෑම සහයෝගයක්ම ලබාදෙන බවත් හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද මතුගමදී පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ මතුගම එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවේදීය.
මතුගම එජාප ආසන සංවිධායක ජගත් පින්නගොඩ විතාන මහතා විසින් මතුගම ශ්‍රවණාගාරයේ සංවිධානය කල එම අවස්ථාවට පූජ්‍ය දඹර අමිල හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය ද හිටපු අමාත්‍යවරුන් වන පාඨලි චම්පික රණවක, රාජිත සේනාරත්න, අජිත් පීි පෙරේරා, පළාත් සභා මන්ත්‍රීවරුන් වන පීඩී අබේරත්න නිශාන්ත වර්ණසිංහ, කිත්සිරි කහටපිටිය යන මහත්වරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විශාල පිරිසක් හා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්වූහ.
මෙහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා පසුගිය 26 සිට මේ මොහොත වනතුරුත් ජනාධිපතිවරයා විසින් ගන්නා සියලු තීන්දුව තීරණ නීති විරෝධී බවත් ,ඒ සෑම අවස්ථාවකදීම ගත් තීන්දුව මේ වනවිටත් නීතියේ අභියෝගයට ලක්වී පරාද වෙමින් තියෙන බවත් පැවසීය
තමාට දස වතාවක් අගමැති කම දෙන්න කතා කල බවත් කරූ ජයසූරිය මහතාටද එසේ කතා කරත් දෙදෙනාම එය ප්‍රතික්ෂේප කර බවත් පැවසු ප්‍රේමදාස මහතා මේ නිසා තමාතුල අගමැතිවරයා වීමේ බලාපොරොත්තු නැතැයි කිසිවිටෙකත් නොසිතන ලෙසද වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවද්ද ඒ නම කීර්තිමත් ලෙස මෙරට ඉතිහාසයේ තිබුනේ?
ජනාධිපති කියන විදිහට රනිල් තමයි ප්‍රේමදාසට, ජේ.ආර්. ට, ඩඩ්ලිට අවමන් කරලා තිබෙන්නේ... ඉතින් ඔබ රනිල්ව රකිනවා නම් ඔබ ඔබේ පියාට අවමන් කරනවා වෙනවා.
ආසයි, බයයි...
හලෝ ඔබේ පියත් රට පාලනය කලේ කොහොමද කියලා අපිට හොඳට මතකයි.
අවමන් කොරන්න දෙයක් ඉතිරි වෙලා නොමැත.
ආසයි ඒත් බයයි ද?
මෙතුමා රටටවත් පක්ෂයටවත් ආදරයක් තියෙන කෙනෙක් නොවෙයි.
මෙතුමා මහ රජා මෙන් බොර දියේ මාළු බාන්න කැමති නැත.
රට හදන්න පුළුවන් ඔබට පමණයි..
ඔහුගේ හිතට එකඟවම ඔහු දන්නවා.. ඔය තනතුරේ තියන බරපතලකම...
අනේ යන්න. එදා ඕක නිසා අන්තිමේදී පණ බේරගන්න ඇතැම් අය ගියේ ඉන්දියාවට පැනලා ගිහින් ඉතින්.. තව කුමන කතාද?
ඔබතුමා පමණයි අපේ බලාපොරොත්තුව.. ඔබතුමාට ජයවේවා !!!
හා හා... මල්ලියේ ... පරිස්සමින් අපි නොදන්න ඔහෙගේ පියා... හිතන්න එපා මිනිස්සු ඔක්කොම මැරිලා ඉපදිලා ඉන්නේ කියලා හොඳේ...
අවමන් වෙච්ච කෙනෙක්ගේ තව මොනවා වෙන්නද?
ඔබ අගමැති ධුරය ගත්තයි කියල කොහොමද පියාගේ නාමයට අවමන් වෙන්නේ? ඇත්තටම ඔබ නායකත්වය ගන්න බයයි. කවදා හෝ ඔබට නායකත්වය ලැබෙනවිට පක්ෂය දියවෙලා ඉවරයි.
අවංකවම කියනවා නම් එම යුගයේ ජපානයට ගිය ගුවන් යානා වල මගීන්ට වඩා වැඩිපුරම ගුවන් ගතවුනේ ජයකොඩි මස්සිනාගේ මල් කියලා අමතක කරන්න මනස ඉඩදෙන්නේ නැත්තේ ඇයි දෙයියනේ?