වැලිඔය සම්පත් නුවර රණවිරු ගම්මානයේ ඉදි කළ තාවකාලික නිවාස 52ක් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා විසින් ප්‍රධානය කැරිණි.
එක් සෙබළකුට පර්චස් අසූවක ඉඩමක් ද, ස්ථිර නිවාසයක් ද ලැබිණි.
යාං ඔය නිම්නයේ පිහිටි වැලිඔය තිස් වසරක්ම කොටි ප්‍රහාරයන්ට නිරන්තරයෙන් ලක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මායිම් ගම්මාන වල මිනිස්සු තවමත් දුක් විදිනවා. (නි)
මෙවැනි නිවාස ව්‍යාපෘති හැකිතාක් දුරට මහල් නිවාස ලෙස සාදා ඉතිරි භුමිය සාමුහික වගා කටයුතු සහ කර්මාන්ත ශාලා සඳහා යොදා ගත යුතුයි. (දී)
රණ විරුවන්ට තාවකාලික නිවාස දීල අම්බලම් වල වගේ තියන්නේ නැතිව හොද පහසුකම් තියන ස්ථිර නිවාස කුඩාවට හරි හදල දුන්න නම් තමයි හොද. මේ අය නිසා තමයි අපි අද පාරක හරි මරණ බය නැතුව බැහැල යන්නේ. (දී)
ඒ තාවකාලික, ඔය පැත්තේ පුළුවන් ටරම් අපේ සිංහල අය පදිංචි කරන්න ඕනේ (දී)
රණ විරුවන් වෙනුවෙන් කරන ලද මහඟු සත් කාරය කළගුණ දැක්වීමක්.ලැබුන ඉඩම් කැබැල්ල නිසා කෘෂි කර්මයක් හෝ කර ගැණීමට අවස්තාවක් ලබාදීම ලොකු පුණ්‍ය කර්මයක්! (දී)
වැලිඔය විතරක් නෙවෙයි, යාපනය, කිලිනොච්චිය, මඩකලපුව, තොප්පිගල, පුනරීන්, අක්කරේපත්තු, කල්මුනේ ඔය කොටි ගුහා තිබුන හැමතැනමත්. ජිහාඩ් ගුහාවල් බිහිවෙන්න පුළුවන් හැමතැනමත් අපේ රණවිරුවන්ට ගෙවල් හදල දෙන්න ඕනේ නොමිලේ. නැත්නම් වෙන්න අන්තගාමීන් එක තැනකට එකතුවෙලා නැවතත් රට යුද්දෙකට ගෙනියන එක. ඒ වගේම නරකද අර යාපනේ අසරණවෙලා ඉන්න සිංහල ජනතාවටත් තම තමන්ගේ ඉඩකඩම් නැවත ලබාදීල ගෙවල් හදල දෙනවනම්. මොකද මෙච්චර කාලයක් කලේ දෙමල මුස්ලිම් ජනතාවට විතරනේ. අපේම රටේ අද අපි අසරණ වෙලා කියල මට හිතෙනවා.(නදී)
ඇයි මේ තාවකාලික නිවාස දෙන්නෙ.(නදී)
දෙනවා කිව්වට දෙන්නේ නැතුව පිළිවෙලක් ඇතුව දුන්නනම් නේද හොඳ මෙතන අදහස් දාල තියෙන අය කියනවා වගේ.දුෂිත දෙසපාලුවන්ට සැප කාර් සුපිරි නිවාස දෙන එකේ.අපේ රණවිරුවන්ට කුඩාරම් හදල දෙන්න ලජ්ජා නැද්ද? (අ)